තොරතුරු තාක්‍ෂණ සහ නාවික සේවා ඉන්දියාවට ග
copyright :lankacnews
මෙරට තොරතුරු තාක්‍ෂණ සහ නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සලසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම (Indu – Sri lanka Economics and Technology Co-operative Agreement) පිළිබඳව එක වචනයක් හෝ කතා නොකරන තත්ත්වයකට ජවිපෙ අද පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව පැවසුවේ අද(24) එහි පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද පැවසීය.
‘සීපා ගිවිසුම(CEPA) අත්සන් නොකරන බව පාර්ලිමේන්තුවේදී පැවසූ අග‍්‍රාමාත්‍යවරයා දැන් ඒ වෙනුවට ජුනි මාසයේදී ඉට්කා(ITCA) නමින් සීපාහි අඩංගුවම සහිත ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවා. ඉට්කා ගිවිසුම දෙරටේ රාජ්‍ය නායකයන් විසින් අත්සන් කිරීමට නියමිතයි. එසේ ගිවිසුම්ගත වූවාට පසුව ලංකාවේ සේවාවන් එකින් එක ඉන්දියාවට විවෘත කිරීම සිදු වෙනවා. මේක අපේ ආණ්ඩුව ‘හිස් චෙක් පොතක් අත්සන් කරලා කැමති ගණනක් ලියාගන්න’ කියලා ඉන්දියාවට දෙනවාට සමානයි.
එහි මූලික ආරම්භක පියවර හැටියට තොරතුරු තාක්‍ෂණ සහ නාවික ක්‍ෂේත‍්‍රයේ සේවා යන ක්‍ෂේත‍්‍ර ඉන්දියාවට විවෘත කළ බව ආණ්ඩුව පවසනවා. මේක ඉතාම භයානක දෙයක්. ශ‍්‍රී ලංකාව පිහිටා ඇත්තේ නාවික කේන්ද්‍රස්ථානයක. ඉන්දියාව මේ දෙස බලා සිටියේ කෙල හලමින්. මේ නාවික ක්‍ෂේත‍්‍ර සේවාවන් විවෘත කිරීමත් සමග ඉන්දියාවට හැකියාව ලැබෙනවා ශ‍්‍රී ලංකාවේ වරායන් සහ නාවික ක්‍ෂේත‍්‍රයේ සේවාවන් ගිල ගැනීමට.
අපේ රට කුඩා වුවත් ලෝකයේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ විශාල පරාසයක් අත්පත් කර ගැනීමේ විභවයක් එහි තාරුණ්‍යයට තිබෙනවා. මේ වන විට තොරතුරු තාක්ෂණය විෂය ධාරාවක් ලෙස උසස් පෙළට එක්කර තිබෙනවා. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නිරත වන ශ‍්‍රී ලාංකිකයන් අද විශාල ආදායම් ලබනවා. එසේ තිබියදී ලෝකයේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයකු වන ඉන්දියාව අපේ තොරතුරු තාක්‍ෂණ සේවයම නිල වශයෙන් ගිල ගැනීමේ මෙහෙයුමක් තමයි දියත් වන්නේ. මේ නිසා අපේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නිරත වී සිටින 75,000ක පමණ පිරිසකට රැුකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඉන්දියාවෙන් අඩු වැටුපට තොරතුරු තාක්‍ෂණ ශ‍්‍රමිකයන් පැමිණීමත් සමගම මෙතෙක් ඉහළ වැටුප් තලයක සිටි මෙරට තොරතුරු තාක්‍ෂණ ශිල්පීන්ට රැකියා අහිමි නොවුණත් අඩු වැටුපකට සේවය කරන්නයි වෙන්නේ. රැකියා අහිමි වීම, ඉහළ වැටුප් තල අහිමි වීම ආදී ගැටළු රැුසකට නුදුරේදීම අපේ තොරතුරු තාක්‍ෂණ සේවාවන්හි නිරත වූවන්ට මුහුණ දීමට සිදුවේවි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පැවසූ පරිදි නව රැකියා දශ ලක්‍ෂයක් නිර්මාණය කළත් මේ ගිවිසුම අනුව ඒවා ඉන්දීය ශ‍්‍රමිකයන්ටයි හිමි විය හැකිව ඇත්තේ.
මේ ආණ්ඩුව බලයට ගෙනාපු ජවිපෙ ලාල්කාන්තලා සහ අනුර දිසානායකලා ඉන්දයාවට අපේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා ටික ලබා දෙන එකට විරුද්ධව එක වචනයක් කියන්නේ නැහැ. අද සිදු වෙන්නේ ඉන්දියාවට සහ බටහිරට අවශ්‍ය ‘වෙනස’ මිස මේ ජනතාව ඉල්ලා සිටි වෙනසක් නොවෙයි’’
ජානිපෙ නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා,
‘දැන් සීපා(CEPA) වෙනුවට එන්නේ ඉට්කා(ITCA) කියලා ගිවිසුමක්. Comprehensive Economic Partnership Agreement(CEPA) වෙනුවට දැන් එන්නේ Indu – Sri lanka Economic and Technology Co-operative Agreement(ITCA). නමුත් සීපා(CEPA) සහ ඉට්කා(ITCA) ගිවිසුම්වල මූලික අන්තර්ගතය සමානයි. සීපා ගිවිසුමෙහි(CEPA) අඩංගුව තිබුණු කරුණුවලට අමතරව ඉට්කා ගිවිසුමේ තිබෙනවා තාක්‍ෂණවේදයට(Technology) අදාළ කරුණු. ඒ නිසා සීපා ගිවිසුමෙන් මේ රටට සිදුවන අනතුර එහෙමම තියාගෙන තමයි ඉට්කා ගිවිසුම එන්නේ.
Technology සහ Ship Building and Nautical Engineering යන ක්‍ෂේත‍්‍ර මේ ගිවිසුමට විශේෂයෙන් ඇතුළත් කරලා අත්සන් කරන්නේ ඇයි? ඉදිරියේදී යුද්ධ සිද්ධ වෙන්නේ කඩුවෙන්, තුවක්කුවෙන් නොවෙයි. තනිකරම තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය ඔස්සේ. ඉදිරියේදී සිදු විය හැක්කේ ‘IT War’ එකක්. ඉන්දියාව මේ දෙස කල් තියා දැකලා තිබෙනවා. රටට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය ඉතාමත් දියුණුයි. අපේ තරුණ තරුණියන්ගේ තර්කන හැකියාව ඉතා ඉහළයි. නාසා වැනි ආයතනවල පවා මෙම ක්‍ෂේත‍්‍රයේ අපේ තරුණ පිරිස් සිටිනවා. ඇත්තෙන්ම ඉන්දියාවට එය තර්ජනයක්. අපේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ රැුකියා ඇත්තේ 75,000ක් පමණ. ඉන්දියාවට අවශ්‍ය මේ 75,000 උදුරා ගැනීම පමණක්ද? නැහැ. මේ අපේ රටේ නැගී එන තාර්කික, තොරතුරු තාක්‍ෂණවේදී තරුණ ජවය උපන්ගෙයිම මරා දමන්නයි ඔවුන්ට උවමනා.
එසේ වුවත් මේ 75,000 දෙනා ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10%ක් උපයා දෙනවා. ඔවුන් රැකියාවල නිරතවන්නේ එක්කෝ විදේශීය සමාගම්වල. නැත්නම් විදේශීය ආයෝජකයන් ශ‍්‍රී ලංකාවේ පවත්වාගෙන යන සමාගම්වල. අද තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ක්‍ෂේත‍්‍ර අතර 4 වන තැනට පත්ව තිබෙනවා. මේ ක්‍ෂේත‍්‍රය ඉන්දියාවට විවෘත කිරීම තුළ අපට දළ ජාතික නිෂ්පාදිතයෙන් 10%ක් අහිමි වෙනවා. Software Engineering(මෘදුකාංග ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය), Quality Assurance(තත්ත්ව සහතික ක්‍ෂේත‍්‍රය), Web Designing and Developing(වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය), Graphics and 3D Animation(ග‍්‍රැෆික් සහ ත‍්‍රිමාණ සජීවීකරණය), Network Engineering, Hardware Engineering ආදී වශයෙන් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය කොටස්වලට බෙදිලා තිබෙනවා.
තොරතුරු තාක්‍ෂණ ශිල්පීන් 6,000ක් වසරකට අධ්‍යාපන ආයතනවලින් එළියට එනවා. ඒ අය අතුරින් 50%ක් රාජ්‍ය ආයතනවලින් ඉතිරිය පෞද්ගලික ආයතනවලින් සුදුසුකම් ලබලයි එන්නේ. මේ ගිවිසුමෙන් පසුව ඒ පිරිසට රැකියා නැතිවේවි. දෙවනුව මේ ක්‍ෂේත‍්‍රයේ මේ රටේ තිබෙන රැකියා අවස්ථාවන් සම්පූර්ණයෙන් පිරිලා තියෙන්නේ. පිටරටින් ශ‍්‍රමිකයන්ට එන්න ඉඩක් නැහැ. ඉන්දියානු ආක‍්‍රමණයෙන් පසුව මේ තත්ත්වය කනපිට හැරෙනවා. අඩු වැටුපට ඉන්දීය ශ‍්‍රමිකයන් පැමිණීමත් සමග අපේ 75,000ට රැකියා අහිමි වෙනවා. අපේ තොරතුරු තාක්‍ෂණ ශිල්පියකු රුපියල් 125,000කට කරන රැකියාව ඉන්දීය තොරතුරු තාක්‍ෂණ ශිල්පියකු රුපියල් 25,000කට කරන්න එකග වේවි. දැනටමත් එහෙම උදාහරණ ශ‍්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකාව තුළ තිබෙන විදේශ සමාගම් කැමතියි, මේ ඉන්දීය ශ‍්‍රමිකයන්ව අඩු වැටුපට සේවයට ගන්න.
නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය
නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය ගත්තත් මෙවැනිම අවදානමක් තිබෙනවා. මේ ගිවිසුමත් සමග දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ‘හනුමන් පාලම’ ඉදි වීමට නියමිතයි. මන්නාරමේ සිට ත‍්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතයි. මේ සියල්ල සමග ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාවේ වරායක් බවට පත් වේවි. මන්නාරම සිට ත‍්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඉන්දියානුවන් විසින් පාලනය කරන මාර්ගයක් බවට පත් වෙනවා. එවිට ශ‍්‍රී ලංකාව කොටස් දෙකකට කැඩෙනවා. දැනටමත් ත‍්‍රිකුණාමලය වරායේ විශාල කොටසක් ඉන්දියාව විසින් දීර්ඝ කාලීන බදු පදනම මත අරගෙන තිබෙනවා. නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රයේ විවෘත කිරීමත් සමග මේ සියල්ල තවත් වේගයෙන් සිදු වෙනවා. අවසානයේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත් වීමත් සිදු වේවි’’.
– අනුරුද්ධ බණ්ඩාර