දක්ෂිණ අධිවේගී මාර්ගය

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
දක්ෂිණ අධිවේගී මාර්ගය

අධිවේගී මාර්ග අපි හැමෝම වගේ භාවිතා කරනවනේ. එක නිසා මම හිතුවා හැමෝටම ප්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් දෙන්න ඕන කියලා. :yes:
අපි හැමෝටම වාහන නෑනේ. වාහන තියන අය වාහන වලින් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. නැති අය අධිවේගී මාර්ගය හරහා යන බස් වලින් ගමන් කරනවා. අන්න ඒ දෙගොල්ලොන්ටම ප්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් මෙතන තියෙන්නේ.

මුලින්ම වාහන වලින් ගමන් කරන අයට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු අතර වාහන කාණ්ඩ අනුව අයවෙන මිල ගණන් මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම අන්තර් හුවමාරු අතර ඇති දුර ප්‍රමාණයන්.

qQLLEh4.jpg

මේකේ තියෙන්නේ ගාල්ලට පසුව තියන අන්තර් හුවමාරුවලින් පිට උනාම ආසන්න ප්‍රධාන නගර වලට තියන දුර ප්‍රමාන.

iA49CxT.jpg

ඔන්න දැන් තියනවා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වල ගමන් කරන අයට බස් ගැන තොරතුරු ලබාගන්න අවශ්‍ය කරන ඩිපෝ වල දුරකථන අංක. මොකද 1969 කියන අංකයෙන් බස් තොරතුරු ලබාගන්න හැකියාවක් නෑ කියල සදහන් වෙන්නේ.

KuoIVXe.jpg

තවත් තොරතුරු සොයාගත් වහාම මේ thread එක යාවත්කාලින කරන්නම්. දැනට එපමනයි. මේ තොරතුරු කාට හරි උදව් වෙයි කියල හිතනවා. ස්තුති....!
 
Last edited:

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    1969 call දාලා එතනින් ඕන විස්තරයක් අහගන්න පුළුවන්.පට්ට සප් එකක් දෙන්නේ එතනින්.හයිවේ බස් ගැන හැර හයිවේ එකේ ඕන තොරතුරක් අතනින් ගන්න පුළුවන්.අනික 1919 119 1939 වගේ වරුවක් විතර ලයින් එකේ එල්ලිලා ඉන්න ඕනේ නැ.
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    1969 call දාලා එතනින් ඕන විස්තරයක් අහගන්න පුළුවන්.පට්ට සප් එකක් දෙන්නේ එතනින්.හයිවේ බස් ගැන හැර හයිවේ එකේ ඕන තොරතුරක් අතනින් ගන්න පුළුවන්.අනික 1919 119 1939 වගේ වරුවක් විතර ලයින් එකේ එල්ලිලා ඉන්න ඕනේ නැ.

    eka nam aththa. rings yanakotama ans wela :cool::cool:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    පැමිනිලි

    හයිවේ එකේ බස් ගැන පැමිනිලි කරන්නේ කොහාටද

    http://www.ntc.gov.lk/complain.html
    මේකෙ කොම්ප්ලේන් වැඩ කරන්නේ නෑ

    මට ඕන මේ හයිවේ බස් වල කනක් ඇහිල්ලේ ඉන්න දෙන්නේ නැතිව ප්ලේ කරන "මියුසිකල් ශෝ" වීඩියෝ ගැන කම්ප්ලේන් කරන්න
    කොච්චර හොඳ සිංදු තියනවද ඒත් මුන් දාන්නෙම හූ කිය කිය කෑ ගහන නපුංසකයෝ ගෑනු හඬින් සිංදු කියන මේ මියුසිකල් ෂෝ ම විතරයි
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    හයිවේ එකේ බස් ගැන පැමිනිලි කරන්නේ කොහාටද

    http://www.ntc.gov.lk/complain.html
    මේකෙ කොම්ප්ලේන් වැඩ කරන්නේ නෑ

    මට ඕන මේ හයිවේ බස් වල කනක් ඇහිල්ලේ ඉන්න දෙන්නේ නැතිව ප්ලේ කරන "මියුසිකල් ශෝ" වීඩියෝ ගැන කම්ප්ලේන් කරන්න
    කොච්චර හොඳ සිංදු තියනවද ඒත් මුන් දාන්නෙම හූ කිය කිය කෑ ගහන නපුංසකයෝ ගෑනු හඬින් සිංදු කියන මේ මියුසිකල් ෂෝ ම විතරයි

    1955ta call karanna. Ctb nam 0117555555