ඉස්සර මම වැඩකරපු ඔෆිස් එකක කොල්ලෙක් හුවාවි ස්මාට් වොච් එකක් අරන් ආව. අපිත් ඉතින් මේක ඉල්ලගෙන දාල බලනව ලොක්කා බලන් හිටිය. මෑන් එහාට මෙහාට යනවා ලොකු ආතතියකින් වගෙ. ඊලඟ දවසෙ ලොක්ක එනව ඇපල් වොච් එකක් අරගෙන. ඇවිත් හැමෝටම පෙන්නනව ඒක.
තව දවසක් ඔෆිස් තව එකෙක් ගෙදර වැඩකට කියල ඩ්‍රිල් එකක් අරගෙන ඔෆිස් එකට ගෙනාව හවස යනකොට ගෙනියන්න. අපිත් ඕක ඉල්ලගෙන එක එක අදහස් දක්වනව. ලොක්ක ඇවිත් ගාන ඇහුව. 5000ක් විතර කිව්වම ඊලඟ දවසෙ ගිහින් ලොක්ක එකක් අරන් 15000ක් දීල.
මේ වගේ කතා ගොඩක් සිද්ධ උනා ඒ කාලෙ.
දැන් මේ දොස්තරගෙ නලාවෙ කතාවත් ඒ වගේ. සමහරුන්ට පේන්නෙ තමන්ට ඔය නලාවක් නැතිකම අඩුවක් විදිහට. ඊට පස්සෙ ආතතිය හදාගන්නවා