දන ගාද්දි ඇවිදින්නට

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කොහොමද කියලා අහලා බලන්න




Jaya Wewa!

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහලුව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..

ලෙඩක් දුකක් හැදුනාමත් ලගම දැවටුන
උකුල් තලේ උරේ තබා නටා නැලෙව්ව
සුරංගනා කතා කියා කතා පැවසුව
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...

වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි දැන් කොහොමත් එය ඉටුවෙනදා
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කදුලු නැගෙයි එදා නොවර දා

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න..