දකුණු ආසියාවේ ආශ්වාදජනකම ගමනාන්තය.

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    දකුණු ආසියාවේ ආශ්වාදජනකම ගමනාන්තය.

    දකුණු ආසියාවේ ආශ්වාදජනකම ගමනාන්තය. තායිලන්තය.
    http://au-mg61.mail.yahoo.com/neo/l...//www.hirunews.lk/sinhala/business/92411#mail



    1411017018_9854741_hirunews_Thailand.jpg


    Thursday, 18 September 2014 - 10:50
    නිවාඩුවට එක එක රටවල් වලට travel කරන කෙනෙක් නම් ඔබ, එසේ නම් ඔබට මෙය ඉතාමත් වැදගත් වේවි.තායිලන්තයට ඔබ දැනටමත් ගිහින් ඇත්නම්,යන්න හිතාගෙන ඉන්නවානම්.එසේ නම් මේ අවස්ථාව තායිලන්තයේ ගිය හෝ නොගිය ඔබ සෑමට තායිලන්තයේ travel කල යුතුම ස්ථාන 10ක් ගැන දැනගැනීමටයි.ඔබ දන්නවද? තායිලන්තයේ ඇති ප්‍රාණ භූත රඟදැක්වීම් සහිත විදුහල,බෞද්ධ විහාරස්ථාන,කඳුකර ගෝත්‍රයන්ගේ තම ස්වදේශ අත්කම්,සම්ප්‍රදායික ගැමි පවුල්,ඉපැරණි නටඹුන්, හරිත වර්ණ භුමි ප්‍රදේශ,අලංකාර සාගර,නීල වර්ණ දූපත්,වැනි දසුන් නිසා තායිලන්ත නගරයට මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථවලින් පැමිණෙන සංචාරකයින් පුරවන්නට සමත් වී තිබෙනවා.මේ නිසාම දකුණු ආසියාවේ වැඩිම සංචාරක ගමනාන්තයක් බවට තායිලන්තය පත් වී තිබේ.සංස්කෘතික,ඓතිහාසික,ස්වභාවික ආකර්ෂණයෙන් යුත් තායිලන්තයේ travel කරන්න හැකි සුන්දරම ස්ථාන 10ක් ගැන අපි දැන් හඳුනාගනිමු.



    01.Thailand Islands

    1.jpg



    තායිලන්තයේ දූපත් වල මුහුදු තීරයන් තරම් තවත් සිත්ගත් තැනක් ලෝකයේ මිනිසුන් අතර නොමැත්තේ ඒවායේ පවතින සුන්දර දසුන් මෙන්ම ඒවායේ ඇති උත්සවාකාර පරිසරයයි.තායිලන්තයේ දුපත් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර එහිදී නැගෙනහිර තායිලන්තයේ ko samet හා ko chang ලෙස දූපත් දෙකකි.සමුද්‍ර වංකයෙහි ko samui lie kop,ngan හා ko tao ලෙස දූපත් දෙකක්ද අන්දමන් ප්‍රදේශයේ ආශ්‍රිතව Phuket හා ko phi phi ලෙස දූපත් දෙකක්ද වේ.Phuket තායිලන්තයේ ඇති ලොකුම සහ වඩා සංවර්ධිතම දුපත වන අතර ko phi phiදුපත " The Beach" යන චිත්‍රපටය නිසා ප්‍රසිද්ධියට පත් වී ඇත.නමුත් තායිලන්තයේ දුපත් පිලිබඳ කතාව මෙතනින් නිම නොවෙන්නේ එහි සුන්දරත්වය තව බොහෝ වන නිසාය.

    02. Bangkok

    2.jpg



    බැංකොක් නගරය යනු තායිලන්තයේ අගනුවර වන අතර එය තායිලන්තයේ තිබෙන විශාලතම නගරයයි.එය කාර්යබහුල විශ්වපුරයකි.අහස සිපගත් ගොඩනැගිලි, චමත්කාරජනක ස්ථාන,ඉපැරණි විහාර, විනෝදජනක රාත්‍රී සමාජශාලා, වෙළඳපොල සහ සිහිවටන මෙන්ම කටට කෙළ උනන කෑම වර්ග අලෙවි කරන වෙළඳුන්ගෙන් පිරි පවතී.නමුත් ඇතැම් පිරිස් මෙය හඳුන්වන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙසයි.එය ශබ්දාකාර වාහන තදබදයන් ගෙන් පිරි පැවති නමුත් එහි ඇති ස්වභාවික අලංකාරිත්වය මෙන්ම ගුහාවන්,හරිත කලාපයන්ද ඒ තුළ සැඟවී තිබේ.

    03. Chiang Mai

    3.jpg



    මෙය අලංකෘත නගරයකි.එය බොහෝ වේලාවට ස්වකිය ගමනාන්තය ලෙස තෝරාගන්නේ හරිත භුමි ස්පර්ශ කිරීමට ඇති සංචාරකයන්ය. මෙම නගරය උතුරු තායිලන්තයේ කඳු වලට මැදිව පිහිටා තිබේ.මෙහි කඳුකර ගෝත්‍රික ජීවන රටාද ත්‍රාසය ජනක අත්දැකීම්ද බහුලය.මෙම නගරය සංස්කෘතමය වශයෙන් වැදගත් වන්නේ ඓතිහාසික මෙන්ම නවීන ගෘහ නිර්මාණ හා සම්ප්‍රදායන් මුහුම්ව ඇති නිසාය.

    04. Kanchanaburi

    4.jpg



    දෙවන ලෝක යුද්ද සමයේ Burma රේල් පාර සැදීමේදී මියැදුණු දස දහස් ගාණකගේ දාඩිය ඔස්සේ සම්බන්ධ වී ඇති Kwaithat ගංගාව හරහා වැටි ඇති පාලම වන්නේ Kanchanaburi පාලමයි.එය බටහිර තායිලන්තයේ පිහිටා ඇති අතර සංචාරකයන් අතර මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි ආකර්ෂණිය දසුන් සහ ජාතික වනෝද්‍යාන වලට ඇතුළු වීමට ඇති පහසු බව නිසාය.

    05. Ayuthaya

    5.jpg



    Ayuthaya යනු ඇතැමුන් හඳුන්වන ආකාරයට ලොව ලොව ඇති විශ්වයජනකම නගරයකි.මෙම නගරය සොයාගනු ලැබුවේ 1350 වර්ෂයේදීය. මෙය Chao Phraya ගංගා නිම්නයේ පිහිටා ඇති අතර මෙය සියම් සමුද්‍රවන්කයේ ගංගා තුනක එකතුවකි. U Thong රජු මෙය ස්වකීය රාජධානියේ අගනගරය ලෙස ප්‍රකාශ කර තිබේ.එහි අද ඉතිරිවී ඇති නෂ්ඨවාශේෂ සංචාරකයන්ට පුදුමයට පත් කරන සුළුය.එය බැංකොක් නගරයෙන් කිලෝමීටර් 80කට එපිටින් පිහිටා ඇතත් ගමනාන්තයට එළඹීමට අපහසු නැත.

    06. Khao Sok National Park

    6.jpg



    මෙය තායිලන්තය සතුව ඇති අනර්ගතම වනජීවි සංරක්ෂණයයි.එය වනාන්තර ශාක ගහන හා හුණුගල් පර්වත ඇති ගංගා,වැව් ඇති දකුණු තායිලන්තයේ සුරත් තැනිතලා ප්‍රදේශය දක්වා විහිදී පවතී.එය ආසියානු අලි ඇතුන්ට,මුව පොවුවන්ට, වල් ඌරන්ට, වළසුන්ට, වැනි ඉතා දුර්ලභ වන සතුන්ට නවාතැනක් සපයා දෙයි.එය සංචාරකයන් දැඩි රුචිකත්වයකින් වැළඳ ගනියි.

    07. Railay

    7.jpg



    මෙය කුඩා අර්ධද්වීපයක් වන අතර එයට ලඟා විය හැක්කේ බෝට්ටුවක් ආධාරයෙන් පමණි.ඊට හේතුව එහි මඟ අතුරන හුණුගල් ප්‍රපාත ඇති නිසාය.මෙම හුණුගල් පර්වත ලොව පුරා කඳු තරණය කරන්නන් ආකර්ෂණය කර ගනියි.එමෙන්ම එහි අලංකාරිත්වය මෙන්ම නිසංසල පරිසරයද සංචාරකයින් ආකර්ෂණය කර ගනියි. තවද මෙහි සෑම දෙසකම නවාතැන් ඉදි වී තිබේ.

    08. Phanom Rung

    8.jpg



    මෙය හින්දු දේවාලයක් ලෙස සැලකෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙය ඊසානදිග තායිලන්තයේ නිෂ්ක්‍රිය ගිනි කන්දක් මත පිහිටා තිබීමයි. එහි ගෘහ නිර්මාණය පුදුමය දනවන සුළුය.මෙය Khmer සංස්කෘතියට අදාළව 10,13 සියවස්වල ඉදි වූ ගෘහ නිර්මාණයක් ලෙස සැලකෙන අතර එහි ශිව දෙවිදුන් උදෙසා පුජා පවත්වා ඇත.මෙය වැලි ගල් හා laterite පස යොදා නිර්මාණය කර ඇත.

    09. Pai

    9.jpg




    උතුරු තායිලන්තයේ පිහිටා ඇති ප්‍රධානතම වන මෙම නගරය Chiang Mai සහ Mae Hong Son නගරය දක්වා පැතිරී ඇත.එය සංචාරකයින් මේතරම් ඇලුම් කරන්නා වූ නගරයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ආනන්දජනක නිම්නය සහ නිස්කලංක පරිසරය නිසාය.

    10. Chiang Rai

    10.jpg



    උතුරු තායිලන්තයේ පිහිටා ඇති මෙම නගරය ප්‍රධානතම වනජිමය නබියයි.මෙය තායිලන්තයේ දේශ සිමා වන Laos හා මියන්මාරය ස්පර්ශ වන ලෙස පිහිටා ඇති අතර මෙහි ගැවසෙන ඕනෑම අයෙකුට අවශ්‍ය ඕනෑම දෙයක් තිබෙනවායැයි සැලකේ.








    by-http://www.hirunews.lk