දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ රට මොකෙන් ස්වයන්පොශිත නොවුනත් කිරෙන් ස්වයන්පොශිතයි.. 60%ක් ම ඉන්නේ එල හරක් තමා, :yes::yes:

    බත් කන හරක් බං ඉන්නෙ
    කව්ද දන්නෙ නෑ ඉන්දීය සාගරයේ මුටු ඇටය කිව්වේ
    මේක ඇවිල්ල දැන් ඉන්දියන් සාගරයේ ගව ගාල
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මහින්ද මුලදිම කරපු දේ තමයි විපක්ෂය විනාශ කරපු එක..
    විපක්ෂයේ හිටපු හොඳම බුලට් සෙට් එක ආණ්ඩුවට ඇද්දා..
    එහෙම කලේ විකක්ෂයේ නායකයාට සහ විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධව මතයක් ගොඩනගන්න හැකියාවක් නැති කරන්න..
    විපක්ෂයේ උඩට එන්න හිටපු තරුණ නායකතවය විනාශ කරලා දැම්මා..
    සමහරු මහින්දගේ ගැටේට අහුවෙලා තමන්ගේ දේශපාලන අනාගතේම විනාශ කර ගත්තා..
    රනිල් අවංකවම කැමති සජිත් ආණ්ඩුවට යනවනම්.. මොකද සජිත් තමයි දැනට රනිල්ට ඉන්න එකම අභියෝගේ..
    රනිල් කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත් එකක්.. ඒ තමයි උඹ ජනාධිපති කමේ හිටපන්.. මම විපක්ෂනායක කමේ ඉන්නම් කියන එක..



    ඉතින් මචන් හරිනේ.
    ඔක තමා වෙන්න ඔන.
    තමන්ට විරුද්ද පක්ශයට බලයට එන්න නොදි ඉන්න එක තමා කරන්න ඔන.
    ඒ අතින් බෑලුවම මේ වඩේ හරි.
    ඔක තමා දේශපාලනය කියන්නේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes:
    දැක්කා දැක්කා ඒක චිනා ගේනේ බන්,,,
    තව අවුරුදු පහළොවකින් ඕක ලංකාවේ මිනිස්සුන්ට ලැබෙද්දී
    ඉතුරුවෙලා තියෙන්නේ අර චිප්ස් ගල් ටික විතරයි.
    එතකොට ඉතිං එකේ පුක අතුල්ලගන්න තමයි වෙන්නේ...

    :rofl:

    ගල් අගුරු බලාගාරේ එහෙම නටබුන්වත් තියේවිද බන් තව අවුරුදු 20කින් විතර.. දවස් 5ක් එක දිගට දිව්වොත් මාසයක් වහලා.. :lol::lol::lol::lol:

    හොනස්ට් වගේ උන්ට මහින්දගේ වාතයක් ගියත්, ඒකත් සන්වර්දනේ කොටසක්..

    :lol::lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරු දානකොට බොරු කියන එක කියන්න ඕනෙ. අනේ උපුලයගෙයි මගෙයි ගුරුදා විග්‍රහය. ලොල්. දයාසිරිට ජනාධිපතිතුමා කලින්ම කියලා තිබ්බෙ දෙනවයි කියලා. මෙහෙමත් මී හරක්. කොහෙවත් ඉන්න දේශපාලන ගැත්තෙක් ලියන බොරුවලට අහු වෙනවා. මොක උනත් රනිල් වික්‍රමසිංහ මහතා මේ දේ කළේ දයාසිරිගේ අනාගතය ගැන හිතලයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    94දී චන්ද්‍රිකා 62%කින් ජනාධිපතිවරණය දිනා ආණ්ඩුවක් නැතිව අවුරුදු 17ක් නන්නන්තාර වෙලා සිටි ශ්‍රී ලංකාකාරයන්ට ආණ්ඩුවක් අරගෙන දුන්නත් ඇයට ඒ ආණ්ඩුව තියා ගැනීමට හැකි වූයේ හරියටම අවුරුදු 8ක් පමණි. 2002 වෙද්දී චන්ද්‍රිකා ජනාධිපති පුටුවේ හිටියත් ආණ්ඩුව තිබ්බේ යූ. එන්. පීය අතේය. කිසිවක් කර කියා ගන්න බැරිව චන්ද්‍රිකා ඒ වෙලාවේ හිටියේ හරියට දත් තිස් දෙක මැද්දේ තියෙන දිව වගේ ඇතුළටම වෙලාය.

    “ඒ කියන්නේ ඕනෑම ආණ්ඩුවක් 8 වැනි අවුරුද්ද යද්දී එක්කෝ විපක්‍ෂයේ නැත්නම් විපක්‍ෂයට යන්න ඔන්න මෙන්න කියා ඉන්නවා කියන එකද...?”
    ලංකාවේ දේශපාලන ඉතිහාසය පෙරළගෙන යනකොට මේ කියන කතාව සීයට සීයක් ඇත්තය. තිබ්බ හැම ආණ්ඩුවකම වගේ අට වැනි අවුරුද්ද දිහා බලන විට එක්කෝ ඒ ආණ්ඩුව විපක්‍ෂයේය. එහෙමත් නැත්නම් විපක්‍ෂයට යන්න ඔන්න මෙන්න තියා දුවන්නේ රිම් එකෙන්ය.

    ජේ.ආර්.ගේ ආණ්ඩුව දිහා බලද්දීත් මේ ඇත්ත හොඳටම පෙනෙන්න තිබිණි. 78 ජේ. ආර්. විධායක ජනපති ඇඳුම ඇඳගෙන මහා බලසම්පන්න සක්විති රජෙක් වගේ ආණ්ඩු කළද හරියටම අවුරුදු අට පිරෙද්දී ජේ.ආර්.ගේ ආණ්ඩුව තිබ්බේ ගිනි කන්දක් උඩය. ඇතුළත් ගැට පිටත් ගැට කියන්නා වාගේ ඒ වේලාවේ උතුරේ ප්‍රභාකරන් හිටියේ ජේ. ආර්. එක්ක යුද්ධ කරමින්ය. ඉන්දියාව ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරවා ගන්න ජේ. ආර්. ට දන්න සෙල්ලම් ඔක්කොම දමමින් සිටියේය. ජේ. ආර්. හිටියේ කරන්නේ මොනවාද කියා හිතාගන්න බැරිවය.

    චන්ද්‍රිකා 94දී 62%ක ප්‍රතිශතයකින් බලයට ඇවිත් ඊළඟට ආණ්ඩුවක් අරගෙන 99දී නැවත ජනාධිපති පුටුවේ වාඩි වූවාය. ඉන්පසු පැවැත්වූ මහ ඡන්දය ජයගත්තත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට හරියටම අවුරුදු 8 පිරෙන විට ජේ. ආර්. ට වඩා හපන් තත්ත්වෙට ආණ්ඩුව වැටී තිබිණි. ඒ වෙද්දී ශ්‍රී ලනිපයේ මහ ලේකම්වරයා වූ එස්. බී, ජී. එල්, බන්දුල, කිරිඇල්ල, මහින්ද විජේසේකර ඇතුළු ජේ‍යෂ්ඨ ඇමැති කණ්ඩායමක් චන්ද්‍රිකාව ගෙදර යවන්න රනිල් එක්ක රෑට රෑට පස්වන පටුමගේ පිහිටි රනිල්ගේ ගෙදර කුටු කුටුගාමින් සිටියහ. කොටි කිළිනොච්චියෙන් පල්ලෙහාට බැහැලා කටුනායකින් ඇතුළු වෙලා මුළු ගුවන්තොටුපොළම විනාශ කර තිබුණහ. ඒ මදිවාට චන්ද්‍රිකා යටතේ ඉතිහාසයේ පළමු වතාවට ආර්ථික වර්ධන වේගය රිවස් එකට ගිහින් ආර්ථිකය ඍණ මට්ටමට වැටී තිබුණේය.

    ඒ සියල්ලේම ප්‍රතිඵලය වුණේ හරියටම චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අවුරුදු 8 පිරෙද්දී හොම්බෙන් ගොස් ආණ්ඩුව රනිල්ගේ ඔඩොක්කුවට කඩා වැටීමය.
    දැන් මහින්දටත් මේ යන්නේ 8 වැනි අවුරුද්දය. 2005 ජනාධිපති පුටුවේ පළමු වරට වාඩි වුණු මහින්ද 2010දී ජනාධිපතිවරණය දිනා දැන් අත්දෙක පිහිද පිහිදා ඉන්නේ තුන්වැනි පාරටත් ජනාධිපතිවරණයට ඉල්ලන්නටය.

    හැබැයි අවුරුදු අට පිරෙද්දී මහින්දගේ ආණ්ඩුවට කොටි ප්‍රශ්න නැතත් චන්ද්‍රිකාටත්, ජේ.ආර්.ටත් තිබූ අනෙකුත් ප්‍රශ්න මහින්දටත් නොතිබෙනවා නොවේ. එහෙන් රටේ ආර්ථික ප්‍රශ්නය. එහෙන් ජාත්‍යන්තරයෙන් එන නොයෙක් විදියේ පිල්ලිය. අලි මදිවාට හරක් කියන්නැහේ ආණ්ඩුව ඇතුළේ මැති ඇමැතිවරුන්ගේ කලකිරීම්ය. යුද්ධය නිමා වුණත් උතුරේ තවමත් අළු යට ගිනි පුපුරුය.

    මේ නිසා විපක්‍ෂය ගණන් හදා තිබුණේ හරියටම 2013ට මහින්දගේ ආණ්ඩුවට අවුරුදු අට පිරෙද්දී මහින්දත් චන්ද්‍රිකාගේ පාරේම ගෙදර යවන්නටය. 13 කොහොමත් නපුරු නිසා විපක්‍ෂය හිතුවේ පරණ සෙල්ලමම මේ පාරත් දමා ආණ්ඩු මාරු කරන්නටය.

    ඇතිය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    හැබැයි මහින්ද කියන්නේ අවුරුදු 40ක් තිස්සේ මේ තියෙන දේශපාලනයත් එක්ක ඔට්ටු වෙලා ජේ.ආර්. වගේම හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙකි. ඒ නිසා විපක්‍ෂයේ මේ ගණන් හැදිල්ල මහින්දත් නොදන්නවා නොවේ. ඒ හින්දා එළියෙන් ඇතුළෙන් ප්‍රශ්න එද්දී මගේ ආණ්ඩුවත් හරියටම අවුරුදු 8න් වැටෙයි කියා මහින්දට පොඩි දේශපාලන බයක් නොදැනුණා නම් පුදුමය.

    හරියටම ආණ්ඩුවට අවුරුදු අට පිරෙන කොට මහින්ද පස් මහ බැලුම් බලලා වයඹ - මධ්‍යම පළාත් සභා ගැටය ගැහුවේ විපක්‍ෂයේ ගණන් හැදිල්ල විපක්‍ෂයටම ආපහු කරකවන්නටය. මහින්දගේ ගැටය විපක්‍ෂයේ බෙල්ලටම වැටී තිතට තද වුණු බව පෙනෙන්නට තිබෙන්නේ වයඹ - මධ්‍යම ප්‍රතිඵල දිහා බලන විටය. ඒ ප්‍රතිඵල හරහා මහින්ද ජාතික මැතිවරණයකට යන්න පාර කපාගෙන තියෙන විදිය බලන විටය.

    හැබැයි මහින්දට ඒ පාර ඉබේ කැපුණා නොව මහින්ද ඒක කපා ගත්තේය. මොකද ඒ පාර කපා ගන්න ඕනානම් වයඹ - මධ්‍යමට මොනවා හරි විශේෂ තුරුම්පුවක් දෙන්න ඕනෑ බව මහින්ද දැන සිටියේය. දයාසිරි කියන තුරුම්පුව මහින්දගේ ඔළුවට වැටුණේ ඒ වෙලාවේය. නමුත් මහින්ද දයාසිරි කියන කාඩ් එක එළියට දාන්න ඉස්සෙල්ලා මුලින්ම ඒක දැම්මේ ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් හමුවටය. ජේ‍යෂ්ඨයන්ගෙන් ආවේ මහින්ද හිතාගෙන සිටි පිළිතුර නම් නොවේ.

    “අයියෝ සින්දු කියන යූ. එන්. පී. අලියෙක් අපිට අරගෙන මොනවා කරන්නද? දයාසිරිගෙන් සත පහක වැඩක් නැහැ. අපි වයඹයි - මධ්‍යමයි දිනලා පෙන්වන්නම්....”
    ජේ‍යෂ්ඨයන්ගෙන් ලැබුණේ එහෙම පිළිතුරකි.

    මහින්ද මීට පෙර ගිය සැප්තැම්බරයේ පැවැති උතුරු මැද හා සබරගමු ඡන්දයේදීත් දයාසිරිව ශ්‍රී ලනිපයට ගන්න හැදුවේය. ඒ වෙලාවේදීත් සමහර ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් කිව්වේ මේ කතාවමය. ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් පමණක් නොව මේ පාර මහින්දගේ රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධනද කැට තියා කිව්වේ දයාසිරිව ගන්න එපා කියාය. දයාසිරි පරදිනවා කියාය.

    කවුරු මොනවා කිව්වත් මහින්දගේ හිත කිව්වේම දයාසිරි ගන්න හොඳම වෙලාව මේක යැයි කියාය. දයාසිරිව කොහොම හරි මෙහෙට ගනින් කියාය.
    මහින්දගේ ඒ තුරුම්පුවෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නොව තුන් හතර දෙනෙක්ම බිම ඇද වැටුණේය. දයාසිරි චන්ද්‍රිකාගේ මනාප වාර්තාවත් කඩමින් ගොඩ ගියේය. වයඹ - මධ්‍යම ඉහළින්ම ශ්‍රී ලනිපය දිනුවේය. එජාපය, ජවිපෙ නන්නත්තාර වුණේය. ජාතික මැතිවරණයකට පාර කැපුණේය. සමහර ජේ‍යෂ්ඨයන්ගේ කටවල් වැහුණේය.

    ඒ අතින් බලද්දී මහින්ද මේ පාර ගැහුවේ හොඳම තුරුම්පුවකි. කෝකටත් තෛලය තාලේ තුරුම්පුවකි.
    “යූ. එන්. පී. කාරයන්ට ශ්‍රී ලංකාකාරයන් කැමැති නෑ. ඒ නිසා දයාසිරිට ශ්‍රී ලංකාකාරයෝ ඡන්දෙ දෙන එකක් නෑ. ඔය ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ආවට ඒ අය කරන කිසි දෙයක් නෑ....”

    මහින්දගේ මේ තුරුම්පුවට අකැමැති සමහර ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයෝ එහෙමත් කීහ.
    හැබැයි මහින්දගේ තුරුම්පුව ඒ කතාවද මෙවර බොරුයි කියා ඔප්පු කර පෙන්නුවේය. ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් කියන විදයට නම් මෙවර මැතිවරණය ඉහළින්ම ජයගත යුතුව තිබුණේ යූ.එන්.පීයෙන් ආ දයාසිරි නොව ශ්‍රී ලනිපයේ හිටපු මහ ඇමැති වූ අතුල විජේසිංහය. එහෙත් ජයගත්තේ මහින්දගේ තුරුම්පුවය.

    මේකෙන් පේන්නේ වෙන මොනවත් නොව මහින්ද ගන්න ඕනෑම තීන්දුවකට ශ්‍රී ලනිප සාමාජිකයන් ඡන්දය දෙනවා කියන එකය. මහින්ද කොතනද අපි එතැන කියන එකය. මේ නිසා මහින්ද ඊළඟට තියන්න යන බස්නාහිර, උෟව, දකුණ ඡන්ද දිනන්න තවත් තුරුම්පු ගහන්න වුවමනාවක් නැත. වයඹ තුරුම්පුවෙන් කපාගත් පාරේ ගිහින් ඒ ඡන්ද තුනත් ඉහළින්ම ගොඩ දාගන්න මහින්දට තියෙන අවස්ථාව ඉහටත් උඩින්ය.

    “ඒ කියන්නෙ දයාසිරි අවුරුදු ගාණකට පස්සේ චන්ද්‍රිකාගේ මනාප රේකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා වගේ මහින්දත් චන්ද්‍රිකාගේ අවුරුදු අටේ රෙකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා කියන එකද?”ඒ ටික තේරුම් ගන්න මේ දවස්වල සිරිකොත ඇතුළේ සිද්ධ වෙන අලි කෙළි ටික හොඳටෝම
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මහින්ද කියන්නේ ශ්‍රීලන්කා නිදහස් පක්ශය නෙමේ කියන එක ඇත්ත.. මහින්ද කියන්නේ ශ්‍රී ලන්කාවමයි.. (උතුරු නැගෙනහිර හැර, ඒක විග්නේශ්වරන්ගේ ) :confused::confused::confused:;)

    මිහින් එයාර්, මත්තල සරුන්ගල් පොල, හම්බන්තොට ගල් කඩන නැව් තොට, කොලඹ නෙලුම් පොකුන, යොජිත නෙලුම් කුලුන, නුවර ජිම් එක මස්සෙක්වත් නැත අපිට යන්න දෙන්නෙත් නැත , යායට ඉදහිට පායන දැයට කිරුල..

    තව මොනවද ආයුබොවන්ඩ?

    :shocked::shocked::shocked::shocked: