කොරවක්‍කන්ගේ වෙල මැද කලගෙඩි ලාම්‍පු සාකච්‍ජාව විතරක් ගෙන බලන්න...
මේ තරුන නිර්‍මානකරුවාගේ හපන්‍කම ඒ කෙටි පද පෙලින්‍ම මොනවට විද්‍යාමාන වෙනවා.....
ගමේ සුන්‍දරත්‍වයත්..අද ජනතාව මුහුන පා ඇති සමාජීය, ආර්ථික හා දේශපාලනීක අර්බුදයත් එම කෙටි පද පෙලට හකුලුවාගෙන මුලු නිර්‍මානයේම මුඛ‍්‍යාර්තය එක තැන රඳවා ඔබ ඉතා සාර්ථක කාව්‍ය සංග්‍රහයක් අපට ලබා දීම තුලින් මට ඔබ ගැන බොහෝ බලාපොරොත්‍තු හෙට දිනට තබා ගත හැකි වෙනවා..
අද අපේ තරුන පරපුරේ දැස් මායිමෙන් හා සිත් මායිමෙන් ගම...විහාරය..ඇල දොල සම්‍පුර්ණයෙන් ඉවත්‍කරන්න සුලු ධනේශ්වර බටහිර ගැති සමාජය විශාල කූට ප්‍රයත්‍නයන් දරලා ඒවායේ සතුට ගජ රාමෙට භුක්‍ති විඳිමින් සිටින අවස්‍ථාවක්..
ඒකනේ අපේ හැදෙන පරම්‍පරාවේ ඔලුවලට සුපර් ස්‍ටාර්ස්..මෙගා ස්‍ටාර්ස් වගේ දේවල් බලෙන් රිංගවලා තියෙන්නෙ.....ඒවම බලල සිත්..කන් හා දැස් පිනවාගන්න...
මල්‍ලියා ඉතා අගනා නිර්‍මානයක්.. නොනවත්වා ලියන්න..එය අද අප සතු වගකීමයි....
මල්‍ලිට ජය....