දන්තාලේප Color codes ගැන ඇත්ත නැත්ත
ෆේස්බුක් හි පැතිරයන දන්තාලේප Color codes ගැන ඇත්ත නැත්ත
මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් දන්තාලේපවල තිබෙන Color codes මඟින් දන්තාලේපයේ තිබෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය ද නැතිනම් කෘත්‍රිම දෑද යන්න සොයාගන්නා ආකාරය පිළිබඳව ඡායාරූපයක් සහ විස්තර පැතිර යමින් තිබේ. අප මේ පිළිබඳව සොයාබැලීමක් කලේ මෙහි සත්‍ය අසත්‍යතාව අප පාඨකයන්ට දැනුවත් කිරීමේ අවශ්‍යතාවයෙන්.
ඇත්තටම මොකක්ද මේ කතාව? මේ කේතය යොදාගන්නේ වෙන කිසිම හේතුවකට නොව, ටියුබය මුද්‍රණයේදී ඉදිරිපස සහ පසුපස නිවැරදිව ස්ථානගත කිරීමටයි.
කිමද, පළමු ටියුබයේ ස්ථානගතවීම වැරදි වුවහොත්, නිෂ්පාදනය කල සියලු ටියුබ් විසිකලයුතු වීමයි. එසේ නොවීම සඳහා නිෂ්පාදකයන් තද වර්ණයකින් යුත් කුඩා සෘජුකෝණාස්රාකාර හෝ සමචතුරස්‍රාකාර කොට්ටක් ටියුබයේ අගට වන්නට මුද්‍රණය කරනු ලබයි.
කළු, රතු, නිල් වැනි තද වර්ණයන් මුද්‍රණය කරන්නේ එය ටියුබයේ ඇති අනෙකුත් තොරතුරු වලින් කැපී පෙනීම සඳහායි.
එසේම ඇතැම් නිෂ්පාදනයන් හිදී, ටියුබයට/බෝතලයට/පැකට්ටුවට ඇතුලත් කල යුතු දෑ ස්වංයංක්රීයව ඇතුලත් වීමේදී, නිවැරදිව ටියුබයට/බෝතලයට/පැකට්ටුව යන්ත්‍රයට ඇතුල් වන්නේ මෙම Eye Mark හෙවත් කලර් කෝඩ් එක ස්කෑන් වීමෙනි.
එබැවින්, මෙම කලර් කෝඩ් පිළිබඳව ඇතැම් ෆේස්බුක් පිටු නොදැන හෝ අත්වැරැද්දකින් ප්‍රචාරය වන්නේ අසත්‍ය තොරතුරක් බවත්, කිසිසේත්ම දන්තාලේපවල අඩංගු ද්‍රව්‍ය හා සම්බන්ධයක් නොමැති බවත් අප අවධාරණය කරමු.
තොරතුරු – ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතනයකින් සහ අන්තර්ජාලයෙන්
උපුටා ගැනීම සිංහල හබ් එකෙනි

ඕක අපේ කිඹුල් මාමිත් කිව්වා..... 