දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම
ඊයේ සිකුරාදා දහවල් දඹුල්ල මුස්ලිම් පල්ලිය තුල සිකුරාදා ජුම්මා දේශනයට මුස්ලිම් වරුන් පැමිණ සිටින අවස්ථාවේ ඉනාමළුවේ සුමංගල හිමි ඇතුළු පන්සීයයක පමණ පිරිසක් එතැනට පැමිණ ජුම්මා දේශණයට බාධා කරමින් පල්ලියේ කොටස් කඩා දමමින් කළහකාරී ලෙස හැසිරී ඇත.
මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි. මෙහිදී එම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණද ඔවුන් විසින් මෙම කළහකාරීන් අරබයා කිසිවක් සිදු නොකරන ලදී.
මෙහිදී ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කියා ඇත්තේ දඹුළු විහාරය සතුව තිබී ආන්ඩුවට දුන් අක්කර 300 යේ ඉඩම් ප්‍රමාණයේ අනවසරයෙන් ආගමික සිද්ධස්ථාන ඉදිකරන බවත් මහා සංඝරත්නයේ ලේ රත් නොකරන ලෙසත් එහිමියන් අනතුරු අඟවා ඇත.
මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ ඉඩම් කොටසක් ලබා දීමට අල්ලස් ලබා ගත්තේ යැයි කෙරෙන චෝදනාවට එරෙහිව නඩු පවරන බව සහ හෙන ඉල්ලන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම චෝදනාව කරනු ලැබුවේ පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් විසිනි.
මේ අතර අද දින එනම් 21 දා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා මෙම පල්ලිය තිබෙන ස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම පල්ලිය දඹුල්ල ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට අද සිට රැගෙන යන බැව් පවසා ඇත.
පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.
දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්
ජිනීවා සිද්ධි දාමයෙන් පසුව ලංකාවේ මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් සංහිඳියාවක් ඇති වුවද මේ තත්වය අන්තවාදීන්ට විසින් රිස්සුවේ නැත. මේ බව අන්තවාදී වෙබ් අඩවියක පලවු මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම. (Read more: http://sinhalabuddhist.com/2012/03/muslim-nations/#ixzz0HYUh0MFO
Under Creative Commons License: Attribution) නම් ලිපියෙන් දැක ගත හැක. ඉන්පසුව ඔවුන් සිදුකළේ අවුරුදු දිනවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ලබන වෙලඳාමක් ගැන අසීමිත ඊර්ෂ්‍යාවක් ඇති වී එම ව්‍යාපාරික ස්ථානයට අභූත චෝදනාවක් නගමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් නිකුත් කිරීමයි. මෙයද අසාර්ථක ප්රයත්නයක් වුයේ අප විසින් අන්තර්ජාලය තුල සත්‍ය හෙළිදරව් කිරීම නිසාවෙනි. බලන්න නෝලිමිට් ටොෆි අවුලේ සමාප්තිය ලිපිය.
දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරය
නමුත් දැන් ඔවුන්ට කාලකන්නි සතුටක් ලබා ගත හැකි තත්වයක් උදාවී ඇත. ඒ වසර 50 කට ආසන්න කාලයක් දඹුල්ලේ තිබුණු මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට ඔවුන්ට හැකි වුණු නිසාය.
අන්තවාදී පෝස්ටර්
තවත් අන්තවාදී පෝස්ටරයක්
මේ තත්වය යටතේ මුස්ලිම් අප විසින් කුමක් කළ යුතුද? මේ තත්වය තුල මුස්ලිම් අප අපගේ සංයමය බිඳ ගත යුතු නැත. ඊයේ ඇතිවු සිද්ධිදාමය තුල මෙරට නීතිය හෑල්ලුවට ලක්වුවද අප තවදුරටත් නීතිය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නීතියෙන් අපට සාධාරණයක් ඉටු නොවුනද අපට සැලෙන්නට අවශ්‍යතාවයක් නැත. මන්ද මුස්ලිම් අප විසින් විශ්වාස කරන්නේ මෙලොව යනු අපට තාවකාලික නවාතැනක් පමණක් බැවිනි.
පැරණි ඉදිකිරීම්
මෙරට දේශපාලනඥයන් අප මුස්ලිම් සමාජයෙන් සිය ඡන්ද ප්රචාරයන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට ලං වුවද තීරණාත්මක අවස්ථා වලදී ඔවුන්ගේ සහය නොලැබෙන්නේ ඔවුන් සමහරෙක් තුලද අන්තවාදය සැඟවී තිබෙන නිසාත් බලලෝභය තුල තමන්ට ජනප්රසාදය අහිමි වේ යැයි බියක් පවතින බැවිනි. ඒ නිසා අපගේ සමාජය, දේපල සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සාමයට ලැදි සිංහල, දමිල සහ මුස්ලිම් පිරිස් වලින් සැදුම් ලත් සංවිධානයක් බිහිකර ගැනීම දැඩි අවශ්‍යතාවයක්ව ඇත. එවිට ලාංකීය දේශපාලකයන්ද එම බලවේගයට බිය වී සාධාරණය ඉටු කිරීමට පෙලගැසෙනු ඇත.
පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?
මොවුන් ආවේ සාමය රකින්නද?
අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.
උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?
වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දිනය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත.
ඊයේ සිකුරාදා දහවල් දඹුල්ල මුස්ලිම් පල්ලිය තුල සිකුරාදා ජුම්මා දේශනයට මුස්ලිම් වරුන් පැමිණ සිටින අවස්ථාවේ ඉනාමළුවේ සුමංගල හිමි ඇතුළු පන්සීයයක පමණ පිරිසක් එතැනට පැමිණ ජුම්මා දේශණයට බාධා කරමින් පල්ලියේ කොටස් කඩා දමමින් කළහකාරී ලෙස හැසිරී ඇත.
මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි. මෙහිදී එම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණද ඔවුන් විසින් මෙම කළහකාරීන් අරබයා කිසිවක් සිදු නොකරන ලදී.
මෙහිදී ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කියා ඇත්තේ දඹුළු විහාරය සතුව තිබී ආන්ඩුවට දුන් අක්කර 300 යේ ඉඩම් ප්‍රමාණයේ අනවසරයෙන් ආගමික සිද්ධස්ථාන ඉදිකරන බවත් මහා සංඝරත්නයේ ලේ රත් නොකරන ලෙසත් එහිමියන් අනතුරු අඟවා ඇත.
මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ ඉඩම් කොටසක් ලබා දීමට අල්ලස් ලබා ගත්තේ යැයි කෙරෙන චෝදනාවට එරෙහිව නඩු පවරන බව සහ හෙන ඉල්ලන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම චෝදනාව කරනු ලැබුවේ පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් විසිනි.
මේ අතර අද දින එනම් 21 දා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා මෙම පල්ලිය තිබෙන ස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම පල්ලිය දඹුල්ල ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට අද සිට රැගෙන යන බැව් පවසා ඇත.
පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.
දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්ජිනීවා සිද්ධි දාමයෙන් පසුව ලංකාවේ මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් සංහිඳියාවක් ඇති වුවද මේ තත්වය අන්තවාදීන්ට විසින් රිස්සුවේ නැත. මේ බව අන්තවාදී වෙබ් අඩවියක පලවු මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම. (Read more: http://sinhalabuddhist.com/2012/03/muslim-nations/#ixzz0HYUh0MFO
Under Creative Commons License: Attribution) නම් ලිපියෙන් දැක ගත හැක. ඉන්පසුව ඔවුන් සිදුකළේ අවුරුදු දිනවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ලබන වෙලඳාමක් ගැන අසීමිත ඊර්ෂ්‍යාවක් ඇති වී එම ව්‍යාපාරික ස්ථානයට අභූත චෝදනාවක් නගමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් නිකුත් කිරීමයි. මෙයද අසාර්ථක ප්රයත්නයක් වුයේ අප විසින් අන්තර්ජාලය තුල සත්‍ය හෙළිදරව් කිරීම නිසාවෙනි. බලන්න නෝලිමිට් ටොෆි අවුලේ සමාප්තිය ලිපිය.
දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරයනමුත් දැන් ඔවුන්ට කාලකන්නි සතුටක් ලබා ගත හැකි තත්වයක් උදාවී ඇත. ඒ වසර 50 කට ආසන්න කාලයක් දඹුල්ලේ තිබුණු මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට ඔවුන්ට හැකි වුණු නිසාය.
අන්තවාදී පෝස්ටර්
තවත් අන්තවාදී පෝස්ටරයක්මේ තත්වය යටතේ මුස්ලිම් අප විසින් කුමක් කළ යුතුද? මේ තත්වය තුල මුස්ලිම් අප අපගේ සංයමය බිඳ ගත යුතු නැත. ඊයේ ඇතිවු සිද්ධිදාමය තුල මෙරට නීතිය හෑල්ලුවට ලක්වුවද අප තවදුරටත් නීතිය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නීතියෙන් අපට සාධාරණයක් ඉටු නොවුනද අපට සැලෙන්නට අවශ්‍යතාවයක් නැත. මන්ද මුස්ලිම් අප විසින් විශ්වාස කරන්නේ මෙලොව යනු අපට තාවකාලික නවාතැනක් පමණක් බැවිනි.
පැරණි ඉදිකිරීම්මෙරට දේශපාලනඥයන් අප මුස්ලිම් සමාජයෙන් සිය ඡන්ද ප්රචාරයන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට ලං වුවද තීරණාත්මක අවස්ථා වලදී ඔවුන්ගේ සහය නොලැබෙන්නේ ඔවුන් සමහරෙක් තුලද අන්තවාදය සැඟවී තිබෙන නිසාත් බලලෝභය තුල තමන්ට ජනප්රසාදය අහිමි වේ යැයි බියක් පවතින බැවිනි. ඒ නිසා අපගේ සමාජය, දේපල සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සාමයට ලැදි සිංහල, දමිල සහ මුස්ලිම් පිරිස් වලින් සැදුම් ලත් සංවිධානයක් බිහිකර ගැනීම දැඩි අවශ්‍යතාවයක්ව ඇත. එවිට ලාංකීය දේශපාලකයන්ද එම බලවේගයට බිය වී සාධාරණය ඉටු කිරීමට පෙලගැසෙනු ඇත.
පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?
මොවුන් ආවේ සාමය රකින්නද?අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.
උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?
Code:
http://www.anvermanatunga.com/2012/04/21/dambulla-mosque/
Last edited: