දර්ගා සිද්ධියෙන් බැට කාපු සහබ්දීන් ටීචර්

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    දර්ගා සිද්ධියෙන් බැට කාපු සහබ්දීන් ටීචර්

    වාසනා සුරංගිකා විතානගේ විසින් මවිබිම වෙනුවෙන් 29/06/2014

    1eBoYaJ.jpg



    • සහබ්දීන් ටීචර් දර්ගා නුවර උපන්දා ඉඳල ජීවත් වෙන කෙනෙක්ද?
    නෑ. මගේ සම්පූර්ණ නම ව්චටඥඥඵ ඒබඩභත ඊඩචඩඪපච. එම්. ටී. සහබ්දීන් කියන්නේ විවාහ වුණාට පස්සේ මම පාවිච්චි කළ නම. මගේ මමී ගම්පොළ. ඩැඩී නුවර. මම විවාහ වුණ කෙනා මාවනැල්ලෙ.

    • එතකොට දර්ගා ටවුමට ආවෙ ඇයි?
    මගෙ මහත්තයට විශේෂ කොමසාරිස්තුමා කියලා පත්වීමක් ලබාදීලා දර්ගාවල නගර සභාවට මාරු කළා. එතකොට මම වැඩ කළේ බදුල්ලේ. මාත් මහත්තයා වැඩ කළ නිසා දර්ගා නගරයේ අල්හම්රා (ඒතඩචථපච) කියන මුස්ලිම් විද්‍යාලයේ ඉංගී්‍රසි ටීචර් විදියට ට්‍රාන්සර් ගත්තා. දැන් මම මෙහේ පදිංචියට ඇවිත් අවුරුදු 37ක් විතර වෙනවා. ඇවිල්ලා තමයි මේ ඉඩම අරගෙන ගේ හදාගත්තේ. ඊට පස්සේ මම විශ්‍රාම ගත්තා. මහත්තයා නැති වුණා මීට අවුරුදු 7කට කලින්.

    • අවුරුදු 37ක් ජීවත් වුණ දර්ගා නගරයත් එක්ක ඔබතුමියට තියෙන බැඳීම කොයි වගේද?
    මහත්තයා නැති වුණාට පස්සේ මම විශේෂ මොන්ටිසෝරියක් පටන් ගත්තා. ඒකට හුඟාක් ළමයි ආවා. දර්ගා නගරයේ පටන් ගත්ත පළමුවැනිම නර්සරි එක දැම්මේ මම. මට ගොඩක් ළමයි හිටියා. ඔක්කොම සිංහල, මුස්ලිම්, ටැමිල්. ඉංගී්‍රසි, සිංහල, දෙමළ භාෂා තුනම ඉගැන්නුවා. දර්ගා කියන්නේ මුස්ලිම් ටවුන් එකක්ය කියලා කිව්වාට මම ඉස්සෙල්ලාම ඇසිස්ටන් ටීචර් විදියට තෝර ගත්තේ සුමනා දයාවතී ටීචර්ව. එයා කොටපිටියේ කෙනෙක්. මේ ළඟදි තමයි නර්සරි එක ටිකක් වැහුවේ. ළමයි මදි නිසා. මොකද ප්‍රාදේශීය සභාවෙන් දාපු පාසල්වලට මගේ ළමයිනුත් සහභාගි වුණා. ඒ කාලේ ඉඳලම මම විශේෂ පන්ති පැවැත්වුවා. සීනියර්, ජූනියර්, බබාලට, මිස්ලට ඉංගී්‍රසි ඉගැන්නුවා. මගේ මහත්තයා මේ නගරයට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ නිසා දර්ගා කියන්නේ මම ඉතාම සතුටින් ජීවත් වන නගරය.

    • දර්ගා ටවුමෙ ජීවත් වන සිංහල මිනිස්සු එක්ක සහබ්දීන් ටීචර් ගනුදෙනු කළේ කොහොමද?
    මේක නිකන් හිස් යුද්ධයක්. සිංහල-මුස්ලිම් කියලා භේදයක් අපිට නෑ. මේ පාරේ නෑ. ඔක්කොම අපි සහෝදරයෝ වගේ ඉන්නේ. ඒගොල්ලන්ගේ අවුරුද්දට ඔක්කොමල්ලා වගේ මට කෑම ගෙනත් දුන්නා. අපේ අවුරුද්දට අපි කෑම දෙනවා. සිංහල ගෙවල් ගොඩක් තියෙනවා. අපි හරි හිතවත්. සිංහල ළමයි හුඟදෙනෙක්ට මම තමයි ඉගැන්නුවේ. මට හරි ආදරෙයි ඒගොල්ලන්. මේ ටවුමේ ඉන්න සිංහල ළමයින්ගෙන් එයාලාගේ මවුපියන්ගෙන් ඇහුවා නම් කියයි මං ගැන. ඔහොම තමයි කාලය ගෙනිච්චේ. කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ අපි අතර. මුස්ලිම් වුණාට අපි හුඟාක් ගනුදෙනු කළේ සිංහල මිනිස්සු එක්ක. තංගල්ලේ හිටපු කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා පවා අපේ ගෙදර නිතර ආවා ගියා.

    • ජනාධිපතිතුමන්ව ඒ තරම් ළඟින් ආශ්‍රය කරන්න ලැබුණේ කොහොමද?
    කාලයක් මගේ මහත්තයාව ට්‍රාන්සර් කරලා හිටිය තංගල්ල නගර සභාවට. එතකොට අපේ ජනාධිපතිතුමා යං බෝයි. මම හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයි. ජනාධිපතිතුමාගේ තාත්තා වැඩ කළේ අපේ මහත්තයලා එක්ක. ඉතින් ජනාධිපතිතුමා නිතර මහත්තයලා වැඩ කරන තැනට යනවා. අපේ මහත්තයාට හරි ආදරෙයි. මහත්තයා ගෙදර එනකොට මහත්තයාගේ පිටිපස්සෙන් එනවා. අපේ මහත්තයත් හරි ආදරෙයි. මට හොඳට මතකයි. ජනාධිපතිතුමා හුඟාක් තරුණ කාලේ අපේ ගෙදර ඇවිත් ඉඳලා යන වෙලාවට කුස්සියටම ඇවිල්ලා "මිසිස් සහබ්දීන් මම ගිහින් එන්නම්" කියලා යනවා.

    • ඊට පස්සේ ජනාධිපතිතුමන්ව මුණගැහිල නැද්ද?
    නෑ. ජනාධිපතිතුමන්ව මුණගැහෙන්න හුඟා.....ක් ආසාවෙන් හිටියා මගේ දුක ගිහිල්ල කියන්න එතුමන්ට. මහත්තයාගේ නම කිව්වොත් ජනාධිපතිතුමන්ට මතක් වෙයි. මහත්තයා එතුමා ජනාධිපති වුණාට පස්සේ සුබපතලා ලියුමකුත් යැව්වා. ඒකට ස්තුති කරලා ලේකම්තුමාගෙන් ලිපියකුත් ආවා. මහත්තයා නැතිවෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. තවම පැන්ෂන් එකවත් හදාගන්න බැරි වුණා. මම පුළුවන් හැම තැනකටම ගියා. ඒත් හදාගන්න බැරි වුණා. ජනාධිපතිතුමන්ට මේ ප්‍රශ්න කියා ගන්න මම ගොඩක් කල් ඉඳන් උත්සාහ ගන්නවා. ඒත් තවම ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ.

    • තංගල්ල කියන්නේ සිංහල මිනිස්සු වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයක්නෙ. එහෙ හිටපු කාලේ සිත් රිදීම් වෙලා නැද්ද?
    ඒ කාලේ මම ඉගැන්නුවේ තංගල්ල දීපංකර මහා විද්‍යාලයේ. ඒක සියයට සීයක්ම සිංහල ඉස්කෝලයක්. මම විතරයි මුස්ලිම් ටීචර් කෙනෙක් විදියට හිටියේ. මට හරිම ආදරෙයි ටීචර්ස්ලා ඔක්කොම. මහත්තයා වැඩ කරන කාලයයි මම වැඩ කරන කාලයයි ටිකක් වෙනස්. ඉතින් ප්‍රින්සිපල් මට ටයිම් ටේබල් එක වෙනස් කරල දෙන්න පවා කාරුණික වුණා. අපි හිටපු ගෙදරට අල්ලපු ගෙදර පන්සලක් තිබුණා. ඒ හාමුදුරුවෝ අපේ ගෙදරට වැඩම කරනවා. අපට හරි ආදරෙයි. හාමුදුරුවන්ට ලැබෙන සබන්, තුවා පවා වැඩිපුර තිබුණම අපට දීලා තියෙනවා. හාමුදුරුවෝ අපේ ගෙදර ආවම අපි සුදු රෙදි එළලා හරිම ගෞරවයෙන් පිළිගත්තා. ජේ.වී.පී. කලබල කාලෙත් අපිට උදව් කළේ සිංහල මිනිස්සු තමයි. එයාලා අපිව ආරක්ෂා කළා. සිංහල, මුස්ලිම් ප්‍රශ්නයක් නෑ. ගොඩක් සමගියෙන් අපි ඉන්නේ. මට ඒකයි මේ වේදනාව.

    • මේ කෝලාහලය වෙලාවේ ටීචර් හිටියේ කොහෙද?
    මම හිටියේ ගෙදර. අපේ අයියාගේ පුතා මට කිව්වා හවස 4.00ට විතර ආන්ටි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ජුවලරි එහෙම දාගෙන ඉන්න එපා කියලා. මම මොනවත් දන්නේ නෑ. ජුවලරි ගලවලා බෑග් එකකට දැම්මා. මගේ සර්වන්ට් 6.00ට විතර ගෙදර යනවා. බෝඩර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් ගියා. ඊට පස්සේ මම තනියම අවුරුදු 7ක් කිසිම කරදරයක් නැතිව මේ විදියට ජීවත් වුණා. හරියටම 15 වැනිදා 6.30ට විතර මම ආගම සිහි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බෙහෙත් බොන්න ගත්තා. කුරාණය අතට අරන් කියවද්දිම කවුදෝ කෙනෙක් මගේ ගෙදර ඉස්සරහ ජනේලේ කුඩු කළා. හරියට බෝම්බයක් ගැහුවා වගේ. මම හොඳටම බය වුණා. දුවලා ගිහින් බෙඩ්රූම් එකේ ‍ෙදාර වහගත්තා.

    • ඊට පස්සේ මොකද වුණේ?
    මගේ මල්ලි වැඩ කරන්නේ ඉරාන් එම්බසි එකේ. එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා. එතකොටම ඒ ජනේලෙත් කැඩුවා. ඉස්සරහ තැඹිලි ගහට ගිනි තිබ්බා. මම තනියමනේ. දැන් ඔය ඉස්සරහා වාහන පුච්චලා දාලා තියෙන්නේ. ඒ මගේ අසල්වැසියොනේ. මම එහෙම කතා කළා. "මැඩම් ඔයා තනියමද? පරිස්සමෙන් ඉන්න. අපෙත් ජනෙල් ‍ෙදාරවල් කඩලා දාලා ගියා" කිව්වා. මට ඉතින් තවත් බයයි. මම කාමරේට වෙලා ගුළිවෙලා හිටියා. ටික වෙලාවකට පස්සේ මේ ජනෙල් ‍ෙදාරවල් කඩාගෙන පන්සීයක් විතර කොල්ලෝ ගේ ඇතුළට ආවා.

    • ඒ ආපු පිරිස මොකද කිව්වෙ?
    වෙන කවුරුහරි ඉන්නවද ඇහුවා. නෑ මම තනියම ඉන්නේ කිව්වම හැම තැනම එබිකම් කරලා බැලුවා. එක්කෙනෙක් යකඩ පොල්ලකින් ගහලා මගේ කණ්ණාඩි මෙසේ කුඩු කළා. තව දෙන්නෙක් ගිහින් අල්මාරිය ඇරියා.

    • ටීචර් මොනවත් කිව්වේ නැද්ද? අඩුම ගාණෙ කෑගැහුවෙවත් නැද්ද?
    කෑගහන්නවත් බැරිව බයවෙලා බලාගෙන හිටියා. හිතාගන්න බැරි වුණා මොනවද මේ කරන්න යන්නේ කියලා. පස්සේ මම කොහොම හරි අමාරුවෙන් කතා කළා.

    • මොනවද ටීචර් කිව්වේ?
    මේ මොකද කරන්නේ? මම අහිංසකයෙක් කිව්වා. මම මේ ගමට ආවේ සේවයක් කරන්න කිව්වා. මගේ මහත්තයත් මේ නගරය දියුණු කරලා තමයි මැරුණේ කිව්වා. මම ගුරුවරයෙක්. මා ගාව ජාති භේදයක් නෑ කිව්වා. මේ නගරයේ ඉන්න සිංහල ළමයින්ගේ අහන්න මං ගැන කිව්වා. මම ඔයාලා වගෙ සිංහල ළමයින්ට ගොඩක් උගන්නලා තියෙනවා කිව්වා.

    • ඉතින් ඒ අය ටීචර් කියන දේ ඇහුවද?
    එතැන හිටපු කවුරුහරි කෙනෙක් මාව දන්නවා කියනවා වගේ යාන්තමට ඇහුණා. ඒත් පැහැදිලි නෑ. මම තාමත් හිතන්නේ මට මේ අපරාධය කළේ මම උගන්නපු ගෝලයෙක්ද කියලා.

    • ඊට පස්සේ මොකද කළේ?
    මට කිව්වා මාව ඉඊජ් එකට භාරදෙන්න යනවා කියලා. ගෙට ගිනි තියන්න ඕන කිව්වා. අනේ අපෝ ගෙට ගිනි තියන්න එපා මම කොහේ යන්නද කියලා මම ඇහුවා. මට යන්න තැනක් නෑ අනේ මට අපරාධයක් කරන්න එපා කියලා කියවුණා. එතකොට එක්කෙනෙක් ඇහුවා "ඇයි ඔයගොල්ලන්ගේ කට්ටිය අපේ ආච්චිලාව මැරුවේ" කියලා මම ඇහුවා කොයි කාලෙද ආච්චිලාව මැරුවේ.....? දැන් ඔයා කියනකල් මම දැනන් හිටියේ නෑ කියලා. පස්සේ ඒ කොල්ලා මට අම්මා කිව්වා. අපිටත් අම්මා ඉන්නවා. හිතක් පපුවක් තියෙනවා කිව්වා.

    • වීදුරු ජනෙල් කඩාගෙන ගෙට පැනපු කොල්ලෙක් අම්මා කිව්වම මොකද හිතුණේ?
    මම ඇහුවා අම්මා ඉන්නවා....? අම්මා කියන වචනයේ වටිනාකම දන්නවද? අම්මාගේ හිත කැඩුණොත් ගින්නක් වගේ. පත්තු වෙනවා නේද? කියලා මම ඇහුවා. ඒ වෙලාවේ මොනවත්ම නොකියා මම කියන දේ අහගෙන හිටියා. ඊට පස්සේ මගේ අතේ ටෝච් එකක් තිබුණා. ඒක උදුරලා ගත්තා. එන්න අපි ඔයාව ඉඊජ් එකට භාර දෙනවා. ගෙට ගිනි තියන්නේ නෑ කිව්වා. මට ක්ලාන්තය වගේ. මම වැටෙන්න යනවා. හරි බයයි. එළියේ ඉඳන් තුන් හතර දෙනෙක් දුවගෙන ආවා මට ගහන්න. ළඟ හිටපු කොල්ලෝ ඒකට ඉඩ දුන්නේ නෑ. අහිංසක කෙනෙක්. එයාට මොනවත් කරන්න එපා කිව්වා. තව එක්කෙනෙක් ආවා මාව තල්ලු කරන්න. මූණ බලන්න බෑ බයයි. බීලා වගේ. ගේට්ටුව ළඟට ඇවිල්ලා බලද්දි මුළු හන්දියම පිරිලා මේ කොනට යනකල් 2000ක් විතර සෙනඟ. ගෑනු කෙනෙක්ට හිටියේ මම විතරයි.

    • ඊට පස්සෙ ඉඊජ් එකට භාර දුන්නද?
    ඔය පේන අඹගහ හන්දියේ ඉඊජ් එකේ 150ක් විතර හිටියා. පොලිස් ජීප් 3ක් විතර නවත්තලා තිබුණා. ඒවා ඇතුළේ ඔෆිසර්ස්ලා හිටියා. මාව එතැනට ගිහිල්ලා භාරදීලා කිව්වා මෙයාව භාරගන්න මෙයා අහිංසකයි කියලා. මම එතැනට යද්දි ඔක්කොම කඩනවා. ගිනි තියනවා. බෝම්බ දානවා. මහා යුද්ධයක් වගේ. මට බය හිතුණා. මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරි වුණා. වෙව්ල වෙව්ල මම හිටියේ.

    • ඉඊජ් එකේ අය මොකද කළේ ?
    ඉඊජ් ඔෆිසර්ස්ලා ඇවිත් මාත් එක්ක කතා කළා. එතැන හිටපු එක ඔෆිසර් කෙනෙක් ඇහුවා ඔයා මුස්ලිම්ද, දෙමළ කතා කරන්න පුළුවන්ද කියලා. මගේ ගම ගම්පොළ කිව්ව. ගම්පොළ කොයි හරියෙද ඇහුවා. මගේ සිංහල ටිකක් අපැහැදිලියිනේ, ඉංගී්‍රසි දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ මට පෙන්නන්න කියලා මම කිව්වා. එතකොට ජීප් එකේ ඉඳලා ධ්ර්ථී ආවා. එයා ඇහුවා මොකද වුණේ කියලා. සර් මිනිස්සු මගේ ගෙට ගිනිතියන්න යනවා. ජනෙල් ඔක්කොම කඩල ඉවරයි කියලා මම කිව්වා. එතකොට මගෙන් ඇහුවා නෑයෝ කවුරු හරි ඉන්නවද කියලා. මම කිව්වා කවුරුත් නෑ කියලා. කවුරුත් නෑ කිව්වම කොහෙද යන්න ඕන ඇහුවා. මම ධ්ර්ථී මහත්තයට මාව අඳුන්වල දුන්නා. මට හරියට යන්න තැනක් මතක් වුණේම නෑ.

    • එතකොට එදා රෑ කොහෙද හිටියේ?
    දෙයියො මතක් කළා වගේ මගේ යාළුවෙක්ගේ ටෙලිෆෝන් නම්බරයක් කැරකි කැරකි වගේ මගේ ඔළුවට ආවා. මම කිව්වා ඉක්මනට මට අමතක වෙන්න කලින් මේ නම්බර් එක ඩයල් කරන්න කියලා. ඊට පස්සේ මාව ඒ ගෙදරට ත්‍රීවීල් එකෙන් යවන්න හැදුවම මම කිව්වා මට තනියම යන්න බෑ කියලා. ඒ වෙලාවේ ධ්ර්ථීට දුක හිතෙන්න ඇති. එයා කිව්වා මම එක්කරගෙන යන්නම් කියලා. අනිත් ජීප්වල හිටපු අයත් ඇවිත් කිව්වා සර් අපිත් එන්නම් කියලා. එයාල මම කියපු තැනට මාව එක්කරගෙන ගියා.

    • වටිනා කියන දේවල් නැති වෙලා තිබුණද?
    ඒ මොනවත්ම නෑ. මම හංගලා තිබුණ රුපියල් 20,000ක් විතර තිබුණා. අඩුම ගාණේ ඒ සල්ලිවත් නෑ. රත්තරං බඩු ඔක්කොම අරගෙන ගිහින්. මේ තියෙන්නේ ඒ බඩු දාලා තිබුණ හෑන්ඩ් බෑග් එක. ඔක්කොම අරගෙන. ඉන්න හිටින්න තැනක්වත් නෑ දැන්. මුළු ගෙදරම විනාශ කරලා දාලා. මට හරි දුකයි. මම සිංහල මිනිස්සුන්ට හරි ආදරෙයි. සිංහල මිනිස්සුත් මට ආදරෙයි. මුළු දර්ගා නගරයේම අපිත් එක්ක විරුද්ධ වුණ කෙනෙක් නැතිව ඇති කියලයි මම හිතන්නේ. අපේ අවුරුද්ද දවසට මම ත්‍රීවීල් එකක එයාලට කෑම අරගෙන යන්නේ. එයාලත් එහෙමයි. සිංහල ළමයින්ට මම නොමිලයේ පවා උගන්වනවා. ඒ ළමයි මට එයාලගේ ගෙදර එන්න කියලා කතා කළා. ඒත් මම කැමති නෑ ඒ අහිංසක දරුවන්ට ප්‍රශ්න ඇති වෙනවට. දැන් කොහොමද මම ජීවත් වෙන්නේ. ඉන්න හිටින්න තිබුණ තැනත් නැති වුණා.

    • මේ සිද්ධියෙන් පස්සේ සිංහල මිනිස්සු ගැන වෛරයකින්ද ඉන්නේ?
    මේ පළාතේ කිසිම සිංහල මනුස්සයෙක් අපිට එරෙහි වුණේ නෑ. මම දන්නෙ නෑ මේක කාගේ වුවමනාවක්ද කියලා. මෙහෙම ගෙවල් විනාශ කරලා ජීවිත නැති නාස්ති කරන්න නරකයිනේ. කතාබහ කරලා ඕන එකක් විසඳගත්තට කමක්නෑ. මේ සමහර ළමයි බඳින්න දිනත් දාගෙන හිටියා. දැන් සම්පූර්ණ ගෙවල් අඟුරු වෙලා කොහොමද එහෙම කරන්නේ? අපි හැමෝම එක වගේ මිනිස්සුනේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhalese teacher kenekkge house eka podi karala pucchala thibuna. House eka hada gena thibune godak amaruven tika tika money ekathu karala. Youtube eke thibune, bohoma amaruven hada gena thiyapu house eka gini thiyala thibuna. Meva karana aya , maranin passe koi lova yanne ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා

    dafuq did i just read ?!
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා

    dafuq did i just read ?!

    hilarious :lol::lol::baffled:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    Sinhalese teacher kenekkge house eka podi karala pucchala thibuna. House eka hada gena thibune godak amaruven tika tika money ekathu karala. Youtube eke thibune, bohoma amaruven hada gena thiyapu house eka gini thiyala thibuna. Meva karana aya , maranin passe koi lova yanne ?
    මරණින් පසුව නෙමෙයි මෙලොකයේම පඩිසන් දෙනවා. ශ්‍රී ලාංකිකයන් කාට වුනත් සිදුවුදේය ගැන කණගාටුවක් දුකක්, මෙවැනි අයගේ අදොනවම ඇති මේවා ඇතිකළ අයට පදිසන්දෙන්නට එය නුදුරු අනාගතයේම ලැබේවායි ප්‍රර්ථනා කරමි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා:eek:

    මේ මොන භාශවද බන්:lol:


    මෙහෙ අර හර්තාලද මොකක්ද මගුල දවසෙ මුස්ලිම් කඩ වහලා ගෙදර යන්න හදපු මනුස්සයො කිව්වා මෙවා වහන්නෙ ඔයාලාට බයෙ නෙමෙයි එහෙම නොකොලොත් අපෙ එවුන්ම ඇවිත් මේවා කුඩු කරල දායි කියලා:lol:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මරණින් පසුව නෙමෙයි මෙලොකයේම පඩිසන් දෙනවා. ශ්‍රී ලාංකිකයන් කාට වුනත් සිදුවුදේය ගැන කණගාටුවක් දුකක්, මෙවැනි අයගේ අදොනවම ඇති මේවා ඇතිකළ අයට පදිසන්දෙන්නට එය නුදුරු අනාගතයේම ලැබේවායි ප්‍රර්ථනා කරමි.

    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා

    dafuq did i just read ?!

    කොහොමත් බොරු කියනකොට වෙව්ලනවනේ..:lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    මරණින් පසුව නෙමෙයි මෙලොකයේම පඩිසන් දෙනවා. ශ්‍රී ලාංකිකයන් කාට වුනත් සිදුවුදේය ගැන කණගාටුවක් දුකක්, මෙවැනි අයගේ අදොනවම ඇති මේවා ඇතිකළ අයට පදිසන්දෙන්නට එය නුදුරු අනාගතයේම ලැබේවායි ප්‍රර්ථනා කරමි.

    උබ දන්නවද ඔහොම ප්‍රාර්ථනය කරන එකත් පවක් කියලා..:lol::lol::lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මරණින් පසුව නෙමෙයි මෙලොකයේම පඩිසන් දෙනවා. ශ්‍රී ලාංකිකයන් කාට වුනත් සිදුවුදේය ගැන කණගාටුවක් දුකක්, මෙවැනි අයගේ අදොනවම ඇති මේවා ඇතිකළ අයට පදිසන්දෙන්නට එය නුදුරු අනාගතයේම ලැබේවායි ප්‍රර්ථනා කරමි.

    aniwa machan,sinhla unath demala unath, muslim unath okkoma minissu ban.nikam ahinsaka minissunta karadara karanne kalakanni ban
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා

    dafuq did i just read ?!
    :eek::eek::eek:
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    එයා කෝල් කරලා ඇහුවා ඵඪඵබඥප ඹඩචබ ඪඵ ඩචනනඥදඪදඨ කියලා. මම කිව්වා ජචදබ ඵචර ඡපධබඩඥප. ඵධථඥ ධදඥ ඪඵ ඡපචඬඪදඨ ථර ඹඪදඤධඹ කියලා

    dafuq did i just read ?!

    :eek::eek::eek::lol::lol::lol::lol: