දයාසිරි ආණ්ඩුවට.......
තමා එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (24) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමා ඉල්ලා අස් වන බවයි.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරණු ඇති අතර තම දේශපාලන තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇත.
දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව, පුවත පසුගිය දිනවල රට පුරා දැඩි ලෙස කතා බහට ලක්වූ මාතෘකාවක් විය.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමයි.
කෙසේ වෙතත් එජාපය හැර ආණ්ඩුවට නොයන බව දයාසිරි ජයසේකර මහතා පවසා තිබූ බව මාධ්‍ය මගින් පසුගිය දිනවලදී අනාවරණය කෙරිණ.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරු පවා දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව ජනහමුවලදී පවසා තිබුණි.
මේ පිළිබඳව දිගින් දිගටම පාහේ මාධ්‍ය වාර්තා කළ අතරම ඔහු ආණ්ඩුවට යන බවත් නොයන බවත් එලෙස වාර්තා කර තිබිණ.
පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී දීර්ඝ ලෙස සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
එහිදී ද අනාවරණය වූයේ ඔහු එජාපය හැර නොයන කතාවක් කියැවුණු බවයි.
Ada Derana

නිසයි ගියෙ ඉතින් මේකෙ වැරැද්ද රනිල්ගෙ තියෙන පොන්න කමතමයි මොකඩ දයාසිරි පක්ශෙට ඔනම කෙනෙක්