ඔන්න මේක ඇමරිකාවේ ඉස්කෝලෙක වුණු වැඩක්.මේ ඉස්කෝලෙ කාර්ය මණ්ඩලය ටික දවසක ඉඳන් අමුතුම විදියෙ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පටන් ගත්තා.ඒක වුණේ මෙහෙමයි.
ඉස්කෝලෙ ලොකු පන්ති වල ඉන්න යොවුන් වියට පා තබාගෙන එන ගෑනු ලමයි තොල් සායම් එහෙමත් නැත්නම් දන්න බාසාවෙන් ලිප්ස්ටික් පාවිච්චි කරන්න ගත්තලු. ඒ කිව්වෙ මේ නංගිලා දැන් ලිප්ස්ටික් ගාගෙන තමයි ඉස්කෝලෙ එන්නේ..සමහර ලමයි ඉතින් ලිප්ස්ටික් ඉස්කෝලෙටත් අරගෙන එනවලු. ඉන්ටර්වල් එකේදි කෑම එහෙම කාල තොල් වල තියෙන ලිප්ස්ටික් ටික ගියාම බාත් රූම් එකට ගිහින් ආයෙ ගාගන්නවලු.
මේ සුපිරි ඉස්කෝල වල ඉතින් අර බාත් රූම් සංකීර්ණ නෙ තියෙන්නේ. පේලියට වැසිකිලි ගොඩකුයි, තව අනන් මනන් අංගෝපාංගයි, මූන බලන්න කණ්ණාඩි ගොඩකුයි තියෙනවා. ලිප්ස්ටික් ගාල බාත් රූම් එකේ කණ්ණාඩි වලින් හැඩ බලන නංගිලා ඒ මදිවට ඒ කණ්ණාඩි වලට තොල් තද කරලාත් බලනවලු.මේ විදියට ඇමරිකන් නංගිලා කණ්ණාඩි වලට කිස් දෙන එක තමයි කාර්ය මණ්ඩලයට ගැටළු මතු කරේ.
හැමදාම හවසට වැසිකිලි පවිත්‍ර කරන කෙනා කණ්ණාඩි වල ලිප්ස්ටික් පැල්ලම් හෝදලා අයින් කරනවා.ඊලඟ දවසේ බලද්දී ආයෙම තොල් තියලලු. මේ වැඩේ ගජරාමෙට කෙරී ගෙන යනකොට වැසිකිලි පවිත්‍ර කරන කෙනාට එපා වුණා. එයා ගිහින් ප්‍රින්සිපල් ට පැමිණිලි කරා මේ ගැන.ප්‍රින්සිපල් ටිකක් මොල කාරයා. එයා හිතුවා මේ ලමයි එපා කිව්ව කියලා අහන්නේ නැහැ. ඒ නිසා මොලේ පාවිච්චි කරලා මේක නවත්ත ගන්න ඕන කියලා.
ඊලඟ දවසෙ උදේම ප්‍රින්සිපල් ඉහල පන්ති වල ගැහැණු ලමයි ඔක්කොටම බාත් රූම් එකට එන්න කිව්වා. අර වැසිකිලි පිරිසිදු කරන කෙනා ඉන්නෙ.. එයාටත් එන්න කිව්වා.ඔක්කොම ආවට පස්සේ ප්‍රින්සිපල් පැහැදිලි කලා මේ ලමයි කණ්ණාඩි වල ලිප්ස්ටික් පාරවල් තිබ්බාම ඒව ඉවත් කරන්න මේ පිරිසිදු කරන්නාට කොච්චර අමාරුද කියලා.. ඒක ලමයින්ට හොඳට වැටහෙන්නත් එක්ක ප්‍රින්සිපල් පිරිසිදු කරන කෙනාට කිව්වා කණ්ණාඩියක් පිරිසිදු කරලා පෙන්නන්න කියලා. ඒ කියන්නේ ඩිමෝ එකක් කරලා පෙන්නන්න කියලා.
ඒ මනුස්සයා ගත්තා දිග මිටක් තියෙන බුරුසුවක්. ඒක එබුවා ඒ ලඟම තිබුණු කොමෝඩ් එකකට.ඒ වතුරෙන් කණ්ණාඩිය හෝදලා දැම්මා..
ඊට පස්සෙ ඒ ඉස්කෝලෙ කණ්ණාඩි වල කවදාවත් ලිප්ස්ටික් පාරවල් තිබුණේ නැතිලු.
REP ඕනෙ හොදේ

Last edited:
සිරා කතාව... +3