දවසක~හිගන්නෙක්~වෙනවා
සුරංජිත්ගේ හොඳම යාළුවෙක් මීට අවුරුදු විස්සකට විතර කලින් මිනිහගේ කේන්දරේ බලාගෙන.
“තරහා වෙන්න එපා පුතා, මේ කේන්දරේ හැටියට නම් ඔය ළමයා කවදාහරි හිඟමනට වැටෙන එක වැටෙනවාමයි”. මිත්රයාගේ කේන්දරේ පරීක්ෂා කරපු නැකත් ඇදුරා ගහේ ගෙඩි එන්නා වගේ එහෙම කියලා.
කොහොම හරි ඇදුරාගේ මේ මූසල අනාවැකියෙන් සුරංජිත්ගේ යාළුවගේ ආත්ම ශක්තිය බින්දුවටම වැටිලා ඒත් ආත්ම විශ්වාසය මුල්කර ගත්තොත් ෙදෙවයට පයින් ගහන එකත් මොන කජ්ජක්ද කියලා හිතලා මිනිහා මිල, මුදල්, සමාජ තත්ත්වය වගේ දේවල්වලින් ඉහළ තලයකට එන්න ලොකු දහිරියක් දාලා කොහොම නමුත් ඒකේ ප්රතිඵලයක් හැටියට සුරංජිත්ගේ මිත්රයා අද හොඳ ජනප්රිය සංගීත කණ්ඩායමක නායකයෙක්.
“මීට අවුරුදු විස්සකට කලින් අර මෝඩ ඇදුරා මගේ කේන්දරේ බලලා කියපු කාලකන්ණි අනාවැකිය මතක් වෙන කොටත් දැන් මගේ ඇඟේ මාළු නටනවා මචං”. සංගීත සංදර්ශන නැති දවසක සුරංජිත්ව හොයාගෙන ආපු මේ මිත්රයා කිව්වා. “ඒ වගේම මට හිතෙනවා මචං ඔය මෝඩ ලොක්කට හොඳ මට්ටුවක් කරන්න”. එහෙම කියපු මිත්රයා මොකද කරන්නේ මිනිහාගේ සංගීත කණ්ඩායම සහභාගි වුණු දස දහස් ගාණක ජනතාවක් එක්වුණු එළිමහන් සංගීත ප්රසංගයකුත් ලැප්ටොප් පරිගණකයේ දාගෙන සුරංජිත් එක්කම අර ඇදුරා හම්බුවෙන්න ගියා.
“අංකල්ට මතකද මීට අවුරුදු විස්සකට කලින් මගේ කේන්දරේ බලලා අංකල් කිව්වා, කවදා හරි මට හිඟා කන්න වෙනවා කියලා.” ඒ වෙනකොට අබල දුබල වෙලා හිටපු ඇදුරාගෙන් සුරංජිත්ගේ යාළුවා සද්දේ දාලම ඇහුවා.
“මට නම් මතක නෑ ළමයෝ ඉතින් මොකක්ද පුරස්නෙ” අර ඇදුරත් ඇහුවා.
“පුරස්නේ මෙන්න මේකයි. අංකල්ට ඇස් පේනවානම් බලා ගන්න දැන් මං ඉන්න තත්ත්වේ.”
එහෙම කියපු සුරංජිත්ගේ යාළුවා අර ඇදුරා ඉස්සරහදී ලැප්ටොප් පරිගණකය ක්රියාත්මක කළා. දැන් ඔන්න ඒකෙන් පේනවා සුරංජිත්ගේ මිත්රයා ඒ ප්රසංග වේදිකාවේ ඉඳගෙන අති දහස් ගණන් රසිකයන් අමතනවා. මේක දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු අර ඇදුරා මේන් “හෙහ් හෙහ්” ගාලා මහ හ¾ඩින් හිනාවෙන්න පටන් ගත්තෙ නැතැයි.
“මොකද අංකල් හිටපු ගමන් ගුල්ම ගාය හැදිලා වගේ.” ඇදුරාගේ මේ වැඩෙන් ඌරු ජුවල් නැග්ග යාළුවා ඇදුරාගෙන් ඇහුවා. “ඉතින් කොලුවෝ උඹ කවදහරි හිඟා කනවය කියපු කතාව කිරි ගහට ඇන්නා වගේ හරිනේ”, එතකොට අර ඇදුරත් කියපි.
“ඒ කොහොමද කියනවා” එතකොටම සුරංජිත්ගේ යාළුවත් ඇදුරාගේ ඇඟට කඩාගෙන පැන්නා. ඔන්න එතකොට ඇදුරත් ලැප්ටොප් එකේ රූප රාමු දිහාට අත දික් කළා.
“ඇයි කොලුවෝ උඹ ඔය අනේ මල්ලි අත්පොඩියක් ගහන්නකෝ, අත්පොඩියක් ගහන්නකෝ කිය කියා ඔය කරන්නේ හිඟා කන එකනේ”.