තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.

    අපි ඉපදෙද්දිම අම්මා කවුද තාත්තා කවුද, ඉන්න ඕනේ පැල්පතේද රජ මැදුරෙද, පන්තිය මොකද්ද, ඉස්කෝලේ යන්න ඕන කී වසර වෙනකං ද කියලා තීරණය වෙනවා. ඒ වුණාට අපි උපන් විදිහටම මැරෙන්න ඕන නෑ. අම්මා තාත්තා වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන්නේ අනිත් දේවල් හොද විදිහට වෙනස් කරගන්න. ඔය ඕන තරම් දුප්පත්ව ඉපදෙන අය පෝසත් වෙන්නේ, පෝසත්ව ඉපදෙන අය රටටම ණය වෙලා මැරෙන්නනේ.

    එකපාරටම මෙහෙම කියන්න ලොකූ හේතුවක් තියෙනවා. ලෝකේ විශාලම ප්‍රජාතන්ත්‍ර වාදය හිමි රටේ අයිතිය තේ වෙළෙන්දෙක්ට හම්මබ වෙලා. හෙට අනිද්දට රටම නිල වශයෙන් එයාට ලියලා දෙන්න ලෑස්තියිලු. මොකද උඩ බිම බලන්නේ ඇයි මේ කතාව ආරංචි වුනේ නැද්ද කලින්.

    පහුගිය දවස්වල තිබුණ ලෝග් සභා මැතිවරණයෙන් ජය ගත්තේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි. ඉතිං ඔහු ගැනයි අපි මේ කතා කරන්න ගත්තේ. ඉන්දියාවේ අළුත් අගමැතිවෙන මෝඩි ගැන ලංකාවේ අපි දැන ගන්නම ඕන කරුණු මේ..

    1 - මෝඩි ඉපදුනේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රන්තයේ දුප්පත් තේ වෙළෙන්දෙක්ගේ පුතා විදිහට. ඒ හින්දම අවුරුදු 10 ඉදලා දුම්රිය නැවතුම් පොලවල තේ විකුණනන්න මෝඩිට සිද්ධ වුණා.
    2 - ඉන්දියාවේ තියෙන අඩු වයස් විවාහ යටතේ මෝඩිව අවුරුදු 18 දි ගැහැණු ළමයෙක්ට විවාහ කරලා දුන්නේ බලෙන්. ඒත් මෝඩි කසාද බැදලා දවස් 5ක් යන්න කලින් ඒ ගැහැණුළමයව දාලා පැනලා ගියා. ඔහු තාම ඒ විවාහයෙන් දික්කසාද වෙලා නෑ. ඒ ගැහැණු ළමයා දැන් විශ්‍රාමික ගුරුවරියක්.
    3 - මෝඩි නිර්මාංශ ආහාර ගන්න කෙනෙක්. ඒ වගේම හින්දු භක්තිකයෙක්.
    4 - ඉන්දියාවේ 14 වෙනි අගමැතිවෙන මෝඩි 1984න් පසුව මැතිවරණයකදී අපේක්ෂකයෙක් ලබා ගත් ඉහලම ප්‍රතිශතය වාර්ථා කරා.
    5 - දිල්ලි වැසියන් කවදත් කොන්ග්රාස් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරත් මෙවර මෝඩි නිසා භාරතීය ජනතා පක්ෂයට මනාපය දුන්නා.
    6 - මෝඩි කියන්නේ ව්‍යාපාර සංවර්ධනය පිළිබද මනා දැනුමක් ඇති කෙනෙක්.
    7 - මෙවර මැතිවරොණයේ කාන්තා හිංසන, කාන්තා අයිතිය පිළිබදව විශේෂ අවධානයක් ලබා දුන් එකම නියෝජිතයායි.
    8 - තාක්ෂණයට ඉහල කැමැත්තක් මෝඩිට තියෙනවා. මේ වෙද්දිත් ඔහුට Twitter ගිණුමක් තියෙනවා. මිලියන 4කට අධික පිරිසක් එහි මෝඩි සමග සිටිනවා.
    9 - ඉන්දියාවේ ඉන්න එකම මුස්ලිම් හිතවාදියා ඔහුයි. 2002 දී සිදුවුණ මුස්ලිම් සංහාරය නිසා ඉන්දීය රජය ප්‍රසිද්ධියේ විවේචනය කළේ මෝඩි විතරයි.
    10- මෝඩිගේ තරම් කටක් ඉන්දියාවටම නෑ. ඔහුගේ කටින් එක වචනයක් අහන කෙනෙක් ඔහු වෙනුවෙන් බෙල්ල වුණත් කපා ගනීයි. ඒහෙම කිවුවම ඔබට තේරෙනවනේ ඔහුගේ චතුරබව.

    ප්‍රන්ත අමාත්‍ය ධූරයේ ඉදලා එකපාරටම ලෝග් සභා මැතිවරණයට ඉදිරිපත් වුණ ගමන් වැඩිම ප්‍රතිශතයකින් මෝඩි දිනුවේ කොහොමද කියලා දැන් තේරෙනවානේ. ඔන්න ඔය නිසයි අපිත් කියන්නේ, දුප්පත් වෙලා ඉපදුන එකට ලැජ්ජා වෙන්න එපා, කාටවත් දොස් කියන්න එපා කියලා. මොකද බලන් යද්දි ලෝකෙ හොල්ලපු හැමෝම ඉපදිලා තියෙන්නේ දුප්පත්වනේ. එහෙම දුප්පත් අය ලෝකය හෙල්ලීමේ ස්ටයිල් එක ඉන්දියාවටත් ඇවිල්ලා. ඒ කියන්නේ දැන් ලංකාවට ගොඩාක් කිට්ටුයි.

    සම්පුර්ණයෙන්ම උපුටා ගැනිමකි

    :):):):):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මිනිහ ප්‍රතිපත්ති කියන ඒව උපරීමෙට ක්‍රියාත්මක කරන කෙනෙක්. ඉන්දියාවම හදල ගනියි. හැබැයි ලන්කාවට පරිස්සම්වෙන්න වෙනව.:rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    modi pitipasse inne indiawe lokuma salli karayo set eka
    rata diyuwei habai duppath ewunta nam thawath kelawei
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Modi's nationalist outlook -- informed by "a sense of victimhood, that we've been victimized by foreigners" -- would also likely be reflected in India's foreign policy, Guruswamy told CNN.
    "Internationally, he would be a little more hardline on everything -- Pakistan, China, America. Indian interests would be aggressively asserted," he said.
    Jerath said Modi's foreign policy focus would be on India's neighborhood, which had been "in a lot of turmoil." It's politically quite unstable and a lot of India's internal terrorist problems stem from the fact that our borders are so porous," she said.
    "That has to be the primary challenge for anybody who comes to power."
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    9 - ඉන්දියාවේ ඉන්න එකම මුස්ලිම් හිතවාදියා ඔහුයි. 2002 දී සිදුවුණ මුස්ලිම් සංහාරය නිසා ඉන්දීය රජය ප්‍රසිද්ධියේ විවේචනය කළේ මෝඩි විතරයි.
    .

    :):):):):)

    //මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර ‍මෝඩි//

    //1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි. //

    //අයෝධ්‍යා නගරය රාමගේ ජන්මභූමිය ලෙස සලකා එහි තිබූ බබ්රි මුස්ලිම් පල්ලිය 1992දී බිඳ දමමින් ඉදිරියට ගිය හින්දු ජාතිවාදී රාම් ජන්මභූමි ව්‍යාපාරයත් සමග භාරතීය ජනතා පක්ෂය නව පණක් ලැබ//

    //2001දී නරේන්ද්‍ර මෝඩි ගුජරාටයේ මහ ඇමති පදවියට පත් විය. 2002 වසරේ පෙබරවාරි හා මාර්තු මාසවල ඇති වූ හින්දු මුස්ලිම් කෝලාහලයෙන් 2000ක් පමණ දෙනා මිය ගිය බව හා ලක්ෂ එකහමාරක් පමණ ජනයා අවතැන් වූ බව විශ්වාස කෙරේ. මෙම ගැටුම ඇවිලවීම පිළිබඳ මෝඩිට එරෙහිව ද චෝදනා එල්ල විය. //

    :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    :):):rofl::rofl::baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    උබට හින්ට් එකට දැම්ම නෙවෙයි මචන් .. උබ මෙක උපුට ගත්ත එකක් නෙ :):) එ ලියපු එකා ඒ තඩි බොරුවක් ලියල තියනව :lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උබට හින්ට් එකට දැම්ම නෙවෙයි මචන් .. උබ මෙක උපුට ගත්ත එකක් නෙ :):) එ ලියපු එකා ඒ තඩි බොරුවක් ලියල තියනව :lol:

    Aaa ela ela Bro. :):):)