දනපාලගෙයි සමපාලගෙයි කතාව
දනපාලගෙයි සමපාලගෙයි කතාව
********
ඔන්න ළමායි මම ඔයාලට කතාවක් කියන්න යන්නෙ එකත් පස්ව වාඩි වෙලා අහන්න කැමති අය අහපල්ල නැති උන් ජනේලෙන් නොදී පලයල්ල
ඔන්න එකමත් එක රටකට දුර බැහැර ගමක හේන් ගොවිතැන් කරන ගොවියො දෙන්නෙක් උන්නලු මේ දෙන්නම කලේ එක හේනල් වවල එකෙ කැකිර් වවල ආදායම දෙකට බෙදන් ඒකෙන් ජිවත් උනාලු. දෙන්නම එක වයසෙ නිසි කලට විවාහ වෙලා එහෙම දරුමල්ලො එහෙම උන්නලු ඉතිං හැබැයි දෙන්නටම උන්නෙ එක පුතා බැගින්
මේ ගොවියො දෙන්නගෙ පුතාල දෙන්න තමා අපේ කතාවෙ කතා නායකයො දෙන්න
මේ දෙන්නගෙ නම් එක්කෙනෙක් දනපාල
අනෙක සමපාල, ඔන්න දනපාලයි සමපාලයි දෙන්නම ඉපදුනෙ එකම අවුරුද්දෙලු. දෙන්නම ගමෙ ඉස්කොලෙ ගිහින් තුනෙ පන්තියට එන ඉස්කොලෙ ගිහින් සල්ලි නැති නිසා දෙන්නගෙ තාත්තල එක්ක එකතු වෙලා හේන් ගොවිතැනට උදව් කරන්න ගෙදර දොරෙ වැඩ වලට උදව් වෙන්න ගත්තලු
වයස අවුරුදු 7-8 කාලෙ ඉදල මේ දෙන්න සෑහෙන කාලයක් තාත්තල එක්ක හෙන් කර කරානෙ ඔන්න දවසක් දනපාල සමපාලගෙන් මෙහෙම අහනව
දනපාල-
" මචං සමය මෙහෙම තාත්තල්ගෙ හෙනම කොටල හරියන්නෑ අපි දෙන්න එකක් පටං ගමුද කෙසෙල් වලට දැන් මාර මාකට් ලු"
සමපාල-
අනේ දනේ ඔව ලේසි නෑ බං..කෝ සල්ලි ඉඩං කොහොමද හොයා ගන්නෙ
දනපාල - ඉඩම් ඉතිං කැලෙ කපල තමා සල්ලි නම් මම ගාව ඉතුරු කර ගත්ත ටිකක් තියණව ණයක් වෙලා ඉතුරු ටික හොයාගමු පැල ගන්න නෙ සල්ලි ඔන බං
සමපාල -
අනේ මන්ද බං ඔව පටං අරං කෙල උනාම ණයත් ගෙවා ගන්න බැරි වෙනව අන්තිමට
නිදි මරන්න අලි එලවන්න. ලේසි නෑ බං හෙන් කරන එක
දනපාල -
මොකද්ද බං ලේසි උඹට බැරි නං නිකා හිටිං මම හරි පටං ගන්නව
සමපාල - උඹ පටං ගනින් කො.. මාත් පස්සෙ සෙට් වෙන්නම් මේ ටිකෙ හරි අමාරුයි බං
ඔන්න ඉතිං දනපාල දවසක් ගිහින් තාත්තගෙ හේනට එහයින් කැලෙ එලිකරල පොඩි හේනක් කොටා ගෙන
එකතු කර ගත්ත සල්ලි ටික දාල ණය වෙලා කෙහෙල් වගාවක් පටං ගන්නව
හැබැයි සමපාල එයාගෙ තාත්ත එක්කම හෙන් කොටං ඉන්නව...
දනපාල මහන්සි වෙලා පැල් රැකල අලි එලවල හේන ආරක්ශා කරල තාත්තගෙහෙනෙත් වැඩ ලරල පලවෙනි කන්නෙ හොද අස්වැන්නක් ගන්නව හොද එක විකුණල ණය තුරුස් අහවර කරල. දනපාල ඊලග කන්නෙට සල්ලිත් ඉතුරු කරගෙන ෆයිනෑන්ස් එකක් දාල ඔන්න පොඩො MD 90 බයික් එකකකුත් ගන්නව..
සමපාල ඉතිං දනපාලගෙ හොදම යාලුව දැන් ඔන්න දවසක් දෙන්න පොඩි රා කට්ටකට සෙට් වෙනව
ඉතිං සමපාල මෙහෙම අහනව
සමපාල - ඇයි බං උඹ ණය උනෙ බලපං අපි දෙන්නම කාටවත් ණය නොවි කාල බීල උන්න දැන් උඹ ණය කාරයෙක් මොකටද බං ණය වෙලා බයික් ගත්තෙ
දනපාල - සල්ලි එකතු කරල බයික් එක ගන්නවට වඩා ලෙසි නෙ බං තියන ටික දික අරං එකෙන් හම්බ කරල ණය වාරිකෙත් ගෙවල හැමදාප පයින් යන්නැතුව බයික් එකත් පාවිච්චි කරන එක
සමපාල- අනේ මන්ද බං උඹනම් කවද හරි ඔහොම ගිහින් ලොකු ආමරුවක වැටෙනව මම අද කිව්ව කියල මතක තියා ගනින්..ඔහොම ණය වෙන්න එපා බං...
ඔන්න දැන් ඉතිං දනපාල බයික් එක ගන්නව බිස්නස් කරනව එකෙන් පොළට ගිහින් හෙනෙ කෙසෙල් වවණව දැන් ඔහොම අවුරුදු දෙක තුනක් යන කොට දනපාලගෙ කෙසෙල් බිස්නස් එක සරුයි දනපාල දැන් පොඩි ඩිමො බට්ටෙක් ණය වෙලා අරගෙන ඔන්න අනෙක් හේන් වලින් කැකිරි වට්ටක්ක තල කුරහන් එකතු කරල නගරෙට ගෙනියන්න ගන්න...
කෙසෙල් හේනත් සරුවවට ලොකුවට කෙරි ගෙන යනව
දනපාලට දැන් වැඩ වැඩි නිසා තමන්ගෙ විස්වාස ලගම යාලුව සමපාලත් සෙට් කරගන්නව
දැන් දෙන්න එක්ක ගිහින් එලවලු පලතුරු එකතු කරල දවස ගානෙ පොළවල් වලට පලාත් වලට ගිහින් විකුණනව
දනපාල මාසෙට ලක්ශ 2-3 ආදායමක් ගන්නව අපරාදෙ කියන්න බෑ හොදම යාලුව සමපාලටත් 20-30 මාසෙට දෙනව මහන්සියට. සමපාලයි දනපාලයි දෙන්නම ඔන්න තරුණ වයසෙ
සමපාලත් හම්බෙන පඩියෙන් පොඩි පැල් කොටයක් අටවගෙන තාත්තගෙ ඉඩමෙම හාමිනෙ කෙනෙක් කැන්දන් එනව
හැබැයි ඉතිං දනපාල ලක්ශ පතිය නෙ දනපාල ලොකු බැංකු ණයක් එහෙම අරගෙන සමපාලහෙ තාත්තගෙ ඉඩමට අල්ලපු ඉඩම අරගෙන තට්ටු දෙකට ගෙයක් හදන්න පටං ගන්න...
මෙක දකින සමපාල දනපාල දනපාලට හැමදාම කියන ඔහොම ණය වෙන්න එපා බලපං උඹ ලක්ශ ගාණක් වටේටම ණයයි නේ..
එකට බලපං මම කාටවත් සත පහකට ණය නෑ කියල පුරාජෙරුව කියවනව
දැන් ඔහොම යන කොට දනපාලගෙ ව්‍යාපාර බොහොම දියුණු වෙනව
දනපාල ආයෙ බැංකු ණයක් එහෙම අරගෙන ලොකු ලොරියක් අරන් ඔන්න දැන් ලොරියෙන් බඩු එකතු කරල එක එක නගර වල තොග වෙලද මද්‍යස්ථාබ වලට දෙනව දවසට තිස් හතලිස් දාහක් ආදායම.
සමපාලටත් හොදට සලකනව මාසෙට 50-60 මහන්සිටට ගෙවනව. ..
ඔහොම යන කොට ඉතිං දනපාලගෙන් හොද පඩියක් ගන්න සම්පාල අර පැල් කොටෙ සිමින්ති ගඩොලෙන් බැන්ද පොඩි ගෙයක් කරල හදාගෙන, පරන මොටර් සයිකලයක් එහෙම අරං දරුවොන්ටත් ආන්ඩුවෙ ඉස්කොලෙ දාල උගන්න ගෙන ඉන්නව
දනපාලනම් සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙ දනපාල පාවිච්චි කරන්නෙ ප්‍රාඩො ලෑන්ඩ් රොවර්ස්, ලමයි යන්නෙ කොළඹ ජාත්‍යන්තර පාසල් වලට
ඔහොම ගිහින් දනපාලට හිතෙනව ව්‍යාපාර වලට දිව්ව ඇති පවුලලමයි වෙනුවෙන් කාලෙ වැය කරන්න ඔන කියල
ඉතිං සමපාලට කතා කරල කියනව මෙහෙ
දනපාල - සමය මචං මම දැන් අවුරුදු 20-30 මේ බිස්නස් වලටම මගෙ ජිවිතෙ ඉවර කරා දැන් වත් මට මෙ ලමයි එක්ක නිදහසෙ පොඩ්ඩක් කාලෙගෙවන්න ඔන උඹට මම එක්ක ඔක්කොම කළ එකානෙ උඹ වැඩ ටික බලා ගෙන කරපං මචං කියල
බඩු එකතු කරන එව ගෙනියන එව සල්ලි එකතු කරන එව සමපාල ට බාර දීල..
දනපාලගෙදර ඉදන් ව්‍යාපාර මෙහෙයවන වැඩ කරනව....
දනපාල දැන් බඩු එකතු කරන්න විකුණන්න කොළඹ යන්නෑ.. යන්නෙ සමපාල
සමපාලට ලක්ශ 2-3 පඩියක් මාසෙට ගෙවල ගොලයෙකුත් දීල ඔන්න සමපාල වැඩෙ කරන් යනව සමපාලටත් සරුයි ඉතිං ලමයි දැන් කැම්පස් එකෙ
දනපාලගෙ ලමයි නම් දැන් ඉගෙන ගන්නෙ පිටරට
සමපාල පාන්දර නගිටල ගොලය එක්ක බඩු එකතු කරල එව අරං ගිහින් විකුණල එන්නෙ රෑ වෙලා
සමපාල හැමදාම හවසට හැම සතියකම ලක්ශ 7-8 සල්ලි එකතු කරං ගෙදර ගෙනල්ල බොහොම විස්වාස වන්ත විදියට එව දනපාලට ගනුදෙනු බෙරල ඉනව
ඔහොම යන කොට සමපාලගෙ කැම්පස් එකෙ ඉන්න පුතා කියනව
"බලන්න තාත්තෙ තාත්ත උදෙ පහට ගිහින් රෑ 10-12 වෙලා එන්නෙ...දවසම මහන්සි වෙනව
ඒත් දනපාල මාමා ගෙදරටවෙලා නිකං ඉන්නව තාත්ත මැරිල.මැරිල ඒ මිනිහට හම්බ කරල දෙනව
ඔය තාත්තගෙ ශ්‍රමය ඔය මිනිහ හූරගෙන කන්නෙ මාසෙට ලක්ශ 30-40 හම්බ කරල තාත්තට ලක්ශ 2 දෙනව..
ඔහොම ශ්‍රමය සූරා කන්න දෙන්න එපා ඔය තාත්තගෙ සල්ලි තාත්තගෙ ශ්‍රමය
ඔය සල්ලි වලිං ලොරියෙ කුලියයි තෙල් වල සල්ලි ඒ මිනිහට දුන්නම
ඉතුරු සල්ලි ඔක්කොම තාත්තගෙ මහන්සියෙන් හම්බ කරල දෙන එව..
තාත්ත හෙටම ගිහින් කියන්න ලක්ශ 2 මදී සාධාරණ ගානක් දෙන්න කියල"
ඒත් සමපාල කැමති නෑ යාලුවගෙන් එහෙම ඉල්ලන්න
ඉතිං සමපාල දිගටම ලක්ශ 2 වැඩ කරල 30-40 දනපාලට එකතු කරන් එනව මසෙට
පුත දවසක් තාත්තට් කියනව මේ තාත්තෙ ඔය දනපාලයගෙ ගාව කුණු කොල්ලෙට කඹරන්න නම් ලෑස්ති වෙන්න එපා ඔක අපි වගෙ දුප්පත් උන්ගෙ සල්ලි මංකොල කන්නෙ ඔය තාත්තගෙ දාඩිය මහන්සියෙන් උපදවන නිශපාදනයෙ අතිරික්තය ලක්ශ 20-30 නිනිහ ගන්නෙ ...අන්න එක සූරෑ කෑම ඔය හොරු ගාව තියෙන්නෙ අපෙ සල්ලි උන්ගෙ ලමයි පිටරට ඉගෙන ගන්නෙ අපි ආන්ඩුවෙ ඉස්කොලෙ ආන්ඩුවෙ කැම්පස්
උන් බෙන්ස් ප්‍රාඩො වල යන්නෙ අපි යන්න පුශ් සයිකලෙ ඔකුන් අපෙබ් හොරා කාපු සල්ලි අපි අපෙ මිනිස්සුන්ට අරගන්න ඔන.. "
ඔහොම කියල සමපාලගෙ පුතා සමපාල එක්ක දනපාල ගෙ ගෙදර ගාවට ඇවිල්ල කෑගහනව
"අඩො දනපාලය උඹ අපේ තාත්තගෙන් හොරකං කරං ගත්ත සල්ලි අපිට දියව් උඹ අපෙ තාත්ත අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරල තාත්තගෙ ශ්‍රමය සූරා කාල් ඒ සල්ලි වලිං මාලිගා හදන් රජ වෙලා ඉන්නව . උඹල වගෙ හොරු මංකොල්ල කාරයො හොරා කාපු සල්ලි අපි ගන්නව යකෝ...අපි දාඩිය හලල වැඩ කරන්න උඹල රජ සැප විදින්න එව අරියන්නැ ඩෝ.."
දනපාල මෙක බලං ඉදල ගෙදර වැඩට උන්න කොල්ලො දෙන්නට කියනව
"වරෙන් පොලු කෑල්ලකුත් අරං අරූට මොකද වෙලා තියෙන්නෙ බලන්න කියල"
ගිහින් අහනව දැන් උඹට මොකද්ද කෙරෙන්න ඔන කියල
කොල්ලකියනව " අපෙන් හොරා කෑව සල්ලි අපිට දියව් යකො"
කියල දනපාලට මල.පැනල පොල්ලක් කැඩෙනකන් අරුට ගහල පන්නනව
දැන් දනපාලට සමපාලත් එක්කත් මල ...
සමපාල ගෙ පුතානෙ ඉතිං දනපාලට සද්දෙ දැම්මෙ එකත් සමපාල එක්ක ඇවිල්ල දනපාලට සමපාල ගැන හොදටම කල කිරෙනව
දනපාල ... සමපාලට පනිවිඩයක් යවනවව
"සමපාල හෙට ඉදන් වැඩට එන්න අවශ්‍ය නෑ, වෙන කෙනෙක් සොයා ගත්ත"කියල
දැන් ඔන්න ඉතිං සමපාල ආයෙ ගෙදරට වෙලාඉන්නව ..කැම්පස් එකෙ උන්න ලමයත් කැම්පස් අවුට් වෙලා අට්ටාල වල රැකල රැකල් ආන්ඩුවෙ ගුරුපත්වීමක් අරන් ඈත ගමකට ගිහින් පෙලවහක් කරන් එහෙටම.පැල පදියං වෙලා
අනෙක් ලමයිනුත් ඔය පොඩි පොඩි රස්සවක් කරං ඉන්නව
සමපාල ගෙ බයික් එකත් විකුණල.. ගෙදරත් ගරා වැටිල... කන්න බොන්නත් හරි හමන් වත් කමක්.නෑ
සමපාල මැරුණ තාත්තගෙ හේන හෙමිහිට වගා කරගෙන හාමිනෙ එක්ක එදා වෙලා කාල ගරා වටුන ගෙදරට වෙලා ජිවත් වෙනව
අල්ලපු වැටෙ දනපාල ඉන්නව සිව්මහල් ප්‍රාසාධයක් වගෙ ගෙයක් හදල සුපිරි දනකුවේරයෙක් වගෙ . ...
සමපාලට හිතෙනව ආයෙ ගිහින් රස්සව ඉල්ලන්න සමාව ඉල්ල...ඒත් එහෙම කරාම කැම්පස් ගිය පුතාට කරන මදිපුංචිකමක් නේ දෙකෙ පන්තියට ගිය දනපාල ගෙන් රසාවක් ඉල්ලන එක කියල සමපාල කර බාගෙන උන්න
ඔන්න ඔකයි පින්වතුනි
දනපාලගෙයි සමපාලගෙයි ජිවිත කතාව
From : Dul Dee (Facebook)

Last edited:

(avatar) 