දඩුවම සහ කන පැලීම

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සමහරු ඉන්නවා පිස්සො වගේ ගහන්වා.මටත ගහලා තියනවා පොඩි කාලේ එක පාරක් ඉදගන්න බැරි වෙන්න පුක නිල් වෙන්න ගෙදරින් ගිහින් ඉස්කෝට බැන්නා ඒකට නන් නඩු දැම්මේ නෑ.ඒ වගේ මාන්සික් කාරයන්ට පාඩමක් දෙන්න ඕනි.තව සමහරු ඉන්නවා හෑමදාම එකාවම අල්ලගන්නවා.... පොඩි අවුලක් තියනවා තර්කයේ දැන් වැරැද්දක් කරපු කෙනෙක්ට වදහිංසා පැනවීම මගින් නිවැරදි කරන්න බැරි නන් හිරේ දාලාඅ හරි මර්ණ දඩුවම දීලවත නිවැරැදි කරන්න බෑනේ.Same theory බැලුවොත්..

    (ps නෙග්ටිව් ෆේඩ්බැක් එකක් මගින් හැසිරීම වෙනස් කරන්න පුලුවන් කෙනේගේ සත්තෙක් වුනත්හ් පුරුදු කරන්න පුලුවන් ඒකයි,නීති කඩකලාම දඩුවම් දෙන්නේ ඒකයි)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපිට නන් නාරන් කෝටු, වේවැල්, සියබලා අතූ තමයි සෙට් උනේ ගොඩක් වෙලාවට.

    පිනා විතරයි කනට ගහන්නෙ, ගුරුතුමෝල කෝටු පාර
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ශරීරයේ ඉන්ද්‍රියන්ට හානි වෙන දඬුවම් නවත්තන්න ඕනෙ
     
    • Like
    Reactions: KMAInteract

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඔය වගේ ගුරු හොරු හැම ඉස්කෝලෙකම ඉන්නවා. ගෙදරදි ගැනීගෙන් කුණු බැනුම් අහන ගුටි කන උන් තමයි ඒ තරහ පිටකරගන්න ඉස්කෝලෙදි ළමයින්ගේ කන් පලන්නේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1970 දශකයේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ අපේ ගණිත ගුරුවරයා උන කුමාරසිංහ මහත්තයා ගහන ගැහිලි දක්කාමත් ඇඟ රිදෙනවා. දෙකේ හතරේ බොඩියකුයි, ඇසේ ලොකු වපරයකුයි තිබුන එයාට තන්ඩර් (thunder) කිව්වේ අකුණු ගහන්නා වගේ ගහන නිසායි.

    එයාගෙන් ගුටි කාපු ළමයින්ට වන්දි ගෙවන්න උනානම්, ලංකාවේ බජට් එකටත් වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා.

    එයාගේ කණේ පාරක් කෑවාම විසිවෙලා ගිහිල්ලා වැටෙනවා. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ, ධනවත්, බලවත් පවුල් වල ළමයිනුත් මේ අතර හිටියා. හැමෝම ගුටි කාලා නිකං හිටියා මිසක් මේවා ගැන පැමිණිලි කරන්න පුළුවන් බවවත් ඒ කාලයේ අපි දැනගෙන හිටියේ නැහැ.

    නමුත්, 1975 NCGE විභාගයේ එයාගෙන් ගණන් ඉගෙන ගත් කිසිවෙකු ගණිතය ෆේල් උනේ නැහැ, බහුතරයකට (මමත් ඇතුළුව) Distinction තිබුනා. ඊට හේතුව ගණිතයට ඇති විශේෂ දක්ෂතාවය නොව, පණට(හෝ කණට) ඇති ආදරය බවත් කිවයුතුයි.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මේ වගේ අංඟ විකල ජීවිත ගැනනං කතා කරලා වැඩක් නෑ. මුලින්ම ලංකාවේ ඉන්න සියලුම වැඩිහිටියොන්ට මේ වගේ ගහල හඳන්න ඕනේ, එක එක පක්ශ හඳාගෙන චන්දෙ දාලා ලංකාවේ ඉන්න සියලුම තරුණ පරම්පරාව ලෝකයට ණය කරාට. ඊළඟට පාර්ලිමේන්තු යවන්න ඕනේ ගහලා හදන්නත් බැරි මිනිස්සු ටිකක් ඉන්නවා හඳලා දාන්න. ඒ වගේ ඒවානං කරන්න බෑ, ස්කෝලේ යන ළමයින්ට ගහලා තමන්ගේ ඇඟ ඇතුලෙ තියන **** ගතිය එළියට දාන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    1970 දශකයේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ අපේ ගණිත ගුරුවරයා උන කුමාරසිංහ මහත්තයා ගහන ගැහිලි දක්කාමත් ඇඟ රිදෙනවා. දෙකේ හතරේ බොඩියකුයි, ඇසේ ලොකු වපරයකුයි තිබුන එයාට තන්ඩර් (thunder) කිව්වේ අකුණු ගහන්නා වගේ ගහන නිසායි.

    එයාගෙන් ගුටි කාපු ළමයින්ට වන්දි ගෙවන්න උනානම්, ලංකාවේ බජට් එකටත් වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා.

    එයාගේ කණේ පාරක් කෑවාම විසිවෙලා ගිහිල්ලා වැටෙනවා. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ, ධනවත්, බලවත් පවුල් වල ළමයිනුත් මේ අතර හිටියා. හැමෝම ගුටි කාලා නිකං හිටියා මිසක් මේවා ගැන පැමිණිලි කරන්න පුළුවන් බවවත් ඒ කාලයේ අපි දැනගෙන හිටියේ නැහැ.

    නමුත්, 1975 NCGE විභාගයේ එයාගෙන් ගණන් ඉගෙන ගත් කිසිවෙකු ගණිතය ෆේල් උනේ නැහැ, බහුතරයකට (මමත් ඇතුළුව) Distinction තිබුනා. ඊට හේතුව ගණිතයට ඇති විශේෂ දක්ෂතාවය නොව, පණට(හෝ කණට) ඇති ආදරය බවත් කිවයුතුයි.

    ගණිතයට ඩිස්ටින්ක්ශන් ගන්න පුළුවන් මහන්සි වෙලා ගුරුවරයෙක් නැතුව වුණත්.

    කනක් ඇහෙන්නැතුව ගියොත් මොකෑ කරන්නෙ
     
    • Like
    Reactions: vito

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ළමයින්ට මානසික ශාරීරික පීඩා වෙන දඩුවම් දෙන්න හොද නෑ. ඒ වගේම ගුරුවරු නිකන් ඉල්ලන් කන්න හොදත් නෑ. සමහර නසරානියෝ ඉන්නවා කියන දේ අහන්නේ නෑ. උන්ව හදන්නයි උගන්නන්නයි දෙකම කරන්න අමාරුයි. ඒ වගේ ළමයින්ව කොහෙන් හරි හෑදෙයි කියලා බලන් ඉන්න තමා ගුරුවරුන්ට තියෙන්නේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ගණිතයට ඩිස්ටින්ක්ශන් ගන්න පුළුවන් මහන්සි වෙලා ගුරුවරයෙක් නැතුව වුණත්.

    කනක් ඇහෙන්නැතුව ගියොත් මොකෑ කරන්නෙ
    ඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි.

    පළමුවෙනි එක, ගණන් හදන්නේ නැති අයට, එහෙම නැතිනම් කොපි කරලා අහු උන අයට ගහනවා මිසක්, ගණන් හදන්න අවංකවම උත්සාහ කරලා ගණන් වැරදුන අයට දඬුවම් දුන්නේ නැහැ. ඒ හැමෝටම වැරදුන තැන පැහැදිලි කරලා දුන්නා.
    ඒ වගේම, හොඳටම ගහලා දඬුවම් දීපු කොල්ලන්ට පන්තිය අවසානයේ, ඒ වැරැද්ද ආයිමත් කරලා අහු වෙන්න එපා, මීට පස්සේ වත් හොඳට හැදෙනවා කියලා යන්නත් එතුමා අමතක කලේ නැහැ.
    වැදගත්ම දේ තමයි, මීට වසර 45-50 කට පෙර අපි, වර්තමාන දරුවන්ට සාපේක්ෂව හොඳ දරා ගැනීමේ ශක්තියක් ඇති දරුවන් වූ බව.

    මේ මොනවා කිව්වත්, ගුරුවරු ශාරීරික දඬුවම් දීම මම අනුමත කරන්නේ නැහැ.
     
    දරා ගැනීමේ ශක්තිය කොච්චර තිබ්බත් ඒ කාලෙ කනකට ඔය ශොට් එක වැදුණ නං ඒත් එච්චරයි එක කනකිං ජීවත් වෙන්න වෙන්නේ. එකම වෙනස ළමයට කිසිම සාධාරණයක් වෙන්නෙ නැති එක විතරයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම නම් ගුටි කාපු දණ ගහපු එව්වා ගන්නට උසාවි ගියොත් මටම කියල වෙනම උසාවියක් හදන්න වෙනවා. මම ඉස්කෝලේ කාලේ හොදට ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙනවා. කවදාවත් ගෙදරට කියලා නෑ. හේතුවක් ඇතුව හෝ නැතුව ගහපු හැම ගුරුවරයෙකුටම මගේ හිතේ දැන්නම් කිසි තරහක් නෑ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔහොම කරන එක සාදාරනීකරනය කරන්ඩ හදන උන්ගෙ ලමයෙක්ට ගහල කනක් ඇහෙන්නෙ නැතුව ගියොත් බලන්ඩ පුලුවන් රෙදි උස්සගෙන දුවගෙන යන හැටි :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි.

    පළමුවෙනි එක, ගණන් හදන්නේ නැති අයට, එහෙම නැතිනම් කොපි කරලා අහු උන අයට ගහනවා මිසක්, ගණන් හදන්න අවංකවම උත්සාහ කරලා ගණන් වැරදුන අයට දඬුවම් දුන්නේ නැහැ. ඒ හැමෝටම වැරදුන තැන පැහැදිලි කරලා දුන්නා.
    ඒ වගේම, හොඳටම ගහලා දඬුවම් දීපු කොල්ලන්ට පන්තිය අවසානයේ, ඒ වැරැද්ද ආයිමත් කරලා අහු වෙන්න එපා, මීට පස්සේ වත් හොඳට හැදෙනවා කියලා යන්නත් එතුමා අමතක කලේ නැහැ.
    වැදගත්ම දේ තමයි, මීට වසර 45-50 කට පෙර අපි, වර්තමාන දරුවන්ට සාපේක්ෂව හොඳ දරා ගැනීමේ ශක්තියක් ඇති දරුවන් වූ බව.

    මේ මොනවා කිව්වත්, ගුරුවරු ශාරීරික දඬුවම් දීම මම අනුමත කරන්නේ නැහැ.
    ඒ දවස් වල දරුවො කොන්ක්‍රීට් වලින් වෙන්න ඇති හැදුවෙ :lol::lol::lol::lol:
    දඬුවම් දෙන්න ඕන තමා, හැබැයි ජීවිතකාලෙටම බලපවතින ශාරීරික හිංසා වැරදියි
    ඒවගේම ඔය වගේ දඬුවම් නිසා වෙන මානසික බලපෑම් තියෙන්නත් පුළුවන්