දකින්න..

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]යාළුවනේ මේ හැම දෙයක්ම ඔයාලට දෙන්නේ ඔයාලගේ ජීවිතයට යහපතක් ලබා දීමේ එකම අරමුණින්. ඉතින් සමහරක් විට ඔයාලාට ගන්න දෙයක් තියේ නම් ටිකක් හිතලා බලන්න හො‍ඳේ. [/FONT]

[FONT=&quot]අපි මේ සංසරේ මේ තරම් දුර දුක් විඳිමින් ඇවිදිමින් ඉන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා බව දන්නවානේ. ඉතින් අපි මෙතෙක් කල් නොදැක්ක ඒ ආර්ය සත්‍යය දකින්න අපි හුඟක් උත්සාහ කරන්න ඕනා. බැලු බැල්මට අමාරුයි වගේ පෙනුනට ඒක ඒ තරම්ම අමාරු දෙයක් නෙමේ. අපි අපි දිහාත් අපි අවට පරිසරය දිහාත් හොඳින් විමසීමෙන් බලනවානම් අපිට ඒ දේ පහසුවෙන් කර ගන්න පුළුවන්. [/FONT]
[FONT=&quot]
ටිකක් හිතන්න ඔයාලා දැකලා ඇති ලේනුන්ව ඇති තරම්. මේ ලේනා කියන සතා ඌගේ සතුරු සතෙක්ව දැක්කම හැසිරෙන හැටි ඔයාලා දැකලා තියෙනවාද? ඌ ඒ වෙලාවට උගේ වල්‍ගය පුම්බගෙන ඒ වල්ගයෙන් සතුරන්ට පහර දෙනවා. මතක තියා ගන්න සංසාර ගමන නවත්වන්න කිසියම් වූ වුවමනාවක් ඔයාලා සතුව ඇත්නම් ඔයාලගේ සිතේ ක්ලේශයන් ඇති වන විටදී සතිපට්ඨානය කියන අපිට තියෙන ආයුධය පාවිච්චි කරලා අපගේ සැනසීමට සතුරු වන ක්ලේෂයන් දුරු කරන්න කටයුතු කරන්න, ඒ ක්ලේෂයන්ට පහර දෙන්න හරියට ලේනා ඌගේ වල්ගෙන් ගහලා උගේ සතුරන්ව පන්නනවා වගේ. චුල්ලපන්ථක හාමුදුරුවෝ ඒ බව අපිට කියන්නේ මෙහෙමයි. [/FONT]

[FONT=&quot]
"යදා කිලෙසා ඔපතන්ති - සමඤ්ඤ ගුණධංසනා,[/FONT]


[FONT=&quot]සතිපට්ඨාන ලගුඩේන - භනතබ්බා තෙ පුනප්පුනං"[/FONT]

[FONT=&quot]යම් කලෙක ශ්‍රමණ ගුණ නසන්නාවූ ක්ලේශයෝ ලංව එද්ද එකල සතිපට්ඨාන පොල්ලෙන් නැවත් නැවත ඒ ක්ලේශය නැසිය යුත්තේය. [/FONT]
[FONT=&quot]
ඒ වගේම තමයි අපිට සංසාර ගමන නවත්වන්න අවශ්‍යනම් අපි අපේ හැසිරීමුත් ඒ ගමනට ගැලපෙන විදියට හදාගන්න ඕනා. හරියට දුන්නක් වගේ. දන්නවානේ දුන්න සමාන තරමට තමයි නැමිලා තියෙන්නේ. ඉතින් මේ දුන්න නැවිලා තියෙනවා වගේ අපිත් අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ලඟදි නිරන්තරයෙන්ම කිසිම මානයක් නැතිව නැමෙන්න පුළුවන් තත්වයට පත් වෙන්න ඕනා. අපි එක එක නිකායට බෙදාගෙන ඉන්නවානේ ඒ අයවත්. ඒ අය අපේ නිකායට වේවා වෙන නිකායකට වේවා කුමන ආකාරයේ අය වුවත්. [/FONT]

[FONT=&quot]
අනිත් අතට බලන්නකෝ අපිට නිතරම දක්නට ලැබෙන කපුටා දිහා බැදුවම අපේ සසර ගමන නතර කරන්න අවශ්‍ය කොයි තරම් නම් උපදේශයන් ගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න කපුටාට කෑමක් ලැබුනාම ඌ මොකද කරන්නේ කියලා. ඌට කෑමක් ලැබුන ගමන් ඌ කරන්නේ මහ හයියෙන් කෑ ගහලා උගේ නෑදෑයෝ ටික එතනට ලං කර ගන්න එක. ඊට පස්සේ උන් ඔක්කොම එකතු වෙලයි ඒ කෑම ටික කන්නේ. ඒ වගේම තමයි නිර්වාණාවබෝධ කිරීමට බලාපොරොත්තු වෙන අපිත් අපිට මොන කෑමක් ලැබුනත් (හැබැයි මෙතනදි මන් කියන්නේ අපි දැහැමෙන් උපයා ගත් දෙයින් හෝ සිඟමනෙන් ලබා ගත් දේ පමණයි හොඳද) ඒ වායින් ආර්ය සංඝයාටත් අපේ නෑ හිත මිතුරන්ගේ පෝෂණයටත් යම් කොටසක් වෙන් කරන්න උත්සහයක් ගන්න. ඒ අය අපි ලඟ ඉන්න කිසිම වෙලාවක ඒ අය ගැන අමතක කරන්න එපා. [/FONT]

[FONT=&quot]
මේ කපුටා කියන සතා හැම වෙලාවෙම වගේ ඉන්නේ කවුරු තමන්ට ගල් පාරක් දමලා ගහවිද කියන සැක සංකාවෙන්. ඔයාලා ඌ බිම ඇවිදිද්දි හොඳින් උගේ ගමන නිරීක්ෂණය කලොත් ඒ බව පෙනෙයි. හැම තිස්සේම වගේ ඌ ඉන්නේ ඒ වගේ කරදර වලින් ඈතට පියඹන්න සූදානමින්. ඉතින් නිර්වාණාවබෝධය කිරීමට බලාපොරොත්තු වන යම් කෙනෙක් අපි අතර ඉන්නවානම් ඒ කෙන‍ත් අනිවාර්යෙන්ම තමන් රකින ශීලය පිරිහෙයිද කියන සැකය තියාගෙන ඒ ශීලය නොපිරිහෙන විදියට කටයුතු කරන්න ඕනා. ශීලය කැ‍ඩෙන දේවල් අපේ සිතට ලං වෙන්න එනවා නම් පුළුවන් ඉක්මණින් ඒ අරමුණු හැඳින ගෙන අපි ඒවායින් ඉවත් වෙන්න ඕනි. ඒ කියන්නේ අපේ ෂඩ් ඉන්ද්‍රියන් ගෙන් අපි ගන්න අරමුණ ගැන යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්න ඕනා.[/FONT]

[FONT=&quot]
ඉතින් මේ කියපු දේවල් දිහා ටිකක් විමසිල්ලෙන් බලන්න. මේ දේවල් අපි අවට ‍පරිසරයේ තියෙන දේවල්. ඒ දේවල් අපිට නිතරම දක්නට අහන්න ලැබෙනවා. නමුත් අපි ඒ දේවල් දිහා නුවණින් යුතුව බලන්නේ නෑ. යමෙක් ඒ දිහා නුවණින් බලනවා නම් ඒ තැනැත්තාව උත්තමයෙක් කියලා හඳුන්වන්න අපිට පුළුවන්. නමුත් බහුතරයක් දෙනා එහෙම නෑ.[/FONT]

[FONT=&quot]
මේ දේවල් කිසියම් විදියකින් ඔයාලට වැදගත් වෙන‍වා නම් කියන්න. මේ වගේ මන් දකින දේවල් තව තවත් ඔයාලට දකින්න මන් එ‍තකොට සලස්වන්නම්. දැන් මන් විඳින සතුට ඔයාලාටත් විඳින්න ඒ දේවල් උපකාර වේවි. [/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]සැමට තෙරුවන් සරණයි.[/FONT]