තොමස් අල්වා එඩිසන්

shone123

Member
Nov 2, 2008
124
14
0
තොමස් අල්වා එඩිසන්

Thomas%20Alva%20Edison.jpg






මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.


මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා නොකරන ක්‍රම දහස් ගණනක් සොයාගෙන ඇත.

අවසාන පුද්ගලයා හැර ගිය තැනින් මම ආරම්භ කරමි.

අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.

අදහසක වටිනාකම රැඳී තිඛෙන්නේ එහි ප්‍රයෝජනවත් බව තුලයි.


වර්ෂ 1847 ඇමෙරිකාවේ ඔහියෝ හිදී උපත ලද තෝමස් එඩිසන් දරුවන් සත් දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා විය. පාසැලේදී නිතර විසිරුණු මනසකින් තරමක කලබලකාරී ස්වභාවයකින් ඔහු කටයුතු කළේය. මේ නිසාම ඔහුගේ ගුරුවරයා ඔහු සිහි විකල් වූවෙකු සේ සැලකූ අතර ඔහුගේ පාසැල් ගමන මාස 3 කට සීමාවිය. ඉන්පසු ඔහුගේ මව ඔහුට නිවසේදී පාඩම් කියා කියා දුන්නාය. එඩිසන් බාල වියේදීම ශ්‍රවණ ආබාධිත තත්වයට පත් විය. ඔහු කුඩා කල වැළඳුනු උණ රෝගයක් මෙයට හේතු වන්නට ඇතැයි සැලකේ. තවද පසුකලෙක එඩිසන් විසින් දුම්රිය මැදිරියක් තුළ පවත්වාගෙන ගිය රසායනාගාරයක ඇතිවූ ගින්නක් නිසා කෝප වුනු එක් දුම්රිය ගාඩ්වරයෙකු ඔහුගේ කනට ගැසීම නිසාද ඔහු ගේ ශ්‍රවණ ආබාධිත තත්වයන් වැඩිවූ බව පැවසේ.

එඩිසන් ට සිය වියදම් සොයා ගැනීම සදහා දුම්රිය වල පුවත් පත්, රස කැවිලි සහ එළවළු විකිණීමට සිදු විය. කෙසේ වුවද මෙම අත්දැකීම එඩිසන්ට පසු කලෙක මහා ව්‍යාපාරිකයෙකු වීමටද බලපෑ බව සඳහන් වෙයි. එක්තරා දිනෙක තෙහැවිරිදි දරුවෙකු එඩිසන් විසින් දුම්රිය අනතුරකින් බේරා ගැනීම නිසා එයට කෘත ගුණ සැලකීමක් ලෙස එම දරුවාගේ පියා එඩිසන්ට ටෙලිග්‍රාෆ් ක්‍රියා කරවන්නෙකු ලෙස පුහුණු වීමට උපකාර කලේය. 1866 වසරේ 19 හැවිරිදි එඩිසන් ''වෙස්ටර්න් යුනියන්'' සමාගමේ ටෙලිග්ටාෆ් ක්‍රියාකරවන්නෙකු ලෙස සේවයට බැඳුනේය. ඔහු සිය කැමැත්තෙන්ම රාත්‍රී වැඩ මුරය තෝරාගන්තේ සිය විනෝදාංශයන් වන පොත් කියවීමටත් පර්යේෂණවල යෙදීමටත් ඕනෑතරම් කාලයක් තමන්ට ලැබුනු බැවිනි. දිනක් අත්වැරැදීමකින් එඩිසන් අතින් බිම හැලූනු සල්ෆියුරික් අම්ල බිම් ලෑලි තුලින් ගොස් පහත මාලයේ වූ ප්‍රධානියාගේ මේසය මත වැටීම නිසා පසුදිනම එඩිසන්ට සිය රැකියාව අහිමි විය. එකල ඔහුගේ සගයෙකු ඔහුට නිව්ජර්සි වල තිබූ සිය නිවසේ බිම්මහල දුන් බැවින් එඩිසන් එහි සිට සිය කටයුතු කරගෙන ගියේය.

ඔහුට ප්‍රසිද්ධිය ගෙන දුන් මුල්ම නිපැයුම වන ග්‍රැමපෝනය නිපදවූයේ 1877 වසරේදීය. මෙය විශාල වශයෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගත් නිපැයුමක් විය. ඔහු ''මෙන්ලෝ පාක්හි මැජික් කරුවා'' යන නමින් ජනතාව අතර ප්‍රකට විය. එඩිසන් විසින් තමන් නිපදවූ වැඩි දියුණු කරන ලද ටෙලිග්‍රාෆ් යන්ත්‍රය විකුණා ලත් මුදලින් මෙන්ලෝපාක් හි පර්යේෂණාගාරයක් ආරම්භ කලේය. එඩිසන් බොහෝ ප්‍රචලිත වූයේ ඔහු නිපදවූ විදුලි බුබුල නිසාය. සත්‍ය වශයෙන්ම ඔහුට ප්‍රථම විදුලි බුබුල නිපදවූ විද්‍යාඥයින් සිටිය ද ලොව ප්‍රථම වාණිජ වශයෙන් සාර්ථක වූ තාපෝජ්වලිත විදුලි බුබුල නිපදවූයේ ඔහුය. ඒ 1879 දීය.

1880 වසරේදී එඩිසන් විදුලි බලය ඛෙදා හැරීමේ ක්‍රමවේදය සදහා පේටන්ට් බල පත්‍රය ලබා ගත්තේය. ඒ සඳහා ඔහු වෙනම සමාගමක් ද ආරම්භ කෙළේය. 1882 වන විට ඔහු වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක් ද ආරම්භ කලේය.
එඩිසන් විසින් දුරකථන සදහා භාවිතා කරන කාබන් මයික්‍රෝෆෝනය නිපදවුයේ 1877-1878 කාලයේදීය. එය 80 දශකය දක්වාම ලොව භාවිතා කලේය. මෙයට අමතරව ''කයිනෙටොස්කෝප්'' නම් ලොව මුල්ම චලනචිත්‍ර ප්‍රදර්ශකය ද එඩිසන්ගේ නිර්මාණයක් වෙයි.

ජීවිතය කිසිදිනෙක කිසිවෙකුට එක ලෙසම දුක හෝ සැප ලබා දෙන්නක් නොවෙයි. එඩිසන්ද සිය ජීවිතය තුල ජය පරාජය ලාභ අලාභ සියල්ලටම මුහුණ දුන්නේය. නමුත් ඒ කිසිවෙකින් නොසැලී ඔහු සිය අරමුණ කරා ගමන් කලේය. වරෙක ඔහුගේ පර්යේෂණාගාරය ගින්නෙන් වැනසීගියේ ඔහුට අතිමහත් වූ පාඩුවක් සිදු කරමිනි. නමුත් ඔහු යළිත් සියල්ල මුලසිට ආරම්භ කර ඔහුගේ පර්යේෂණ කටයුතු නොකඩවා කරගෙන ගියේය.

දුම්රිය තුළ පුවත්පත් විකුණමින්, එළවළු විකුණමින් ඇරඹි ළමා කාලය ද, ටෙලෙග්‍රාප් ක්‍රියාකරුවෙකු ලෙස ඇරඹි තරුණවිය ද ඉන් නොනැවතී සිය මුලූ දිවියම නව නිපැයුම් සහ පර්යේෂණ වෙනුවෙන් ගත කර ලෝකයම ආලෝකවත් කල මෙම ශ්‍රේෂ්ඨ මිනිසා 1931 ඔක්තෝබර් 18 වනදින මෙලොවින් සමුගත්තේය.