දතක් ගලවන්න කීයක් අයකරනවද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    "දතක් ගලවන්න කීයක් අයකරනවද?”
    ”ඩොලර් දාහයි.”
    ”හපොයි. ඊට වඩා වියදම් අඩු විදිහක් නැද්ද?”
    ”තියෙනවා. හැබැයි දරාගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා,”
    ”එ් කොහොමද?”
    ”කට හිරිවට්ටන බේත නිසා තමයි වියදම වැඩි. එ් ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ නැත්තම් ඩොලර් තුන් සීයයි.”
    රෝගියා එකඟ වුණා. දත් දොස්තර දත ගැලෙව්වා. රෝගියාට කිසිම ගාණක් නෑ.
    ”මගේ සීයා හා. චිං (Ha Ching) ඇමරිකාවට ඇවිත් මේ සාප්පුව දාලා අවුරුදු සීයකට වැඩියි. මගේ තාත්තා චිං චිං (Ching Ching). එයත් අවුරුදු හතළිහක් විතර කළේ මේ රස්සාව. මම චිං දත් කිං (Ching Dat King). මගේ සර්විස් එකත් අවුරුදු තිස් පහකට වැඩියි. එ්ත් මට කවදාවත් මේ වගේ නිර්භීත, මේ වගේ වේදනාවට ඔරොත්තු දෙන කෙනෙක් මුණ ගැසිලා නෑ. මගේ පරම්පරාවේ කිසි කෙනකුටවත් මුණ ගැසුණු වගක් අහලාවත් නෑ. ඔබ හරි ම පුදුම කෙනෙක්.” දත් දොස්තර විමතිය පළ කළා.
    ”මම ශ‍්‍රී ලංකාවේ දකුණේ වීරෝධාර පවුලකින් පැවත එන කෙනෙක්. අපේ පරම්පරාවම එහෙම තමයි.” රෝගියා පුළුන් කෑල්ලත් හක්කේ හපාගෙන උත්තර දුන්නා.
    ”මට ගාස්තු එපා. හිතේ සන්තෝෂෙට මං ගානෙ ඩොලර් පන්සීයක් ඔයාට දෙනවා. මට කියන්න මේ රහස ගැන.” චිං දත් කිං ඉල්ලා සිටියා.
    ”මොන පිස්සු කතාවක් ද? මේ රහස් රාජ්‍ය රහස් වලටත් වඩා උතුම්. අපේ පරම්පරාවේ අයගෙන් පිටත කාටවත් කියන්නේ නෑ. එ්ක අපේ ජාතියේ හැටි.”
    එදා හැන්දෑවේ පිලඩෙල්පියාවේ එක්තරා වීදියක චීන ජාතිකයන් එකතු වන ශාලාවක සාදයක් තිබුන. එකම වීදියේ, යාබද දන්ත සායන සාප්පු පවත්වාගෙන යන චීන ජාතික දත් දොස්තරවරුත් එතැනට එකතු වෙලා.
    එදා දවාලේ තමන්ට හමුවුණු වේදනා දරා ගන්නා ගැන චිං දත් කිං දොස්තර විස්තර කළා.
    ”ඔය කියන්නේ අඩි පහයි අඟල් අටක් විතර උස, රෝස පාට අත් කොට කමිසයක් ඇඳගෙන හිටපු ඉන්දියන් කාරයෙක් ගැන ද?” ඩොක්ටර් මං දැං සුං (Mung Dan Soong) ඇහුවා.
    ”ඌ ඉන්දියාවේ එකෙක් නෙවෙයි. එ් ළඟ රටක. ශ‍්‍රී ලංකාවේ. උගේ දකුණු කනේ යට පුංචි ගැටිත්තකුත් තිබුණා.”
    ”හරි හරි ඌ තමයි. උගෙ අම්මට &$#&@ එහෙමත් එකෙක්.”
    ”මොකක්ද අප්සැට් එක?”
    ”මේකනෙ. ඌ මගේ සාප්පුවට ආවා. ‘දතක් ගලවන්න තියෙනවා ගාන කීයද?‘ කියලා ඇහුවා. මං ‘ඩොලර් දාහයි‘ කිව්වාම, ‘හා’ කිව්වා. ඊට පස්සේ මං නිර්වින්දක ඉන්ජෙක්ෂන් එක ගහලා පැය බාගයක් ඉඳගෙන ඉන්න කිව්වා. පස්සෙ බලන කොට මූ නෑ. මං කල්පනා කර කර හිටියේ මූ කොහෙද අතුරුදහන් වුණේ කියලා. ”
    මහින්ද ගුණවර්ධන
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ශ‍්‍රී ලංකාවේ දකුණේ වීරෝධාර පවුලකින් පැවත එන කෙනෙක්.