තොප්පිගල යමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    "තොප්පිගල" බොහෝ දෙනෙක්‌ දන්න හඳුනන, ජනප්‍රිය නමක්‌. ඒ, ඇතැම් දේශපාලනඥයන් තොප්පිගල ගැන කී කතා නිසාම මෙන්ම, හතරවැනි ඊළාම් යුද්ධයේදී රජයේ හමුදා මුදාගත් නැගෙනහිර එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත බලකොටුව මේ වූ නිසාත්ය. තොප්පිගල ලෙස හඳුන්වන්නේ වනයක්‌ මැද පිහිටි අලංකාර හුදකලා කන්දක්‌. නොහොත් පර්වතයක්‌. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් මීටර් 534 ක්‌ උස මෙම පර්වතය, පොලොන්නරුව - මඩකලපුව මාර්ගයට දකුණින් මෙන්ම චෙංකලඩි - මහඔය මාර්ගයට වයඹ දෙසින් පිහිටා තිබෙනවා.



    මහඔය - අරලගංවිල මාර්ගයට උතුරු දෙසින් පිහිටන තොප්පිගල සැබැවින්ම, ප්‍රධාන මහා මාර්ගයකට බොහෝ දුරකින් වනබද පෙදෙසකයි පිහිටා තියෙන්නේ. ඒත්, ඇත්ත නම් ප්‍රධාන මාර්ගයකින් දුරස්‌ වුවත්, තොප්පිගල පිහිටා තියෙන්නෙ මහා වනයක නම් නොවේ. තොප්පිගල ආසන්නය දක්‌වා කිරාන් ප්‍රදේශයේ ඉඳන් ගුරු පාරක්‌ වැටී තිබෙනවා. ඒ වගේම තොප්පිගල ආසන්නයේම වැවකුත් පිහිටල තියෙනවා. මේ වැවට කියන්නෙ ආර්තිකාඩු වැව කියල. අනික්‌ පසින් තොප්පිගලට ඉතාමත් ආසන්නයෙන් ගුරු පාරක්‌ දිවෙන අතර තොප්පිගල පාමුලට කිට්‌ටුව පාසලකුත් පිහිටා තිබෙනවා. ඒ වගේම නිවාස, සුවිසල් කුඹුරු යාය පිහිටි මෙම ප්‍රදේශය තරමක්‌ ජනයා ගැවසෙන ගම්මාන පිහිටි ප්‍රදේශයක්‌.


    තොප්පිගල කන්ද පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ වැලිකන්ද පැත්තට අතරින් පතර තරමක්‌ දුරට පෙනෙනවා. ඒ වගේම මඩකලපුව පසුකර, පාසිකුඩා පැත්තට එනකොටත් ඇතැම් තැනකට මේ සුවිශේෂ ගල්කන්ද දිස්‌වෙනවා.

    කොහොම වුණත්, එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදයට නතුව තිබූ උතුරු - නැගෙනහිර පළාත්වල ප්‍රකට ත්‍රස්‌ත බලකොටුවක්‌ වූ තොප්පිගල, ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ හැටියටයි ප්‍රකටව තිබුණේ. මේ නිසා ත්‍රස්‌තවාදය රජයන කාලයේදී තොප්පිගල ගැන සිවිල් පුරවැසියන් වන අපට කතා කරන්න දෙයක්‌ තිබුණේම නැහැ. තොප්පිගල අවට සිරි නැරඹීම, තොප්පිගල තරණය එකල හීනයක්‌ පමණයි.

    නමුත්, හතරවැනි ඊළාම් යුද්ධය ප්‍රකාශයට පත්කරගත් එල් ටී ටී ඊ සංවිධානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹූ, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව පළමුවෙන්ම සිදු කළේ, නැගෙනහිර ත්‍රස්‌ත බලය පරාජයට පත්කිරීමයි. එම පරාජය නොහොත්, ශ්‍රී ලංකා හමුදාවේ ජයග්‍රහණය සංකේතවත් කරන ලද්දේ තොප්පිගල ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමෙන්. යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන්ගේ මෙහෙයුමකින් මෙසේ තොප්පිගල මුදාගැනීම තොප්පිගල විජයග්‍රහණය ලෙස එදා හැඳින්වුණා.

    තොප්පිගල ප්‍රකට (හුදකලා) කන්දක්‌ වූයේ අද ඊයේක සිට නොවේ. අතීතයේදී තොප්පිගල ලෙස සිsංහලෙනුත් 'කුඩුම්බිමලේ' ලෙස දෙමළෙනුත් හඳුන්වා ඇති මෙම කන්ද, බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතිකයන් හඳුන්වා ඇත්තේ "බැරන්ස්‌ කැප්" නමින්. "බැරන්" යනු ඉංග්‍රීසි බසින් නම්බු නාමයක්‌. මෙම ප්‍රදේශය භාරව සිටි සුදු ජාතික වංශාධිපතියකු පැළ» තොප්පියේ හැඩය කන්දෙන් ඈතට දිස්‌වූ නිසා සුද්දන් ඒ නමින් මෙම පර්වතය හැඳින්වූ බව කියනු ලබනවා. එකල ශ්‍රී ලංකාවේ ගතකළ, පසුව ග්‍රන්ථ රචනයේ යෙදුණු ප්‍රකට සුදු ජාතික දඩයක්‌කරුවන්ගේ පොත්වල ද "බැරන්ස්‌ කැප්" යන නම සඳහන් වෙනවා.


    :no::no::no:
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඔක්කොම හරි. ඒත් මෙන්න මේ කොටස වෙනස් විය යුතුයි........

    නමුත්, හතරවැනි ඊළාම් යුද්ධය ප්‍රකාශයට පත්කරගත් එල් ටී ටී ඊ සංවිධානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹූ, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව පළමුවෙන්ම සිදු කළේ, නැගෙනහිර ත්‍රස්‌ත බලය පරාජයට පත්කිරීමයි. එම පරාජය නොහොත්, ශ්‍රී ලංකා හමුදාවේ ජයග්‍රහණය සංකේතවත් කරන ලද්දේ තොප්පිගල ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමෙන්. යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන්ගේ මෙහෙයුමකින් මෙසේ තොප්පිගල මුදාගැනීම තොප්පිගල විජයග්‍රහණය ලෙස එදා හැඳින්වුණා.

    .....................................

    මොකද කිව්වොත් නැගෙනහිර මානුෂිය මෙහෙයුමේ තොප්පිගල මුදවාගැනීමේදී වැඩි බරක් ඇද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුව සහ ගජබා රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබඵන්. කොමාන්ඩෝ බලකාෙයේ සෙබඵන් අන්තිම මොහොතෙදි කන්ද උඩට නැගලා එම රෙජිමේන්තු ධජය මාධ්‍ය ඔස්සේ ප්‍ර‍ර්ශණය කිරීම තුලින් මෙම මෙහෙයුමේ සම්පුර්ණ Credit එක ලබා ගත්තා. ඒක එක්තරා විදියකට මෙම මෙහෙයුම සදහා දායක වුන ශ්‍රී ලංකා හමුදාවේ වෙනත් රෙජිමේන්තු සහ බලකායන් වල සෙබඵන්ට කරන අසාධාරණයක්.

    ඇත්ත වශයෙන්ම මේක සාමුහික යුධ මෙහෙයුමක්. ඒ සදහා ශ්‍රි ලංකා යුධ හමුදාවේ සියඵම රෙජිමේන්තු මෙන්ම සියඵම බුද්ධි අංශ මගින් ලබා දුන් බුද්ධි තොරතුරුත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් ලබා දුන් සහායත්, ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාය්‍යර්‍ බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් ආරක්ෂක හමුදාවන් පිටුපස සිටිමින් අත් පත් කර ගත් භූමිය ආරක්ෂා කරමින් ලබා දුන් සේවය නිසාත් කියන කරුණු සියල්ල නිසා තමයි මේ මෙහෙයුම සාරථක උනේ.

    විශේෂයෙන්ම කියන්න ඕනේ තොප්පිගල මෙහෙයුමේදී LTTEය සමග දරුණුම සටන් පැවතුනේ ඊට ආසන්න නරකමුල්ල කියන ප්‍රදේශයේදී. ඒ මෙහෙයුම් වලදී යුධ හමුදා විශේෂ බලකාය සිදු කල මෙහෙය ඉතා අනගිභවනීයයි. ඔවුන් පොලිස් විශේෂ කාය්‍යර්‍ බලකාය සමග කුඩා කණ්ඩායම් (SF - Four Man Team & STF Cheetah Group) එක්ව යුධ හමුදා කාල තුවක්කු බලකායේ සහාය බර අවි වල සහාය ලබා ගනිමින් කරදියනාරු, ඉලුප්පඩිචේන, මාවඩිඕඩි සහ නරකමුල්ල ප්‍රදේශයේ පැවති LTTE පරිවාර කදවුරු සියල්ල සුනු විසුනු කිරීමට හැකි වුනා. මෙය තමයි තොප්පිගල ජයගන්න සැබෑ ලෙසම හේතු වුනේ. මේ සදහා පිරිස් බලයෙන් යුධ පෙරමුණු වලට ලොකු දායකත්වයක් ලබා දුන්නේ යුධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුව සහ ගජබා රෙජිමේන්තුවේ සෙබඵන් විසින්. ඔවුන්ගේ නොපසුබස්නා ගමන LTTEයට කිසිම අයුරකින් වලක්වන්න බැරි උනා.

    ඒ අනුව මෙම ලිපිය දාපු සහෝදරයාට මම කියන්නේ කවමදාවත් යුධ ජයග්‍ර‍ණයක Credit එක යුධ හමුදාවේ එක බලකායකට හෝ රෙජිමේන්තුවකට ලබා දෙන්න එපා. මේක සාමුහික ජයග්‍ර‍ණයක් ඒ නිසා මෙයට දායක උන යුධ, ගුවන්, නාවික හමුදා සෙබලුන්, ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාය්‍යර්‍ බලකායත්, සිවිල් ආරක්ෂක බලකායත්, බුද්ධි තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් හා තොරතුරුකරුවන් මෙන්ම තම ජීවිත පරදුවට තබා ආරක්ෂක හමුදාවන්ට විවිධ අයුරින් සහාය ලබා දුන් ප්‍රදේශවාසී සිංහල / දෙමළ / මුස්ලිම් ජනතාවත් මේ Credit එක ලබා දිය යුතුයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    tenor.gif