තේ වලටත් කනකොකා හඩනවා.......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ වලටත් කනකොකා හඩනවා.......

    මගේ තාත්තත් ගොවියෙක්. එයාගෙ ප්‍රධාන ජීවනෝපාය වුනේ තේ වගාව. පහුගිය අවුරුදු 40 ඇතුළෙ අමු තේ දළු වල මිල අස්වාභාවික විදියට උච්චාවචනය වුන එකේ ප්‍රතිඵලයක් විදියට තාත්තට ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් කම්කරුවෙක් විදියටත් වැඩ කරන්න සිද්ධ වුනා. එහෙම වුනේ පවුලෙ එකම ආදායම් මාර්ගය වුන තේ වගාවෙන් පවුලක් නඩත්තු කරන්න බැරි වුන නිසා.

    මං උඩදි කිව්වෙ පරණ කතාවක්. ඒත් අද මම ගමට ගියාම ඒ මගේ පරණ කතාවට සමාන කතා දහස් ගණනක් අද වෙද්දිත් ඒ පොළොවෙ ඒ විදියටම ලියවිලා තියෙනවා ඇස් දෙකෙන්ම දැක්කා.

    වාර්ථාවලට අනුව තේ කර්මාන්තය කියන්නෙ වසරකට ලංකාවට රුපියල් බිලියන 250 ක විතර විදේශ විනිමයක් ලබාදෙන ඉන්ඩස්ට්‍රි එකක්. රැකියාවල ගුණාත්මක භාවය සහ කම්කරු අයිතිවාසිකම් කොයිතරම් දුරකට ආරක්ෂා වෙලා තියෙනවද කියන එක ගැන ගැටළු තිබුණත් මගේ දැනුමට අනුව තේ කර්මාන්තය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය මිලියනයකට ආසන්නයි.

    තේ ගැන කතා කරද්දි විශාල ප්‍රමාණයේ වතු, කර්මාන්තශාලා, Tea Brands විතරක් අපේ ඔලුවට ආවත් ඒ දැවැන්ත ව්‍යාපාරිකයො ඉන්ඩස්ට්‍රි එකට දක්වන දායකත්වයට සමාන හෝ ඊට වඩා වැඩි දායකත්වයක් මම කලින් කියපු කුඩා තේ වතු හිමියන්ගෙනුත් ලැබෙනවා.

    තේ ගස් එක්ක හැප්පෙන මේ කුඩා තේ වතු හිමියන්ගේ ජීවිත හරිම කටුකයි. මම මේ ගැන කලිනුත් ලිව්වා. කෙටියෙන්ම කිව්වොත් මේ පිරිස ජීවත් වෙන්න දහඩිය, කඳුලු විතරක් නෙමෙයි දිනපතා ලේ හලන මිනිස්සු පිරිසක්. කූඩැල්ලෙක් දැක්කම බයේ කෑමොර දෙන මිනිස්සු ඉන්න රටක මේ මිනිස්සුන්ව හැම දවසකම කූඩැල්ලො කීප දෙනෙක්ගෙ ගොදුරක් බවට පත් වෙනවා. එතනින් එහාට විෂ සහිත සත්තු ගැවසෙන, තමන් හිටගෙන ඉන්න පොළොව තමන්ටවත් නොපෙනෙන තැනක දවසම ගතකරන්නත් සිද්ධ වෙනවා.

    මේ බාහිර ප්‍රශ්න වලට වඩා බරපතළ සමාජ ප්‍රශ්න ගොඩකුත් මේ අයගෙ ජීවිත ඇතුළෙ තියෙනවා. ඒක වෙනමම කතා කලයුතු ඉතාම සංකීර්ණ මාතෘකාවක්.

    ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන ගමන් රටට විදේශ විනිමයක් ගේන්න වැඩ කරන මේ පිරිසට පහුගිය අවුරුදු 40 -50 ක ඉතිහාසය තුළ ආපු කිසිම ආණ්ඩුවක් සාධාරණයක් ඉටු කරල නැහැ. අවම වශයෙන් ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න වලටවත් දිගු කාලීන විසඳුම් ලබාදීලා නැහැ. සහනාධාර කෙසේ වෙතත් ඔවුන්ගේ නිශ්පාදනවලට සාධාරණ සහ ස්ථාවර මිලක් ලබා දෙන්න රජය අසමත් වෙලා තියෙනවා. වර්ථමාන ආණ්ඩුව කාලෙ විතරක් නෙමෙයි, පහුගිය දශක කීපය තුළම මේ පිරිස දිගින් දිගටම අසාධාරණයට ලක් වුනා.

    මේ ප්‍රශ්න දිගටම මේ විදියට තියෙද්දි පැවතුණු හැම රජයක්ම කරේ මේ අය කබලෙන් ලිපට ඇදල දාන්න වැඩ කරපු එක. මුලින්ම ඉංදියාවෙන් බාල (Low Quality) තේ ආනයනය කරලා ලංකාවෙ හොඳ තේ එක්ක මිශ්‍ර කරලා සිලෝන් ටී නමින් අපනයනය කරන්න පටන් ගත්තා. ඒ තක්කඩි වැඩේ මාට්ටු වුනාට පස්සෙ අපේ තේ වලට තිබුණ ඉල්ලුම සෑහෙන මට්ටමකින් අඩු වුනා. අපිට තිබුණ මාර්කට් ශෙයාර් එක කෙන්යාව වගේ තේ වලට අලුත් රටවල් අතට ගියා.

    මේ වෙද්දි ඒ අර්බුදයම ඊට් වඩා බරපතළ තැනකට තල්ලු වෙලා. අද වෙද්දි වියට්නාමයෙන් Bulk Tea ආනයනය කරලා ලංකාවෙ තේ එක්ක පනහට පනහ (50:50) මිශ්‍ර කරලා ප්‍රතිඅපනයනය කරන්න රජය අනුමැතිය දීලා තියෙනවා. අද වෙද්දි ගොවියන්ට අමු තේ දළු කිලෝවකට ලැබෙන මුදල තීරණය කරන්නෙ මේ කියන මාෆියා එක. මාස කීපයකට කලින් අමු තේ දළු කිලෝවකට ලැබුණු මුදල රුපියල් 100 ක්. ඒත් පහුගිය මාසෙ වෙද්දි ඒක රුපියල් 70 කට අඩු වෙලා. ජූලි මාසෙදි ලැබෙන මුදල ගැන අද වෙද්දිත් (මාසෙ මැද) කිසිම ගොවියෙකුට අදහසක් නැහැ.

    තේ කියන්නෙ ලංකාවට ගැලපෙන බෝගයක් ද ? මේ ඉන්ඩස්ට්‍රි එක අපිට ගැලපෙනවද ? තේ වගාව සහ පරිසර අර්බුදය වගේ දේවලුත් සාකච්ඡා කරන එක වැදගත්. ඒත් මේ වෙද්දි අපි මුහුණ දීල ඉන්න ප්‍රායෝගික ගැටලුවට විසඳුම් හොයන එක රජයට මගහැරිය නොහැකි වගකීමක්.

    මේක ගොවියො එකට එකතුවෙලා තමන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන්න ඕන වෙලාවක්. ඒත් මේ වෙද්දි ඇත්තටම සිද්ධ වෙන්නෙ එක එක දේශපාලඥයන්ගෙ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් මේ අහිංසක ප්‍රජාව කෑලි වලට කඩලා නැවත නැවතත් පහත් විදියට පාවිච්චි කරන එක.

    බිම් මට්ටම ගැන පැහැදිලි අවබෝධයක් තියෙන සැබෑ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් රටේ තිබුණනම් මේ නිශ්චිත ප්‍රශ්නය/ තත්වය ලංකාවෙ දේශපාලනයෙ හැරවුම් ලක්ෂයක් විදියට ඉතිහාසගත වෙන්නත් ඉඩ තිබුණා.....

    බුකියෙන් ගත්ත එකක්.... ඒත් කනගාටුදායක ඇත්ත කතාවක්.....
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔය ටිකමයි ගම්මිරිස් වලටත්... JVP එකෙන් ඒකට දුන්න වැඩේ....
    දේසපාලුවෝ මේ රට අපේ ඇස් පනාපිටම කනවා...
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය ටිකමයි ගම්මිරිස් වලටත්... JVP එකෙන් ඒකට දුන්න වැඩේ....
    දේසපාලුවෝ මේ රට අපේ ඇස් පනාපිටම කනවා...

    අනේ මන්ද බන්... කෘෂිකර්මයට වෙනම ඇමතිවරුත් ඉන්නවා.... මේව උන්ට දැනෙන්නෙවත් නෑ.... ගම්මිරිස්වලට උනු දේ තේ වලට සිද්දඋනොත් ඉතින් සොරිම තමයි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    • Like
    Reactions: sanoka

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meken wenne podi goviyata kela welama yana eka loku ekata kisima aulak wenne na



    UNP anduwak ne eka nissa mewa balaporothu wenna one rate inna 5% gana withrak hithana anduwakain wena monawa balaporoththu wenada?.
     
    • Like
    Reactions: jayanathek

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒත් පහුගිය මාසෙ වෙද්දි ඒක රුපියල් 70 කට අඩු වෙලා. ජූලි මාසෙදි ලැබෙන මුදල ගැන අද වෙද්දිත් (මාසෙ මැද) කිසිම ගොවියෙකුට අදහසක් නැහැ.
    .

    බුකියෙන් ගත්ත එකක්.... ඒත් කනගාටුදායක ඇත්ත කතාවක්.....


    Mona 70 da ban? 60wath ganne na!!:no::yes:
     
    • Like
    Reactions: jayanathek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් සුපර්මාකට්වල තියෙන සිලෝන් ටී දැන් කටේ තියන්න බෑ....... පොල්කොළ තම්බලා වගේ............... ඒ රහමයි එන්නේ කෙන්යා, ඉන්දියා වල තේ වලත්, මට මුල්කාලේ හිතාගන්න බැරිව හිටියේ, පස්සේ ආරංචිවුනා සොට් එක දීලා කියලා ඒකටත්.:baffled:



    සිංහලු කියන්නේ මහ කාලකන්නි ජාතියක්. කන බොන දේටත් කෙළවන, තමුන් හම්බුකරන් කන දේටත් කෙළවන ඒකෙන්ම වඳ වෙන මහ සක්කිලි ජාතියක් :eek::eek:


     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් සුපර්මාකට්වල තියෙන සිලෝන් ටී දැන් කටේ තියන්න බෑ....... පොල්කොළ තම්බලා වගේ............... ඒ රහමයි එන්නේ කෙන්යා, ඉන්දියා වල තේ වලත්, මට මුල්කාලේ හිතාගන්න බැරිව හිටියේ, පස්සේ ආරංචිවුනා සොට් එක දීලා කියලා ඒකටත්.:baffled:

    Lipton Ceylonta ටී බෑග්ස්වලත් ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ. :rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    පිටරටින් ගේනවා කියන්නේ කොමිස් තමා ඉතින්...විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් නේ රටේ ඉන්නේ....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lipton Ceylonta ටී බෑග්ස්වලත් ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ. :rolleyes:
    :yes::yes:ලංකාවේ ෆැක්ට්‍රියකින් ගන්න තේකොල වල කොලිට් එක, එහෙමත් නැත්නම් පොඩියට තේකොල හදන තැන් වල තියෙන කොලිටි එකට තේ එකක් බොන්න ලංකාවෙන්ම තේකොළ ගෙන්නගන්න වුනා. :dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    :yes::yes:ලංකාවේ ෆැක්ට්‍රියකින් ගන්න තේකොල වල කොලිට් එක, එහෙමත් නැත්නම් පොඩියට තේකොල හදන තැන් වල තියෙන කොලිටි එකට තේ එකක් බොන්න ලංකාවෙන්ම තේකොළ ගෙන්නගන්න වුනා. :dull:

    මම ගන්නේ තේ කුඩු පැකට් නෙවි (මේවට මොන ජරාවල් දානවද දන්නේ නැහැ). වේලපු තේ කොළය පිටින් තියෙන එක. ලංකාවේ එක නියමයි. ටික වෙලාවක් යනවා තේ පැහැය එන්න. රස නියමයි (කහට තේ වලට වඩා වෙනස්, මුල් දවස්වල් නම් අප්පිරිය හිතුන. එත් දැන් තේරෙනවා උසස් තේ රසය එහෙමයි කියල ). එත් ප්‍රමිතිය ගැන සැහීමකට පත් වෙන්න බැහැ. පොඩි ගලක් හම්බ උනා. යට කලි කැඩිච්ච කුඩු වෙච්ච තේ දළුත් තියනව.

    tea-pouch-500x500.jpg
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඩුබයි වල ඉන්න උන් වටවල අරන් බීලා බලපන්
    වටවල අයිති එකාගෙ අම්මට හුකවන්න හිතෙනවා ඒ ගූ රසට
    අම්මට හමන්නන්න ඕන තේ වලට බාල තේ කලවන් කරන උන්ගෙ