දකුණේ ඈයොන්ගේ භාෂාව

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඇහැකි - පුළුවන්
    මායම- තැවරී ඇති ස්වල්පය
    තැරවෙනවා- ගෑවෙනවා
    ඩිංගිත්ත- ස්වල්පය
    හින්නික්කිතර - චුට්ටක්
    හිච්චිකිතර - මදක්
    හීන් - පොඩි / පුංචි
    හිච්චි - මද, මධ්‍යම
    මහවට - ලොකුවට
    ඩිංගක් - ටිකක්
    පොඩිත්ත - ⁣පොඩ්ඩක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    අනේ කවුද්දං - අනේ මන්ද
    ඔහේ/ ඔයැයි - ඔයා
    මෙයැයි - මෙයා
    ඇතෙයි - ඇතිද
    දෑවා - දැම්මා
    පුංචෑයො - පොඩි ළමයි
    මහගෙ - හාමිනේ
    හින්නා - කුඩා කූඹියා
    කඩියා - විශාල කූඹියා
    අපදං කොරනවා -අපතේ හරිනවා
    සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
    මක්කයි - මොනවද
    මක්කටෙයි - මොනවටද
    මොටෝ? - මොකටද
    මක්ක? - මොකක් ?
    මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
    මහන්තත්තෙ - ආඩම්බර කම
    පොළොත්ත - පොල් කටුව
    යතුරු කටුව - හැට්ට කටුව
    අඹවනවා - එළවනවා
    වෑංජන - එළවළු කරි
    වතු මොයිය- කෙසෙල් මුව
    මාළු - පිහිනා යන මාළු , fish
    😂

    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    හිරේ - කසාදෙ
    පිත්තම - රහසඟ #@%$&
    බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
    ගාය- වේදනාව/ අමාරුව
    ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    ලොවනවා - ලෙවකනවා
    ආත්තා - ආච්චි
    ජූල් - දිවුල්
    පත්තක්කා - කොමඩු
    ගොබලු - කුරුම්බැට්ටි
    වෑවර - කුරුම්බා
    තිත්ත ගෙබලි - ඉතා ළපටි
    නෙට්ටිය - වලිගය
    පාඩ - වයිරම්
    රෑණ - කඹය
    කරෝල - කරවල
    ⁣කොයිබෙයි - කොතනද
    සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
    හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
    කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
    නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..
    තව තියේ...පස්සෙ දාන්නම්...
    දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
    මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..
    වැරදි තියෙනවා නම් හදන්න...
    අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
    ඔයාල දන්න ඒවත් කියන්න..
    (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)
    උපුටා ගැනීමක්
    🙏
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේකේ තියන ඔක්කොම වචන නම් හැමෝම කතා කරන්න නැතුව ඇති.. අපේ ගෙදර නම් මේ වචන ටික පාවිචිචි කරනවා

    ඔහේ
    යතුරු කටුව
    වෑංජන
    මාළු
    ගොබලු
    ඇලවංගුව
    වෑවර
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63

    Sirawatama

    Api dakune gaga appata haminena wesawo penda ba
    ------ Post added on Apr 21, 2021 at 1:34 PM
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.
    දකුණේ අයට මමත්වයක් තිබේද නැද්ද යන වගටත් වඩා, "මම කොළඹ එකෙකි" යන මමත්වය ඔබේ ප්‍රතිචාරයෙන් ප්‍රදර්ශනය කොට හමාරය. මමත්වය යනු, සරල බසින් කිවහොත්, තමා විසින් තමාට ලේබල අලවා ගැනීමය. ඔබද නොදැනුවත්ව එයම කර ඇත. මමත්වය ගැන මා මෙහි අදහස් කර ඇති දේ විශ්වාස නොකරන්න. ධර්මය ශ්‍රවනය කොට ඔබ විසින්ම එය අවබෝධ කර ගනිත්වා!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දකුණු මායිමේ එත් දකුණේ නෙවි. පහත වචන අපි නං භාවිතා කරනවා

    ඩිංගක් - ටිකක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    කඩියා - විශාල කූඹියා
    මහන්තත්තෙ - ආඩම්බර කම
    වෑංජන - එළවළු කරි
    මාළු - පිහිනා යන මාළු , fish
    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    වෑවර - කුරුම්බා
    කරෝල - කරවල
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    eke waradak thiyeda? :rofl:

    මාළු කියන්නේ මාළුන්ට නේ බං ඒක හෙන කොමන් වචනයක්

    ව්‍යංජන කියල වචනයක් තියෙද්දී ඇයි මාළු කියන්නේ ? එතකොට මාළු ව්‍යංජනයට කියන්නේ මාළු මාළු කියලද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    හත්වලාමේ,හත් දෙය්යනේ කියලා කියන්නේ රතනපුරේ පැත්තට වෙන්න.ඇල්පිටිය වගේ පැතිවල නන් තාලයකට අනුව කතා කරන්නේ..බදුල්ලේ පැත්ට්ත්තෙතේ ප්‍රශ්නයක් අහනකොට ද? කියලා ඉවර කරන්නේ නෑ සමහර වෙලාවට..කෑව ද වෙනුවට කෑවා ? කැම්පස් එකක ඉන්න්කොට මරු එක එක උන් එක එක භාශාවල්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    හත්වලාමේ,හත් දෙය්යනේ කියලා කියන්නේ රතනපුරේ පැත්තට වෙන්න.ඇල්පිටිය වගේ පැතිවල නන් තාලයකට අනුව කතා කරන්නේ..බදුල්ලේ පැත්ට්ත්තෙතේ ප්‍රශ්නයක් අහනකොට ද? කියලා ඉවර කරන්නේ නෑ සමහර වෙලාවට..කෑව ද වෙනුවට කෑවා ? කැම්පස් එකක ඉන්න්කොට මරු එක එක උන් එක එක භාශාවල්
    ඇල්පිටියෙ නම් දන්නෙ නෑ, ගොඩක්ම තාලෙට කතා කරන්නෙ කොස්ගොඩ බලපිටිය අහුංගල්ල පැතිවල මිනිස්සු. ඉඳුරුවෙත් ඉන්නව පොඩි සෙට් එකක් ඔහොම කතා කරන.