දකුණේ ලුමිනස් පිරමිඩ ජාවාරම වටලයි

panorahoru

Member
Dec 13, 2013
77
2
0
දකුණේ ලුමිනස් පිරමිඩ ජාවාරම වටලයි

දකුණේ පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය එක් ආයතනයක් වූ තිස්සමහාරාම ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය ඊයේ දහවල් වැටලූ ගනුදෙනුකරුවන් එම ආයතනයේ හිමිකරු හා කාර්ය මණ්ඩලය නිවාස අඩස්සියට ගෙන ඇත.

එම මොහොතේ එහි පැමිණි පිරිස මෙම ලුමිනස් ජාවාරමේ සැබෑ තත්ත්වය හෙළිදරව් කළ අතර සඳුදා දිනය වන විට වංචාකාර පිරමිඩ ආයතනය මෙසේ වටලා තිබේ. මේ වන විට අදාළ ලුමිනස් ආයතනයේ තැන්පතු හිමි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව තිස්දහසකට අධික බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ අයවැය හිඟය වසර දෙකක් ඇතුළත පියවන බවට මීට පෙර පුරසාරම් දෙඩුවේ ද මෙහි හිමිකරුවන් විසිනි.

ලුමිනස්හි හිමිකරු වන සමන් නමැත්තා පිරිස විසුරුවා හැරීමට උත්සාහ දරා ඇත. අවසානයේ ඔහු ලුමිනස් කාර්යාල ගොඩනැගිල්ල තුළට සිරකළ රැස්ව සිටි පිරිස සමන් ඇතුළු ලුමිනස් සේවකයන් නිවාස අඩස්සියට ගෙන තිබේ.
ඊයේ (20 දා) අලුයම 3.00 පමණ සිට තිස්සමහාරාම පල්ලියවත්තේ පිහිටි ලුමිනස් ප්‍රධාන කාර්යාලයේ තිබූ පරිගණක ඇතුළු ගෘහ භාණ්ඩ රැගෙන යෑමට ලුමිනස් කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබූ බව වාර්තා වේ. ලුමිනස් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස හැඳින්වූ මෙම පිරමිඩ ජාවාරමේ මහමොළකරුවන් මතෛක් කුලී පදනම මත භාවිත කළ සුඛෝපභෝගී වාහනද පෙරේදා (19 දා) දිනයේ වාහන කුලියට ගත් ආයතන වෙත නැවත ලබා දී ඇත.

ලුමිනස් නමින් තිස්සමහාරාමයේ පවත්වාගෙන ගිය රථවාහන අලෙවි‍පොළක්ද පෙරේදා දිනයේ සිට වසා දමා ඇති අතර එහි වාහනද අතුරුදන් වී තිබේ.
ලුමිනස් සමන් ඇතුළු කණ්ඩායම ඊයේ (20 දා) දිනයේ රුපියල් කෝටි ගණනක මුදල් ද රැගෙන ප්‍රදේශයෙන් පලා යෑමට සූදානම් වූ බව ගනුදෙනුකරුවන් පවසයි.
රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු පිරවූ සූට්කේට්ස් 2 ක්ද, පෙරේදා (19 දා) දිනයේ අදාළ පිරිස විසින් ආයතනයේ සිට රැගෙන ගිය බව ආරංචි මාර්ග සනාථ කරයි.

සිය ආයතනය වටකොට සිටින වංචාවට හසු වූ පාරිභෝගිකයන් ඇමතූ සමන් නමැත්තා කියා ඇත්තේ අද (21) දින උදෑසන 10.00 ට සියලු හිඟ මුදල් ලබාදෙන බවයි. එහෙත් වංචනිකයන් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බැවින් රැස්ව සිටි දහසකට ආසන්න ජනතාව ඉන් ඉවත් නොවනු අතර සමන් එම ස්ථානයට පැමිණි කැබ් රථයේ රෝද ගලවා තිබෙනු ද දක්නට ලැබිණි.
වංචාවට හසු වූ එක් පුද්ගලයකු හඬමින් කියා සිටියේ තම මුදල් නොලැබෙන්නේ නම් සිය දරු තිදෙනාද සමග ආයතනය ඉදිරිපිට ගිනි තබා ගන්නා බවය.

එක් අයකුගෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් ගෙන සේවකයන් අධික ‍පොලියක් ගෙවන බව පවසමින් මෙම ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය මගින් ලබාගෙන තිබේ. අනතුරුව අදාළ මුදලත් ‍පොලියත් ලබා නොදී වංචා කළ බැවින් මුදල් තැන්පත්කරුවන් පැමිණ මුදල් ඉල්ලා ඇත. එවිට තැන්පතුකරුවන් නැවත හරවා යවා ඇත්තේ විවිධ ‍පොරොන්දු ලබා දෙමින් බව පසුගිය ‘ඉරිදා රිවිර’ පුවත්පත මගින් හෙළි කරන ලදී.
:lol: :lol: :lol:
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    තවත් මිනිස්සු රැවටෙනවානෙ නැද බන්..