දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර#
අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.
මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමිනි. අඩුගාණනේ ඉදිරියේවත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමා පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.
ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීම ය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීම ය. මෙය හොඳ ප්රවනතාවය කි.
http://srilankanatheists.wordpress.com/2013/04/28/දන්-ඉලක්ක-හා-පින්-ඉලක්ක-බව/