1970 දශකයේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ අපේ ගණිත ගුරුවරයා උන කුමාරසිංහ මහත්තයා ගහන ගැහිලි දක්කාමත් ඇඟ රිදෙනවා. දෙකේ හතරේ බොඩියකුයි, ඇසේ ලොකු වපරයකුයි තිබුන එයාට තන්ඩර් (thunder) කිව්වේ අකුණු ගහන්නා වගේ ගහන නිසායි.
එයාගෙන් ගුටි කාපු ළමයින්ට වන්දි ගෙවන්න උනානම්, ලංකාවේ බජට් එකටත් වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා.
එයාගේ කණේ පාරක් කෑවාම විසිවෙලා ගිහිල්ලා වැටෙනවා. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ, ධනවත්, බලවත් පවුල් වල ළමයිනුත් මේ අතර හිටියා. හැමෝම ගුටි කාලා නිකං හිටියා මිසක් මේවා ගැන පැමිණිලි කරන්න පුළුවන් බවවත් ඒ කාලයේ අපි දැනගෙන හිටියේ නැහැ.
නමුත්, 1975 NCGE විභාගයේ එයාගෙන් ගණන් ඉගෙන ගත් කිසිවෙකු ගණිතය ෆේල් උනේ නැහැ, බහුතරයකට (මමත් ඇතුළුව) Distinction තිබුනා. ඊට හේතුව ගණිතයට ඇති විශේෂ දක්ෂතාවය නොව, පණට(හෝ කණට) ඇති ආදරය බවත් කිවයුතුයි.
ඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි.ගණිතයට ඩිස්ටින්ක්ශන් ගන්න පුළුවන් මහන්සි වෙලා ගුරුවරයෙක් නැතුව වුණත්.
කනක් ඇහෙන්නැතුව ගියොත් මොකෑ කරන්නෙ
ඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි.
පළමුවෙනි එක, ගණන් හදන්නේ නැති අයට, එහෙම නැතිනම් කොපි කරලා අහු උන අයට ගහනවා මිසක්, ගණන් හදන්න අවංකවම උත්සාහ කරලා ගණන් වැරදුන අයට දඬුවම් දුන්නේ නැහැ. ඒ හැමෝටම වැරදුන තැන පැහැදිලි කරලා දුන්නා.
ඒ වගේම, හොඳටම ගහලා දඬුවම් දීපු කොල්ලන්ට පන්තිය අවසානයේ, ඒ වැරැද්ද ආයිමත් කරලා අහු වෙන්න එපා, මීට පස්සේ වත් හොඳට හැදෙනවා කියලා යන්නත් එතුමා අමතක කලේ නැහැ.
වැදගත්ම දේ තමයි, මීට වසර 45-50 කට පෙර අපි, වර්තමාන දරුවන්ට සාපේක්ෂව හොඳ දරා ගැනීමේ ශක්තියක් ඇති දරුවන් වූ බව.
මේ මොනවා කිව්වත්, ගුරුවරු ශාරීරික දඬුවම් දීම මම අනුමත කරන්නේ නැහැ.

ඒ දවස් වල දරුවො කොන්ක්‍රීට් වලින් වෙන්න ඇති හැදුවෙඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි.