දන්නවද A B C D E F ගැන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්නවද A B C D E F වලින් කියවෙන දේවල් ජීවිතේ ගැන.

    කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිතල බඳින්න බලාගෙන ආශ්‍රය කරනවානම් මේවා ගැන පොඩ්ඩක් හිතන්න.

    A ---> AGE

    වයස. කෙල්ලෙක්ගෙ වයස හොඳින් බලන්න. ලස්සන තියේනම් අක්ක කෙනෙක් උනත් මොකෝ කියල අපේ කොල්ලෝ හිතනවා. එත ඔයාල දන්නවද කෙල්ලෙක්ට ළමයි දෙන්නෙක් විතර ලැබුනට පස්සේ ගොඩක් වයස පේන්න ගන්නවා කියලා. ඒ නිසා තමන්ට වැඩ වයසින් අඩු කෙනෙක්ව හොයා ගන්න. සම වයසේ උනත් කමක් නැහැ. හොඳින් අවබෝධය තියේනම් සම වයස් වල උනත් කමක් නැහැ.


    B ----> Beauty

    ලස්සන. ලස්සන කන්නද කියල හිතුවට, ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්නකොට කොහොමද දැනෙන්නේ. ලස්සන කියන්නේ මුහුණ ඇඟ විතරක් නෙවෙයි. හිතත් ලස්සන වෙන්න ඕන. සමහර කෙල්ලෝ ඉන්නවා පිට පලු වගෙයි. මුහුණ ලස්සනයි. එත් එයාල බයෙන් ඉන්නේ ලස්සන ඇඟ පත තියෙන කෙල්ලෙක් දැක්කොත් තමන්ගේ කොල්ල එයා පස්සේ යාවි කියල. එතකොට තමයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා තමන්ට හිතලා තීරණය කරන්න.


    C ---> Charactor

    චරිතය. කොච්චර උගත් ලස්සන උනත් වැඩක් නැහැ ඒ කෙල්ල චරිතවත් නැත්නම්. ඒ කියන්නේ හිත හැම තැනම දුවනවා නම්. අද කෙනෙක් එක්ක. හෙට තව කෙනෙක් එක්ක. එහෙම එවුන් මොකටද නේද. අද කාලේ කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නෙක් ගන්න උනත් පුළුවන්. ඒ තරම් කෙල්ලෝ ඉන්නවා. දැක්ක ගමන් පස්සෙන් ගිහිල්ලා කුණු ගොඩක් කරගහන්නේ නැතිව, හිතල බලල, හොයල බලල තීරණය කරන්න.


    D ---> Dowery

    දෑවැද්ද. නිකන් දෙන දේ නිසා එපා කියන්න එපා. කවද හරි තිබුනෝත් ඔයාල දෙන්නට වගේම ඔයාලගේ දරුවොන්ට. ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් එන්න, මට ඔයා හිටියා නම් ඇති, වෙන මොනවත් ඕන නැහැ කියල මෝඩ වෙන්න එපා. එහෙම කියනවා නම්, පස්සේ ඒ කෙල්ලට අපහාස කරන්නත් එපා. පවුලේ එකම කෙල්ල නම් දත ගලවන්න බලන්න. කොච්චර උනත් එයාට උනත් ආඩම්බරයිනේ.


    E ---> Education

    අධ්‍යාපනය. තමන්ට වැඩ උගත් කෙනෙක් හොයාගන්න. එතකොට තමන්ට වරදින්න ගියත් උපදෙසක් ගන්න පුළුවන්. උගත් කමක් තියෙන කෙල්ලෙක් කවදාවත් තමන්ගේ මිනිහ ඇරෙන්න වෙන මිනිහෙක් ගැන හිතන්නේ නැහැ. එහෙම කියල පණ්ඩිත කෙල්ලොත් ඉන්නවා අපිව හදන්න යන, එයාලගෙන් බේරිලා ඉන්න දැනගන්න යාළුවෙලා ඉන්න කාලෙදිම.


    F ---> Family Background

    පවුල් පසුබිම. අද ගොඩක් දෙනෙක් හොයන්නේ නැති දේ තමයි. හොඳට බලන්න කෙල්ලගේ අම්ම ගැන. ඒ වගේම සහෝදර සහෝදරියෝ ගැන. අම්ම වල් වැඩ කරපු කෙනෙක් නම් දුව ප්‍රවේසම් කර කර තමයි ඔයාලට ඉන්න වෙන්නේ. එයාල හොඳින් ඉගෙන ගත්තු කට්ටිය නම්, ඔයාලගේ දරුවොන්ට ඔයාල ළඟ නැති වෙලාවට පාඩම් ටික හරි කියල දේවි.

    යාලුවනේ, මම ජීවිතේ ගොඩක් වින්දවපු කෙනෙක්. උඩින් තියෙන දේවල් මට කියල දුන්නේ අපේ computer class එකේ miss. ඒ දවස වල මම එයාලට හිනා උනා. එත් අද මම දන්නවා එවයි තියෙන වටිනාකම.

    මම බැඳපු කෙනෙක්. මගේ බිරිද එච්චර ලස්සන නැහැ. ඒ වගේ සල්ලිත් නැහැ. ඒ නිසා එයාල මව බලෙන් බැන්දුව. පස්සේ දන්නේ, එය වෙන කට්ටිය එක්ක නිතර එහෙ මෙහෙ ගියපු කෙනෙක්. ඒ කියන්නේ මම බදිනකොටත් එයා කෙල්ලෙක් නෙවෙයි. ඒත් සමාව දුන්නා. අවුරුදු 5ක් මම ගොඩක් දුක් වින්දා.

    අපි වෙන් වෙලා අවුරුදු 1 1/2ක් වෙනවා. මම නඩු දැම්ම. හෙට නඩුව.
    මේ වෙද්දී මට කෙල්ලෙක් ඉන්නවා. එයාව තෝරද්දී උඩින් තිබුන දේවල් හොඳට හොයල බලල තීරණය ගත්තේ.


    මට වගේ දේවල් ඔයාලට වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.


    ඒ වගේම ජීවිතය කියන්නේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයක්. දෙන්නම එක වේගෙන් යද්දී යන්න පුළුවන්. වලවල් මග ඇරලා, මහන්සි නිවල, යන්න ඕන. හැබැයි එක ගොනෙක් එක පැත්තකට යද්දී අනිත් එක වෙන පැත්තකට යන්න ගියොත් ගමන එතනින් ඉවරයි. දෙන්න කතා කරගෙන තීරණයක් අරගෙන එක පැත්තට ගියොත් ගමන සාර්ථකයි.

    තීරණය ඔයාල අතේ. තෙරුවන් සරණයි.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    E ---> Education

    අධ්‍යාපනය. තමන්ට වැඩ උගත් කෙනෙක් හොයාගන්න. එතකොට තමන්ට වරදින්න ගියත් උපදෙසක් ගන්න පුළුවන්. උගත් කමක් තියෙන කෙල්ලෙක් කවදාවත් තමන්ගේ මිනිහ ඇරෙන්න වෙන මිනිහෙක් ගැන හිතන්නේ නැහැ. එහෙම කියල පණ්ඩිත කෙල්ලොත් ඉන්නවා අපිව හදන්න යන, එයාලගෙන් බේරිලා ඉන්න දැනගන්න යාළුවෙලා ඉන්න කාලෙදිම.
    menna meke podi awlak tiyanawa neda machan ? apita wada educated kenek bandahama apita inna wenne yatath wela wage neda ? mokak hari case ekak patan gathoth oka adala argena apiwa nondi karanna puluwan neda ? :oo:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    menna meke podi awlak tiyanawa neda machan ? apita wada educated kenek bandahama apita inna wenne yatath wela wage neda ? :oo:

    යටත් වීමක් නැහැ මචන්. හොඳට අත්දැකීම් තියෙනවා උගත් කට්ටියගේ. ඔයා කියන විදියේ කට්ටියත් ඉන්නවා. යාලු වෙලා ඉන්න දවස ටිකට පුළුවන් නේද අදහස් හුවමාරු කරගන්න. ගෙදර කාට හරි හදිස්සි උවමනාවක් උනාම, හදිස්සියක් උනාම, එයා දන්නවා කරන්න ඕන දේවල්. අපි අසරණ උනාම එයා කෙලින් ඉඳගෙන අපිව බලාගනීවි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    ලස්සනට වඩා ප්‍රසන්න පෙනුම තියන කෙනෙක් කියන එක ගැලපෙනවා නේද ? :rolleyes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    යටත් වීමක් නැහැ මචන්. හොඳට අත්දැකීම් තියෙනවා උගත් කට්ටියගේ. ඔයා කියන විදියේ කට්ටියත් ඉන්නවා. යාලු වෙලා ඉන්න දවස ටිකට පුළුවන් නේද අදහස් හුවමාරු කරගන්න. ගෙදර කාට හරි හදිස්සි උවමනාවක් උනාම, හදිස්සියක් උනාම, එයා දන්නවා කරන්න ඕන දේවල්. අපි අසරණ උනාම එයා කෙලින් ඉඳගෙන අපිව බලාගනීවි.

    ehema kenek set unoth hondai :oo:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Uba Gana Maara Dukai Machan, A Vagema uba vatuna vale vena ekek vatenna nodi me tika kiyapu ekanam agaya karanava macho. thnks +rep
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    යටත් වීමක් නැහැ මචන්. හොඳට අත්දැකීම් තියෙනවා උගත් කට්ටියගේ. ඔයා කියන විදියේ කට්ටියත් ඉන්නවා. යාලු වෙලා ඉන්න දවස ටිකට පුළුවන් නේද අදහස් හුවමාරු කරගන්න. ගෙදර කාට හරි හදිස්සි උවමනාවක් උනාම, හදිස්සියක් උනාම, එයා දන්නවා කරන්න ඕන දේවල්. අපි අසරණ උනාම එයා කෙලින් ඉඳගෙන අපිව බලාගනීවි.

    එක නම් ඇත්ත මචන්, මගේ කෙල්ල මට වැඩිය ගොඩක් උගත්. මගේ ඩිග්රි එකට හෙල්ප් කරන්නේ එයා තමයි. මගේ හැම වැඩක් ගැනම හොයල බලලා උදව් කරනවා මගේ ගෙදර ප්‍රශ්න ගැනත් මත එක්ක කතා කරලා විසඳලා දෙනවා. එත් ඉතින් ටිකක් විතර මුරණ්ඩුයි ;);)