දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටකො
කොළඹ පිටකොටුවේ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට මහරගම සිට ගාල්ල දක්වා ධාවනයට යොදා ඇති බස් රථ තුනක් පිටකොටුවේ සිට ධාවනයට යෙදවීමට නියමිතයි.
මගි ජනතාවගේ පහසුව සඳහා මෙම තීරණයට එළඹි බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටී.
පිටකොටුවේ සිට මරදාන, රාජගිරය, බත්තරමුල්ල, පැලවත්ත සහ කොට්ටාව හරහා එම බස් රථ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට ධාවනය කෙරේ.
මේ වනවිට ලංකා ගමනාගමන මණඩලයේ බස් රථ 14 ක් අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවා ඇත.