1. simඑකෙන් පුද්ගලයෙක් හොයනවා කියල අහන්නේ ඉන්න තැනද ? නම ද ?
සිම් එකක් ෆෝන් එකට දාල ඔන් කලාම නෙට්වර්ක් එකේ ඒ සිම් එකේ විස්තර, දාපු ෆෝන් එකේ ඉමි නම්බර් එක ලොග් වෙනව. තව සිග්නල් ලැබෙන ටවර් එකේ අයිඩි එකත්. ටවර් අයිඩි එකට ආදාල අක්ෂාංශ දේශාංශ තියෙනවා ඒකෙන් ටවර් එක තියෙන තැන ගන්න පුළුවන්. ටවර් එකේ කවරේජ් එක අනුව රව්ම් ප්‍රදේශයක ෆෝන් එක තිබ්බා කියල උපකල්පනය කරන්න පුළුවන්. ෆෝන් එකේ ඉමි නම්බර් එකෙන් ඊට කලින් භාවිතාක් ඇරපු සිම් වල විස්තර ගන්නත් පුළුවන්. මේකට TRC එකෙන් නියෝගයක් ඕනා නෙට්වර්ක් වලට.
2. ටැප් කරන උපකරණ තියෙනවලු. ලංකාවේ පහුගිය කාලේ උනේ ත්රස්තවිමර්ශනෙට මුවා වෙලා ඔක්කොම නෙට්වර්ක් වලට නියෝග දුන්නා තෝරාගත් පිරිසකගේ (විපක්ෂේ) ෆෝන් වලින් ගන්න කෝල් විස්තර දෙන්න කියල. සාමාන්‍ය සිංහලයෙක් මේවා ගන්නවා නම් උසාවි නියෝගයක් අවශ්‍යයි. ඩිරෙක්ට් ටැප් කිරීමකින් තොරව වොයිස් කෝල් අහන්න බෑ ඒවා නෙට්වර්ක් එකේ රෙකොර්ඩ් වෙන්නේ නෑ මැසේජ් ගැන නොදනිමි.