ඉපදුනා වූ දවසේ සිටම
ආදරය මහ මෙරක් උසකට
තම දරුවනට හැර
ලෙන්ගතු බව වෙන කවර අයෙකුටද
හඩමින් පවසනා සියලු දෙය
ගෙනදෙන්නේ දරුවන්ගේ තුරුලටම
හොද නොහොද ගැන සැලකීමක් නැතිව
සිදුවන්නේ හුරතලේ වැඩි කමට
නැත සිටිනු හැම විටම දරුවෙක් විලස
නැගී එයි තෙම මහා මිනිසෙකු මතු දිනක
වුවහොත් හෙතෙම නපුරෙකු සමාජයකට වින කරන
වග කිව යුතුය දෙමාපිය හරි ඉහලින්ම
