දරුවා_කථාවට_ප්‍රමාද ද?
ඔබේ දරුවා කථා කරන්න ප්‍රමාද ද?
ඔනෑම දරුවකු පාසල් ගමන ආරම්භ කරන විට එම වයසට අදාළ වර්ධන අවස්ථා (එනම් කායික, කථනය හා සන්නිවේදනය, බුද්ධි හා මනෝ සමාජීය) සම්පුර්ණ කර තිබිය යුතුය. නැතහොත් පාසල් ගමන ආරම්භ කල පසු ගැටලූ ඇති වීමට එය හේතුවක් විය හැකිය. එබැවින් වර්ධනයේ ඉතා සියුම් ගැටලූ ගැන පවා සුපරීක්ෂා කාරී වීමත්, ගැටලූවක් බව හැෙ`ග් නම් පමානොවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත් වේ. බොහෝවිට දෙමව්පියන් දරුවකුගේ කායික වර්ධනය ගැන බොහෝ සේ සැලකිලිමත් වුවත් වර්ධනයේ අනෙකුත් අංශ ගැන අඩු අවධානයක් දෙනු අපි දැක ඇත්තෙමු.
සාමාන්‍යයෙන් පළමු උපන්දිනය වන විට දරුවකුට වචන එකක් හෝ දෙකක් පැවසිය හැක. වයස අවුරුදු දෙක වනවිට වචන දෙකක් එකතු කර තමාගේ අවශ්‍යතාවක් පැවසිය හැක. වයස අවුරුදු තුන වනවිට වචන තුනක් එකතු කර හා අන් අයට තේරෙන පරිදි කතා කළ හැක. අවුරුදු හතරක දරුවකුට වචන හතරක් හෝ වැඩි ගණනක් එකතු කර වාක්‍ය සෑදීමේ හැකියාව හා පෙර පාසලේ සිදුවූ සිදුවීමක් සරලව විස්තර කිරීමේ හැකියාව ඇත. අවුරුදු පහ සම්පුර්ණ වනවිට සරල කතාවකට සවන් දී එයින් අසන ප්‍රශ්නවලට උත්තර දීමට, සරල කතන්දරයක් කීමට හා වචන නිවැරදිව ශබ්දකර අන් අය සමග සංවාදයක යෙදීමට හැකියාව තිබිය යුතුය. පාසල් ගමන ආරම්භ කරන විට තම දරුවාගේ භාෂා කුසලතාවය මේ අයුරින් වර්ධන වී ඇත්දැයි දෙමව්පියන් සැලකිලිමත් විය යුතුය.
සමහර දරුවන් කථා කිරීමට ආරම්භ කිරීම ප්‍රමාද වනු දක්නට ලැබේ. එය රෝග ලක්ෂණයක් වන වෙනත් ගැටලූ නොතිබේ නම් තරමක් ප්‍රමාද වී කථනය සාමාන්‍ය තත්ත්වයට පත් විය හැක. දරුවාට කුඩා වයසේදී ලැබිය යුතු උත්තේජන නිසි පරිදි නොලැබීම මීට හේතුවක් විය හැකියි. මෑතක සිට අප සායනවල දකින තවත් අවස්ථාවක් වන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග (ලැප්ටොප්, ටැබ්ලට්, ජංගම දුරකථන) සමග ඉතා දිගු වෙලාවක් ගතකරන ළමුන්ගේ කථනය ප්‍රමාද වීමයි. මිට අමතරව කථනය ප්‍රමාද වීම ඔටිසම් රෝගයේද මූලික ලක්ෂණයක් ලෙස සැලකේ.
ඔටිසම් රෝග තත්ත්වයද වර්ධනයේ ගැටලූවක් ලෙස සැලකේ. එහි මූලික ලක්ෂණ වන්නේ වයසට අදාළ ලෙස භාෂාව හා සන්නිවේදනය දියුණු නොවීම හා සමාජීය වර්ධනය (එනම් අන් අය හා නිසි ලෙස අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමේ අපහසුව) ගැටලූ සහගත වීමයි.
මෙහි ලක්ෂණ ඉතා පුළුල් පරාසයක විහිදී පවතී. දරුණු අන්තයේ රෝග ලක්ෂණ ඇති දරුවන් කලින් හ`දුනා ගැනීමේ හැකියාව ඇත. කෙසේ වුවත් ලක්ෂණ මද වශයෙන් ඇති හා හො`ද බුද්ධි මට්ටමක් ඇති දරුවන් තුළ මෙම තත්ත්වය කලින් හ`දුනා ගැනීමට නොහැකි වීමට පුළුවන. එබ`දු දරුවන්ගේ සමහර වෙනස්කම් දෙමව්පියන් දැක තිබුණද ඒවා වයසින් වැඩෙන විට හෝ පාසල් යාම පටන් ගත් විට ඉබේ සුවවේ යයි සිතා බොහෝ විට නොසලකා හරිනු අප දැක ඇත. නමුත් පාසල වැනි ස්ථානයක වැඩි දෙනෙකු හා ගැටීමට දරුවාට සිදු වූ විට එම වෙනස්කම් මතු වී පෙනේ. මුලින් ස`දහන් කළ පරිදි භාෂාව හා සන්නිවේදනයේ ගැටලූ ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණයකි. කතාව ආරම්භ කිරීම ප්‍රමාද වීම හෝ වචන කීපයක් නිසි වයසේදී කතා කර පසුව එම හැකියාව නැති වී යාම බොහෝ විට දක්නට ලැබේ. ඊට අමතරව වැඩිහිටියකු ප්‍රශ්නයක් ඇසූ විට ඊට අදාළ පිළිතුර නොදී ප්‍රශ්නයම නැවත කීම, තමාව හ`දුන්වා දීමට මම යන වචනය භාවිත නොකිරීම (උදාහරණයක් ලෙස බබාට බඩගිනිද? ඇසුවිට මට බඩගිනියි නොකියා බබාට බඩගිනියි ලෙස පිළිතුරු දීම), ලියන භාෂාවෙන් කතා කිරීම වැනි ගැටලූ ද දක්නට ලැබේ.
අන් අය හා හවුලේ සහයෝගයෙන් සෙල්ලම් කිරීම වෙනුවට හුදකලාව එකම කි්රයාවක්, සෙල්ලමක් නැවත නැවත කිරීම ඔටිසම් රෝගයේ තවත් ඉතා වැදගත් ලක්ෂණයකි. මෙම දරුවන් හුදකලාව පි‍්‍රය කරන බැවින් බොහෝ විට වැඩිහිටියන්ට රැුක බලා ගැනීම පහසු විය හැක. වර්තමාන සමාජයේ විශේෂයෙන් මව ඉතා කාර්යබහුල බැවින් තනිව සෙල්ලම් කරන දරුවකු මවට පහසුවක් විය හැක. එසේ නැතහොත් මෙසේ හැසිරෙන්නේ පවුලේ තනි ළමයා නිසා හා සෙල්ලම් කිරීමට අන් අය නොමැති නිසා යයි දෙමවුපියන් සිතන අතර ඒ හේතුවෙන් මෙම ලක්ෂණය කුඩා කල මග හැරී යා හැක.
ඔටිසම් රෝගය කුඩා කල හ`දුනා ගැනීමට ප්‍රමාද වන තවත් හේතුවක් වනුයේ සමහර ඔටිසම් තත්ත්වය සහිත දරුවන්ට ඉතා හො`ද බුද්ධි මට්ටමක් හා සුවිශේෂි කුසලතා තිබීමයි. මේ නිසා ඇතැම් කී‍්‍රඩා /කි‍්‍රයාකාරකම් ඉතා හො`දින් කිරීමට (උදාහරණ ලෙස ලෙගෝ, පරිගණක කී‍්‍රඩා, පරිගණකය හැසිරවීම, විදේශීය භාෂා ඉගෙන ගැනීම ආදී) හැකියාව ඇත. එම නිසා තම දරුවාට ගැටලූවක් ඇතැයි පිළිගැනීමට දෙමවුපියෝ මැලිවෙති. නමුත් වඩා විමසිලිමත්ව බැලූ විට එම දරුවන් බොහෝ විට කරන්නේ එකම දේ එකම රටාවකට නැවත නැවත කිරීම බව දැකිය හැක. මෙයද ඔටිසම් රෝගයේ තවත් ලක්ෂණයකි.
මෙම දරුවන් බොහෝ විට පිරිසිදුකම හා පිළිවෙල ගැන ඉතා සැලකිලිමත්ය. ඔවුහු තමා කරන ඕනෑම කි‍්‍රයා කාරකමක් ඉතා පිළිවෙලට කරති. සෙල්ලම් කර අවසන් වූ විට සෙල්ලම් බඩු ඉතාම පිළිවෙලට අස් කරති. ඉතා පිරිසිදුව හා පිළිවෙලට වැඩ කිරීම යහපත් ලක්ෂණයක් ලෙස පිළිගැනෙන බැවින් රෝගයේ ලක්ෂණයක් ලෙස හ`දුනා නොගැනේ. මෙයද රෝගය හ`දුනා ගැනීම පමා වීමට හේතු විය හැක.
ඔටිසම් රෝගයට නිශ්චිත ඖෂධීය ප්‍රතිකාර නොමැත. නමුත් එම තත්ත්වය ඉතා කුඩා අවධියේම හ`දුනා ගෙන චර්යාත්මක ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් අහිතකර ලක්ෂණ බොහෝ දුරට මග හරවා ගත හැක. දරුවකුගේ මොළයේ වර්ධනය වඩාත්ම ශීඝ්‍ර ලෙස සිදු වන්නේ මුල් අවුරුදු 3-4 තුළය. එබැවින් මෙම ලක්ෂණ හැකි තරම් කලින් හ`දුනා ගෙන එම ශීඝ්‍ර වර්ධනය සිදුවන කාලය තුළ නිසි පිළියම් දීම ඉතා වැදගත් වේ.
දරුවන් තුළ මනෝ වෛද්‍ය ගැටලූ ලෙස සැලකෙන බොහෝ ගැටලූ ඇත්තෙන්ම වර්ධනයට සම්බන්ධ ගැටලූ වේ. මානසික රෝග හා බැ`දී පවතින අධික අපකීර්තිය හේතුවෙන් දරුවකුගේ අසාමාන්‍යතාවක් දෙමව්පියන් හ`දුනා ගත්තද මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා රැුගෙන යාමට බොහෝ දෙමව්පියෝ මැලි වෙති. මෙයද ප්‍රතිකාර ප්‍රමාද වීමට හේතු වේ. ඊට අමතරව සමහර විට මව්වරු ගැටලූවක් ලෙස හ`දුනා ගත්තද පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ බලවත් විරෝධය හමුවේ ඔවුන්ද ප්‍රතිකාර සොයා ඒමට පසුබානු ද දක්නා ලැබේ. සමහර අවස්ථාවල මුලින් වෛද්‍ය උපදෙස් ලබා ගෙන දරුවාගේ තරමක දියුණුවක් දැකීමෙන් පසු ප්‍රතිකාර අතරමග නවතා දමනුද දක්නට ලැබේ. එසේම මෙම අසාමාන්යතාවන්ට පිළියම් ලෙස විවිධ විශ්වාස මත පදනම් වූ විද්‍යානුකූල සාක්ෂි රහිත ක්‍රම පිළිපැදීමෙන් ප්‍රතිකාර ප්‍රමාද වූ දරුවන්ද අපි බොහෝ විට ළමා සායනවල දැක ඇත. මේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ ඔටිසම් තත්ත්වය සහිත දරුවකුට නිසි කාලයේදී ලැබිය යුතු සහාය නොලැබී යාමයි. එය දරුවාට ඉතා අවාසි සහගත වේ.
ඉහත ස`දහන් කළ පරිදි දරුවකුගේ වර්ධන අවස්ථා නිසි පරිදි හ`දුනා ගැනීමෙන් හා වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් පාසල් විය සම්පුර්ණ වූවිට දරුවා ගැටලූවකින් තොරව සාමාන්‍ය පාසල් රටාවට යොමු කිරීමට හා ඇති විය හැකි ගැටලූ අවම කර ගැනීමට හැකිවේ. දරුවකුගේ මූලික වර්ධන අවධිය තුළ දෙමවුපියන්ගෙන් හා අනෙකුත් වැඩිහිටියන්ගෙන් ඉටුවිය යුතු වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් ඔහුට හෝ ඇයට සතුටුදායක පාසල් වියක් ලබා දීමට හැකියාව ලැබේ.
කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න

Last edited: