"දවසක් පැළ නැති හේනේ"

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    "දවසක් පැළ නැති හේනේ"

    "දවසක් පැළ නැති හේනේ" සින්දුවේ නියම තේරුම මොකක්ද? What Is The Real Meaning of "Dawasak Pela Nethi Hene" Song?

    A+beutifull+song+about+mothers+love+.jpeg

    Last edited:
    • Like
    Reactions: Mirrors

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ජීවිතය ඔහුට වැරදී ඇත. කීර්තිය යසස සොයාගිය ගමනේ තමන්ට වැරදුන තැනකදී සිදුකරන අතීතාවලෝකනයකින් ආරම්භය සිදුවේ. ජීවිතයේ මොන බාධක දුක් කම්කටොලු ආවත් අපව හැර නොයන සදාතනික වෘක්ෂය අම්මාය. මතකය ඇසුරෙන් අවදිකරන කවිසිත පැල නැති හේනක මහ වැහි වහිද්දී අම්මා ලබා දුන් තුරුලක උණුසුම පාදක කරගනිමින් රචනයේ යෙදෙයි. වැස්ස අකාල වැස්සකි. අකාල වැස්සට පෙර සූදානමක් නැත. එවැනි වූ අකාල වැස්සකින් වුව තම දරුවා වෙනුවෙන් කලයුතු යුතුකමක් වේද, හිඳිය යුතු පියවරක් වේද ඒ සිදුකරන්නෙ අම්මාය..

    රත්න ශ්‍රී විජේසින්හයන්ට අනුව කතානයකයාගේ පියා මියගොසිනි. පැල නැති හේන යනු එයයි. තරුණ කතක් කුඩාදරුවන් සමඟ වැන්දඹු වූ කල දෙවන කසාදයකට යෑම සාමන්‍ය සිරිතයි. දරිද්‍රතාව, සහ රැකවරණය මත ඊට එරෙහි වීමද සාධාරණ නොවේ. එහෙත් දෙවන කසාදයකට ගිය පසු කුඩා දරුවනට විඳින්ට වන දුක් ගැහැටද අනේක අප්‍රමාණය. දරුවා වෙනුවෙන් කල යුතු කැපකිරීම කවරේද ඈ එය ඉටු කරයි. ඈ නැවත විවාහ ගිවිස නොගනී.

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද ඇළේ නැම්මේ

    වැස්සක් වහින්නේ සියලුදේ තෙත බරිත කරගෙන. මේ කතානායකයා තෙමෙන්නේ නින්දා වැස්සකින්. ඒ වහින වැස්සෙන් නුවර වීදි යට වෙනවා. ඉතින් තවදුරටත් ඔහුට නුවර හිමි වරප්‍රාසද, තත්වය හෝ වටිනාකම හිමි නැහැ. ඔහුට අහිමි වෙන්නෙ හුදු භෞතික වටිනාකම් විතරක් නෙමෙයි. තම ආදරණීය බිරිඳගෙ සෙනෙහසත් නින්දා වැස්සේම සේදී යනවා. ඇත්තටම ජීවිතේ බින්ඳුවට වැටිච්ච වෙලාවක තමයි මේ රචනය සිද්ද වෙන්නේ. ඒක යොදාගෙන තියෙන උපමා රූපක භාවිතයෙනුත් මොනවට ඔප්පු වෙනවා..

    ඒ ඔක්කොමත් හරි.! එතකොට පොලොන්නරුවෙ කළා වැවේ ඉඳලා අනුරාධපුරේ තිසා වැවට වතුර ගෙනියන ක්‍රි.ව. පස්වන සියවසේ ධාතුසේන රජතුමා අතින් නිමවුනයි කියන යෝධ ඇළ කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ?? අවන්කවම කිව්වොත් මේ කාරණය මම දැනගෙන හිටපු දෙයක් නම් නෙමෙයි... මගේ යාලුවෙක් මට කියපු විදියට කාරණය මේකයි...

    යෝධ ඇළ කියන්නෙ හෙළ වාරි තාකෂණයේ අද්විතීය නිමවුමක්. ඒකේ තියෙන සුවිශේෂී ගුණය තමයි හැතපුමකට අඟල් හයක් වෙච්ච බැස්ම. ඒ බැස්මෙ වතුර ඉතා සීරුවට ගලායනවා. හැබයි බස්මත් නොදැනෙන සුළුයි. නින්දා, අවලාද හමුවේ බිරිඳගෙ සෙනෙහස නැතුවගියේ යම්සේද යොද ඇලෙ බැස්ම වාගෙ කියන අර්ථය ඇතුව ඔය කියන උපමාව භාවිතා වුනාය කියන එක තමයි අදහස. ඇත්තටම රචකයා ඒ වචන ටික යෙදුවෙ ඔය අදහස හිතේ තියාගෙන නම් පොඩ්ඩකට හිතල බලන්න ඔහු කොයිතරම් බුද්ධිමත් විදියට තම උපමා භවිතය සිදුකරලා තියෙනවද කියලා. හැබැයි මට නිකමට හිතුනා ඕකේ පොඩි පරහක් තියෙනවා..!

    ඒ තමයි "නැම්ම" සහ "බැස්ම" අතර වෙනස. ඇළක නැම්ම කියන්නෙ වතුර පාර හැරිල යන වන්ගුවක් වගේ තැනක්... ඒක බැස්මට සමාන වෙන්නෙ නැහැ. ඔය ඔස්සේ පොඩ්ඩක් හොයලා බලනකොට තමයි මම දැනගන්නේ යෝධ ඇළේ බැස්මට විතරක් නෙමෙයි එකේ තියෙන නැම්මටත් සුවිශේෂී ගුණ දක්වනවාය කියලා. යෝධ ඇළේ තියෙන්න බොහෝඅ දුරට 'අක්-වක්' (Zig-zag) ගමන් මාර්‍ගයක්. කොයි පැත්තට හැරෙයිද කියල විනිශ්චයක් දෙන්න අමාරුයි. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. හරියට නිකන් මඩේ හිටවපු ඉන්න වගේ. දැන් ඔන්න ඔයගුණය බිරිඳගෙ සෙනෙහස තුළ ඔහු දකින්නෙ නින්දා අවලාද වලට මැදි වෙද්දී. මවගේ සෙනෙහස නොසෙල්වෙන මහා වෘක්ශයක් වෙද්දි බිරිඳගෙ සෙනෙහසෙ තියෙන සචල බව නිරූපණය කරන්න රන්බණඩා සෙනෙවිරත්නයන් මේ යෝධ ඇලේ නැම්ම කියන උපමාව යොදාගත්ත බවට මගේ හිත කියනවා. මම එහෙම කියන්නෙ "හිත් පිත් නැති නුඹේ හිතත් දහ අට වන්ඟුව වාගේ" වගෙ උපමාවන් මෑත කාලීන රචනාවලින් තරුණියකගෙ හිතේ තියෙන අස්ථාවර බව නිරූපණය කරන්න යොදාගන්න නිසා. කොටින්ම දහ අට වන්ඟුවේ ගමනත්, යෝධ ඇළේ නැම්මත් කියන්නෙ එකම කතාවක්...

    කොළඹ අහස කලු කරගෙන වහින්න සැරසෙද්දි, ඒ නින්දා වැස්සෙන් ඔහුට ගැලවුම හිමි වෙන්න අම්මගෙ සෙනෙහස යටතෙ විතරයි. ගොඩනගාගත් සියළු දේ නැතිවෙද්දි ඒ පිළිබඳ තවත් අනතුරු ඇඟ වෙද්දී අම්මගෙ තුරුලට නැවත දුවගෙන එන්නද කියල රචකයා විමසන විදිය හරිම සන්වේදනීයයි. එහි භාවනීය රසයන් උපරිමයකට පත් කරමින්ම ඊටම ඔබින විදියට ගුනදාස කපුගේ සන්ගීතවේදියානන් ඉහල ස්වර කණ්ඩයකට පිවිසෙමින් ගීතය නිමා කරන ආකාරයත් විශිෂ්ටයි. රණ්බන්ඩා සෙනෙවිරත්නයන් කියන්නේ සින්හල ගීත සාහිත්‍යට විශිෂ්ට පදමාලා සම්පාදනයේ යෙදුනු තවත් සොඳුරු මිනිසෙක්. පරිණත පුද්ගලයෙකු තමන් මවගෙ සෙනෙහස සන්වේදනය කරන ආකාරය මෙකෙන් මනාව ඉස්මතු කරනවා. විශෙෂයෙන්ම ඔහු මෙතනදි මව සහ බිරිඳකගේ සෙනෙහස සන්සන්දනයේ යෙදීමත් විශෙෂ දෙයක්...

    කාලයක් පුරාවට ජීවිතේ තමන් සමීපව ආස්‍රයකරන ගනුදෙනු කරන එකම ගැහණිය අම්ම වන පුද්ගලයෙකුට වෙනත් තරුණියකගෙ ආදරය හිමිවීම සුවිශේශී කාරණාවක්. සමහර වෙලාවට මව ඊට දක්වන විරෝධයට සාධාරණ හේතු තියෙනවා. මවගෙ සෙනෙහස සහ බිරිඳගෙ ප්‍රේමය අතරට මැදිවන පුද්ගලයා අපේ බොහෝ ගීතවලට, නිර්මාණ වලට හේතු පාදක වෙලා තියෙනවා. හොඳම නිදර්ශණයක් තමයි "ඔබගෙ අම්මද නැත්තන්, ඔබගෙ බිරිඳද" ගීතය. මේ ගීතය හරහාත් එවැනි කරුණු දැක්වීමක් කරනවාය කියන එකයි මඟේ හැඟීම.

    හැබයි මේ සින්ඳුව ගැන මට ලියන්න හිතෙන්නෙ මේ ගීතයට පශ්චාත් නූතන වාදීන් ලබා දෙන තවත් අර්ථකතනයක් නිසා. ඊට කලින් මේකත් කියන්න ඕන. ගීතයකට අර්තකතන ලබදීම පුද්ගලානුබද්ධ කාරණාවක්. තමන් දකින විදියට තමන් හිතෙන විදියට එ ගීතයේ අර්ථය රස විඳීමට ඕන කෙනෙක්ට අයිතිය තියෙනෙවා. ඒත් මම හිතන විදියට සහ මට දැනෙන විදියට ගීතයක සෘජුවම කියාපන කාරණාවන්ට හාත් පසින්ම වෙනස් අර්තකතන ලබාදීම යම් කිසිවිදියක සාපරාධයක්...

    පශ්චාත් නූතන වාදීන් මිනිසාගෙ ලින්ඟික නිදහස සහ අයිතීන් ගැන ගොඩක් කතා කරනවා. අශෝක හඳගමයන් දකින විදියට මේ ගීතය පුතාගෙ සිත තුල මව කෙරෙහි ඇතිවන ලින්ඟික හැඟීමක් විස්තර කරනවා. ඒක සාමන්‍ය බැඳීමක් නෙමෙයි. "මව් සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ" කියන පද පේලිය ඔවුන් අර්ථදක්වන්නේ බිරිඳගෙ සෙනෙහස නින්දා ඝැරහුම් නිසා නොලැබී යද්දී අම්මා තුලින් ඒ පහස ලැබීමට පුතකුගේ සිත තුල උපදින පාපිෂ්ඨ සිතිවිල්ලක් විදියට...!

    http://geeyakamathakapotha.blogspot.com/2012/12/blog-post_16.html
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මම මගේ ජීවිතයේදි දුටු හොදම සංගීත සංකලනය තමය් ගුණදාස කපුගේ සහ රන්බංඩා සෙනවිරත්න කියන්නෙ. මේ සංකලනයෙන් හෑදිච්ච හෑම ගීතයක්ම ආත්මීයය්.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම මගේ ජීවිතයේදි දුටු හොදම සංගීත සංකලනය තමය් ගුණදාස කපුගේ සහ රන්බංඩා සෙනවිරත්න කියන්නෙ. මේ සංකලනයෙන් හෑදිච්ච හෑම ගීතයක්ම ආත්මීයය්.

    :yes: :yes: ow macho... me sinduwa mn punchi kale idanma ahala thibunath me sinduwa kerehi wadi almak athi wune "hiru tv" eke "uttareetara" program eke ranbanda seneviratne gana giya wadasatahanedi me sinduwata labuna wicharayen passei. eda idan me sinduwa mage hadawathatama waduna sinduwak.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ මේ වගේ පෝස්ට එකක් දැමිය යුතු තරම් වටිනා කෙනෙක් ලෙස පෙනී ගිය නිසායි මෙය කොටන්නේ...........

    දවසක් පැල නැති හේනේ ගීතයේ ඇත්තේ හුදෙක් නුවර කලාවියේ අම්මා කෙනෙක් තම දරුවන් වැස්සෙන් බේරනු පිණිස තුරුළු කරගෙන සිටි කතාව නොවේ. එය ඊට වඩා පෘථුල සමාජීය සහ ආර්ථික අභාග්‍යයක් ලෙස තේරුම්ගත යුතු එකකි.

    හේන මහවැලි ජලය ලැබීමට පෙර නුවර කලාවියේ බඩවැඩිල්ල විය. හේන තනා එහි පැලක් අටවන්නේ හේනේ ආරක්ෂාව පිණිසය. හේනක් නොමැති පැල ආරක්ෂිත නොවේ. පැල නැති හේන යනුවෙන් මෙහි අරුත් ගැන්වෙන්නේ ආරක්ෂාව නොමැති කුටුම්භයයි. එනම් පියා නොමැති, පියා වියෝ වු නිවසයි.
    පියා නොමැති වීම නිසා නොලැබෙන්නේ ආරක්ෂාව ම නොවේ. මුඛය ජීවිකාවද අහිමි වෙයි. එවිටය, දරුවන් අකාල මහ වැස්සට තෙමෙන්නේ, එනම් ආර්ථික ප්‍රශ්න වලට මුහුණු දෙන්නේ. එසේ මුහුණ දෙන විට අම්මා සිටින්නී දරුවන් බේරා ගැනීමට සිටි පියවරය. සිටි පියවර සිටීම යනු ඉතා ගැඹුරු අර්ථයක් නංවන්නකි. එනම් තමා දැරූ මතයේ ම සිටිනවා යන්නය. කුමක් ද මේ මතය? ආර්ථික අහේණි පැමිණි විටදීත් වෙන විවාහයක් වෙත නොයා, දරුවන් අකාල ආර්ථික වැස්සෙන් නොතෙමා රැක ගන්නවා යන මතයයි. එය හිටි පියවරක රැදී සිටීමකි. එපමණක් නොවේ, දරුවන් කර දඩු උස් මහත් වී, ඒ අකාල මහ වැස්ස පායන තුරු, ඇය ඒ මතයේ ම සිටින්නීය.........

    අප දකින වචනාර්ථය ඉක්මවූ අතිශය ගුඹුරු අර්ථයක් මේ ගීතයේ ඇත. දිනක් අප නිවසට පැමිණි මේ ගීතයේ රචකයා රන්බණ්ඩා සෙනෙවිරත්න මාමා ගෙන් මම මෙසේ ගී ලියන්නේ කෙළෙසකදැයි විමසුවෙමි. ඔහු මෙසේ ගීත ලිවීමට දුන් හේතුව මෙසේය.
    “පුතේ මම ගොඩයෙක්....ගොඩේ බයියෙක්. අන්න ඒ නිසා තමා එහෙම ලියන්න පුළුවන් වෙන්නේ“
     
    ~ බොහොම ස්තූතියි මචෝ.. :) ~
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    thanks machn..wicharayata
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මන් ආසම සින්දුවක්..මේ සින්දුව ඇහෙද්දි මගේ ඇස් වලට කඳුලු එනව බන්.. :dull:

    ~ හ්ම්.. ඔව් බන් මටත් එහෙමයි. මේ සින්දුවට මං ඉස්සර ඉඳන්ම ගොඩක් කැමතියි බන්... ~