දන්නෝ බුදුන්ගේ ගීතයේ විස්තර

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දන්නෝ බුදුන්ගේ ගීතය ශ්‍රී ලංකාවේ මෙතෙක් ජාතික උරුමයක් බවට පත් උන එකම ගීතය මෙය වේ. දැනට අවුරුදු 120ක් පැරැණි මෙම ගීතය කලින් කලට විවිධ පුද්ගලයින් කිහිප දෙනෙකුම ගායනා කර ඇත. ඉතිහාසයේ ජාතික ගීතයට සමානව මෙම ගීතය ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. බොහෝ දෙනෙක් බුදුගුණ ගීතයක් යයි සිතා සිටියත් ඇත්තටම එය එකල අනුරාධපුර නගරය ගැන කෙරෙන වර්ණනාවක්.

    1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය විවිධ ගායක ගායිකාවන් ගායනය කර තිබේ. හර්මන් රාජපක්ෂ (1920 මුල් ගායනය සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන්), එච්.ඩබ්ලිව්. රූපසිංහ W.A. පෙරේරා, W.A. අප්පුසිංඤො, W.D.S. ජේමිස් යන ශිල්පීන් මුල් කාලයේ ගායනා කළ අය වූහ. පසු කාලීනව විවිධ පුද්ගලයන් විසින් ගායනා කෙළේය. රුක්මනී දේවි, ඩබ්.ඩී. අමරදේව සූරින් නන්දා මාලිනී මොහිදින් බෙග් වික්ටර් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ යන ශිල්පීන් ද ගායනා කර ඇත. නව පරපුරේ ගායක ගායිකාවන් බොහොමයක් ද මේ ගීතය ගායනා කරන අවස්ථා දැක ගත හැකියි.

    මෙමෙ ගීතයේ තනුවට පැරණි යුරෝපීය තැනුවක ආබාශය ලැබී තිබෙන බවටත් මතයක් පවතී. මීට අමතරව ලංකාවේ hymn of ceylon කතෝලික ගීතයකටත් දන්නෝ බුදුන්ගේ ගීතයේ තනුව පසුව යොදා ගෙන තිබෙනවා.

    දන්නෝ බුදුන්ගේ ගීතයට මේ වනවිට වයස අවුරුදු 120කි. එය ලංකාවේ ජනප්‍රිය පැරණිම තනුවක් සහිත ගීතය ලෙසද සැලකේ. 1949 වසරේ නිදහස් දින උළෙල සමරමින් පැවති සංගීත සන්දර්ශනයක දී හියුබට් රාජපක්ෂ නැමැති ගායකයා එම ගීතය ගායනා කොට ඇත්තේ බටහිර තාලයකට අනුගතව ය. එය විමසුමට හසුකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිය ‘සිංහල ගැමි නාටකය’ කෘතියෙහි ලා පැවසුවේ යුරෝපයේ දී ප්‍රගුණ කොටගත් හඬකින් ගැයූ නිසා එම ගීතයට හානියක් වී ඇති බව ය. පසු කලෙක එම ගීතය හෙළ ඌරුවට අනුව බුදු බැතිය දනවන පරිදි මධුර ස්වරයෙන් ගායනා කරන ලද්දේ හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව සූරීන් විසිනි.

    ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයට පසුබිම වී ඇත්තේ අනුරාධපුර පරිසරයයි.
    ඉතා දුර බැහැර පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක් වූ මහියංගනයට ආසන්න මිණිපේ ජනපදයේ සිට පා ගමනින් එන සංඝතිස්ස, සංඝබෝධි හා ගෝඨාභය වන මේ කුමාරවරුන් තිදෙනා දිගු ගමනකින් පසු කෙමෙන් අනුරාධපුර පූජනීය නගරය කරා පියමං කරන ආකාරයත්, ඔවුන්ගේ නෙතට හසුවන පරිසරයත් වර්ණනා කරනුයේ එකිනෙකාගේ චේතනා හා මනෝභාවයන් ද ධ්වනිත කෙරෙන අයුරිනි. මෙි ගීතයෙන් වර්ණිත වන්නේ අනුරපුරයේ ශ්‍රී විභූතිය යි.

    ජාතික වශයෙන් වැදගත් වූ උත්සව අවස්ථාවලදී මෙන්ම විවාහ මංගල උලෙළකදී යුවතිපති දෙදෙනා පෝරුවෙන් බැස මංගල පොල් තෙල් පහන දල්වන විටදීත් මේ ගීතයේ තනුව වාදනය කිරීම තවමත් සිරිතක් වී ඇත.


    Hubert Rajapakse version (1920s)





    Joan Ramsbotham version (Daughter of Lord Solboury) (1940s)





    Rukmani Devi version





    Amaradewa version





    Nanda Malini version


     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ඔය වගේ විශිෂ්ඨ සිංදු ලංකාවේ ආයි හැදෙන්නේ ලපයා ජනපති උනොත් විතරමයි..එතකන් ඉරාජ්ගේ සිංදුවක් අහන් පු# ඇඟිලි ගහන් ඉමු... 🥳
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඒ තනුව කවදාවත් පරණ වෙන්නෙ නෑ. මම කැමතිම ඕකේ අමරදේව මාස්ටර්ගේ වර්ෂන් එකට.
     
    • Like
    Reactions: NRTG and Solo Rider