දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්
දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්
* සෞඛ්‍ය * ප්‍රවාහන * සන්නිවේදන
* විනෝදාංශ * අධ්‍යාපන සේවාවන් ඉහළට
දෙස් විදෙස් වෙළෙඳපොළවල භාණ්ඩ මිල විටින් විට ඉහළ පහළ ගියද වසර 2010 දී සියයට 5.9 ක් වැනි අඩුම උද්ධමන වේගයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.
මෙය 1999 වසරේ සිට වාර්තා කළ දෙවැනි අඩුම උද්ධමන වේගයයි. මේ අන්දමට අඩු උද්ධමන වේගයක් නොකඩවා වසර ගණනාවක් පවත්වා ගැනීම ආර්ථික ස්ථායිතාවය පෙන්නුම් කිරීම කැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිනමිණට ඊයේ (02) ප්‍රකාශ කෙළේය.
භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමේ වේගය උද්ධමනය ලෙස සැලැකේ. ඒ අනුව වසර 2009 දී සියයට 6.9 ක්වූ උද්ධමනය, 2010 දී සියයට 3.9 දක්වා අඩුවීම අප ලැබූ කැපී පෙනෙන එමෙන්ම සුවිශේෂී ජයග්රහණයකැයිද අධිපතිවරයා සඳහන් කෙළේය.
උද්ධමන වේගය අඩුවූ විට සාමාන්‍ය ජනතාවට තම ආදායමෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගත හැකි ය. එමෙන්ම ජීවන තත්ත්වය ස්ථාවරව තබා ගැනීමට හැකිය. අප රටේ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අතුරින් කිහිපයක මිල ගණන් විටින් විට ඉහළ ගියද උද්ධමනය ඉහළ යා නොදී එය සමනය කිරීමට තම ප්‍රතිපත්තිවලට හැකිවූ බව ද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
වසර 2009 දෙසැම්බර් මාසයේදී උද්ධමන වේගය සියය 6.9 ක් විය. උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලින් වැඩි ආහාර සැපයුමක් සිදුවූ හෙයින් ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම තරමක් දුරට පහළ මට්ටමක තබා ගැනීමට හැකිවූ බවද කබ්රාල් මහතා පැවැසීය.
කෙසේ වෙතත් උත්සව සමයේදී සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඇතැම් භාණ්ඩවල මිල ගණන් වැඩි වී තිබේ. ගෝලීය ආර්ථික පසුබැස්මෙන් ගොඩ ඒමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් වැඩි වී තිබේ.
කෙසේ වෙතත් ආනයන බදු සංශෝධනය කිරීම තුළින් මෙම මිල වෙනස් වීම දේශීය වෙළෙඳ පොළ කෙරෙහි කළ බලපෑම් තරමක් දුරට අඩු කරගත හැකිවිය. පෙට්‍රල් හා ඩීසල්වල මිල ගණන් ඉහළ නොයෑම නිසා උද්ධමනය ඉහළ යාම වළකාගත හැකි වූ බව අධිපතිවරයා සඳහන් කෙළේය.
වාර්ෂික සාමාන්‍ය උද්ධමන වේගය සියයට 5.9 ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ ආහාර සහ මධ්‍යසාර නොවන බීම වර්ගවල මිල සියයට 6.8 කින් ඉහළ යාම නිසාය.
මේ අතර ගෘහස්ථ උපකරණ, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදනය, සංස්කෘතික කටයුතු, විනෝදාංශ, අධ්‍යාපනය සහ සේවාවන්ට අදාළ දර්ශකවලද ඉහළයෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණි.