දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක්..🛑🛑🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,325
    47,216
    113
    දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

    ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

    ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගුන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවය.

    එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,922
    113
    kandy
    මට 2015 හැදුන චිකුන් ගුන්යා .. අම්මෝ එක පිස්සු හැදෙන ලෙඩක් ..
    joints ගැලවෙන්න රිදෙනවා ..
    පොඩි උන්ට නම් දරා ගන්න බැරි වෙයි ..

    මදුරුවෝ බෝ නොවෙන්න වගබලා ගනින්ල්ල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,110
    113
    මේකයි පුද්ගලික තැන් වල කොච්චර මදුරුවෝ විනාස කලත්, රාජ්‍ය අංශයට අයිති තැන්වල හරියට ඒව විනාශ නොකරනව නම් කොහොමත් මදුරු ගහනය වැඩිවෙනවා, පුද්ගලිකව මිනිස්සුන්ට කියනවා වගේම, රාජ්‍ය අංශයේ ආයතන වල ගොඩනැගිලි, භූමි වල පවිත්‍රතාව හරියට කලේ නැත්තං සොරි.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    කෝමත් covid fail හන්ද ඕම දේකින් වත් මිනිස්සු අඩු වෙන එක හොදයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    😵😵😵

    7OlTLID.jpeg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    අපේ ගේ ඉස්සරහ යන කාණුවෙ තමයි හංදියට ඇවිල යන එවුන් කුණු දාල යන්නෙ කුණු බෑග් නෙමේ, යෝගට් කෝප්ප බීම කප් බෝතල් බියර් කෑන් ෂපින් බෑග්, දැන් මට රංඩුවෙලාම ඇතිවෙලා අපේ ගේ ඉසසරහ විතරක් නෙමේ දිගටම එහෙමයි. හැම සතියෙම අස්කරනව.