මේකනම් සිරා මචන්. සමහර doctors ල ගේ prescription කියවන්න පුළුවන් pharmacy වල ඉන්න එවුන්ට විතරයි. blood checkup එහෙම ඕනෙනම් lab එකේ නමත් එක්කම කියන්නේ. දවසක් මගේ lipid profile එකක් මම දන්නා lab එකකින් ගෙනාවා කියල මට බනින්න ලෑස්ති වුණා. මමත් කට වහගෙන හිටියේ නැහැ.
මම දැනගත්ත එක දෙයක් තියනවා. අපේ දොස්තරලට ලෙඩ්ඩු බයයි. ප්‍රශ්නයක් අහන්න බයයි. නමුත් බටහිර රටවල එහෙම නැහැ. ඕකයි වෙනස. ලංකාවේ දොස්තර මැරෙන්න බෙහෙතක් දුන්නත් එක බොන්න ඕනේ ( යුතුයි. ) රෝගියාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරන්න අකැපයි. එතකොට ලංකාවේ දොස්තරලා අහන්නේ තමුසෙලා අපිට උගන්වන්න එනවද කියලා.
අනෙක ලංකාවේ ඩිස්පැන්සරියකින් හරි රජයේ රෝහලකින් බෙහෙතක් ගත්තොත් ඖෂධයේ නම පවා සදහන් කරන්නේ නැහැ. එතකොට ලෙඩා දන්නේ නෑ මේ මොනවද බොන්නේ කියල. වැඩේ කෙලවුනොත් ඊළඟ දොස්තරට අඳුරගන්න බැහැ කලින් ඩොකා මොනවද දුන්නේ කියලා. මම මේක කියන්නේ මගේ අත්දැකීමකින්.
අනෙක බෙහෙතේ නම දන්නවනම් රෝගියාට පුළුවන් බොන්න පෙර එම බෙහෙතේ නම ඉන්ටර්නෙට් එකේ ගහල විස්තර දැන ගන්න. යම් අසාත්මිකතාවයන් සහ අතුරු ප්‍රතිපල අන්තර්ජාලයේ මනාවට විස්තර කරලා තියනවා. මේවට සම්පුර්නයෙන්ම රජය වගකියන්න ඕනේ. දොස්තර හිතන්නේ එගොලෝ තමයි සියල්ල දත් අය කියලා.
Last edited:




