ත‍්‍රිපෝෂ සමාගමට විස විකිනීමට රුපියක් 10,000 දඩයක්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කඩේ අයිති කෙනාටත් 3000 ක දඩයක්.

    අවුරුදු 3නට අඩු ළමයිට විස වෙන ගානට ඇෆ්ලටොක්ෂින් තිබ්බට :D

    ලංකාවේ නීති වෙනස් කරන්න, අවම දඩ වැඩි කරන්න ඕන දේවල් වලට පක්ෂ විපක්ෂ එකෙක් කතා කරන්නේ නැහැ උන් ලංකාවේ ඉන්නන උන්ට ටොපි බෙදනවා විතරයි .

    දඩ ගැහුවා කියන එක දන්නේ රටේ කී දෙනාද අවුරදු 3 වගේ පොඩි ළමයි ඉන්න

    source
    ඇමරිකාවෙි කෙයාර් සංවිධානයේ ආධාර යටතේ 1973 වර්ෂයේ ත්‍රිපෝෂ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ මුලින්ම ආරමිභ විය. ඇමරිකාවෙන් නිමි ආහාරයක් වශයෙන් ආනයනය කර ශ්‍රී ලංකාවෙි දී එය ඇසුරුමි කොට ඛෙදා හරින ලදි.

    1976 දී කෙයාර් ආයතනයේ මුල්‍ය අනුග්‍රහය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන භාර ගනු ලැබීය.
    ඉන් පසු මෙහි කළමනාකාරිත්වය සඳහා ලංකා දුමිකොළ සමාගම තෝරා ගනු ලැබීය. ත්‍රිපෝෂ වැඩසටහනෙහි අධීක්ෂණය, තත්ත්ව පරික්ෂාව ආදි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම කරන ලදි. මෙසේ පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වු මෙම ආයතනය 2007 අංක 07 දරන සමාගමි පනත යටතේ සහ අංක ඡඊරැ3873 ලියා පදිංචි අංකය යටතේ ද, 2010.09.17 දින සිට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි නමින් ද පුර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගනු ලැබීය.

    ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි ආයතනය ජා-ඇල, කපුවත්තේ, මීගමුව පාර, තැ.පෙ. 17යන ස්ථානයේ පිහිටා ඇත.

    Source
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වයස අවුරුදු තුනට අඩු දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස නියමිත ඇෆ්ලටොක්ෂින් ප‍්‍රමාණය ඉක්ම වූ ග‍්‍රෑම් 750 ඇසුරුම් සහිත සුපෝෂ නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ජාඇළ, කපුවත්ත, අංක 17 ලිපිනයේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ අනුරාධපුර මාර්කට් පෙදෙස විල්සන් ට්‍රේඩ් සෙන්ටර් ආයතනය එකී චෝදනාවන්ට වරද පිළිගත් පසුව එම ආයතන දෙකට මුදලින් රුපියල් දහතුන්දහසක දඩයක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියම කළාය.

    ඒ අනුව ශ්‍රී ලංකා ත‍්‍රිපෝෂ සමාගමට මුදලින් රුපියල් දසදහසක්ද, අනුරාධපුර මාර්කට් පෙදෙස විල්සන් ටේ‍්‍රඩ් සෙන්ටර් ආයතනයට මුදලින් රුපියල් තුන්දහසක්ද වශයෙන් මෙම රුපියල් දහතුන්දහසක දඩ මුදල නියම කෙරිණ.

    විත්තිකාර ආයතන තුළ තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගත් සුපෝෂ ඇසුරුම් වයස අවුරුදු තුනට අඩු දරුවන්ට අහිතකර ඒවා බවට රජයේ රස පරීක්ෂකවරයාද තහවුරු කර ඇති බව වැටලීම මෙහෙයවූ අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග මහතා පැවැසීය

    අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකාර ශ්‍රී ලංකා ත‍්‍රිපෝෂ සමාගම සහ විල්සන් ටේ‍්‍ර‍්‍රඩ් සෙන්ටර් ආයතනය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක දහම්පත් පෙනී සිටියේය. අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එච්.ඒ. කුමාර සහ සුමුදු පොන්ටුගේ මෙම වැටලීම සිදු කළහ.

    හාල් වල බැර ලෝහ ත්‍රිපෝශ වල ඇල්ෆාටොක්සින්...හැබැයි කොහෙවත් රිපෝර්ට් එක නෑ..අඩුම රිපෝර්ට් එක ගනන තැනැක්වත් නෑ..පත්තරේ ලොකු අකුරෙන් ආර්ටිකල් එක යනවා.. වඳ කොත්තු පාර්ට් 2 නෙමෙයි නන් මේක මම යනවා කිරියෙන්....
    යන්න එපා මචං ☹️
    ------ Post added on Oct 5, 2023 at 3:56 PM

    කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද?
    ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද?
    නොකා ඉන්න හිතෙනවා නේද?

    තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්.

    නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ.

    බායි.
    💁
    ------ Post added on Oct 5, 2023 at 3:59 PM

    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන
    ------ Post added on Oct 5, 2023 at 4:00 PM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේ කියන විදිහට report එකේ කියලා තියෙන්නේ අවුරුදු 3ට අඩු ළමයින්ට හොඳ නැති කතාවක්නේ. එතකොට ඇෆ්ලටොක්සින් වයස 3ට වැඩි ළමයින්ට ඒ ගාණට තිබ්බට කමක් නැති අදහසක්ද කියන්නේ? අනික ඔය report එකේ ඇෆ්ලටොක්සින් තිබ්බා කියලා කියන්නෙ නෑ, අර දෙන්නා වරද පිළි ගත්ත හින්දා දඩ ගැහුවාලු. වරද පිළි නොගත්තා නම්?
     
    • Like
    Reactions: NRTG and Any.key

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ කියන විදිහට report එකේ කියලා තියෙන්නේ අවුරුදු 3ට අඩු ළමයින්ට හොඳ නැති කතාවක්නේ. එතකොට ඇෆ්ලටොක්සින් වයස 3ට වැඩි ළමයින්ට ඒ ගාණට තිබ්බට කමක් නැති අදහසක්ද කියන්නේ? අනික ඔය report එකේ ඇෆ්ලටොක්සින් තිබ්බා කියලා කියන්නෙ නෑ, අර දෙන්නා වරද පිළි ගත්ත හින්දා දඩ ගැහුවාලු. වරද පිළි නොගත්තා නම්?
    " රජයේ රස පරීක්ෂකවරයාද තහවුරු කර ඇති බව"

    case එකට ඕනවට වඩා publicity එකක් එන එක නවත්තන්න
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,427
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයස අවුරුදු තුනට අඩු දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස නියමිත ඇෆ්ලටොක්ෂින් ප‍්‍රමාණය ඉක්ම වූ ග‍්‍රෑම් 750 ඇසුරුම් සහිත සුපෝෂ නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ජාඇළ, කපුවත්ත, අංක 17 ලිපිනයේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ අනුරාධපුර මාර්කට් පෙදෙස විල්සන් ට්‍රේඩ් සෙන්ටර් ආයතනය එකී චෝදනාවන්ට වරද පිළිගත් පසුව එම ආයතන දෙකට මුදලින් රුපියල් දහතුන්දහසක දඩයක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියම කළාය.

    ඒ අනුව ශ්‍රී ලංකා ත‍්‍රිපෝෂ සමාගමට මුදලින් රුපියල් දසදහසක්ද, අනුරාධපුර මාර්කට් පෙදෙස විල්සන් ටේ‍්‍රඩ් සෙන්ටර් ආයතනයට මුදලින් රුපියල් තුන්දහසක්ද වශයෙන් මෙම රුපියල් දහතුන්දහසක දඩ මුදල නියම කෙරිණ.

    විත්තිකාර ආයතන තුළ තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගත් සුපෝෂ ඇසුරුම් වයස අවුරුදු තුනට අඩු දරුවන්ට අහිතකර ඒවා බවට රජයේ රස පරීක්ෂකවරයාද තහවුරු කර ඇති බව වැටලීම මෙහෙයවූ අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග මහතා පැවැසීය

    අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකාර ශ්‍රී ලංකා ත‍්‍රිපෝෂ සමාගම සහ විල්සන් ටේ‍්‍ර‍්‍රඩ් සෙන්ටර් ආයතනය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක දහම්පත් පෙනී සිටියේය. අනුරාධපුර මහ නගර සභාවේ ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් ඩී. කුලතුංග සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එච්.ඒ. කුමාර සහ සුමුදු පොන්ටුගේ මෙම වැටලීම සිදු කළහ.

    යන්න එපා මචං ☹️
    ------ Post added on Oct 5, 2023 at 3:56 PM

    💁
    ------ Post added on Oct 5, 2023 at 3:59 PM

    ------ Post added on Oct 5, 2023 at 4:00 PM
    ලංකාවේ මේ සම්බන්ධ නීති නෑ වගේ නේද?
     
    • Like
    Reactions: NRTG