දවස් හයට ලංකාවෙන් 1/4ක් කොළඹ වරාය බලලා!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    දවස් හයට ලංකාවෙන් 1/4ක් කොළඹ වරාය බලලා!!!!!!!!!!!!!!!!!!!!!!

    අද පස්වරුව දක්වා මහජන ප‍්‍රදර්හණයට සඳහා විවෘත කර තිබූ නව දකුණු කොළඹ වරාය පරිශ‍්‍රය නැරඹීම සඳහා මිලියන 05ට අධික ජනතාවක් පැමිණ ඇති බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. (එම ප‍්‍රමාණය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයෙන් 1/4කි)

    පෞද්ගලික වාහන 55,000 අධික ප‍්‍රමාණයක්ද වරාය පරිශ‍්‍රයට ඇතුළු වූ බවද අධිකාරිය සඳහන් කරයි.

    පසුගිය 07 වන දා විවෘත කෙරුණු කොළඹ වරාය සඳහා 08 වනදා සිට අද දින දක්වා මහජනයා සඳහා විවෘත කර තිබිණි.




    කොළඹ දකුණු වරායේ නව දියකඩනය හා පර්යන්තය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනකාය හේතුවෙන් කොළඹ මාර්ග රැසක අද දිනයේත් දැඩි වාහන තදබදයක් ඇති වී ඇතැයි පොලීසිය පවසයි.

    පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් කොළඹ දකුණු වරායේ ප‍්‍රථම අදියර විවෘත කිරීමෙන් අනතුරුව වරාය නැරඹීමට මහජනයාට අවස්ථාව ලබා දෙනු ලැබීය. වරාය මහජනයාට නැරඹීමට විවෘතව තිබෙන අවසන් දිනය අදයි. එබැවින් ඊයේ දිනයට සාපේක්ෂව වැඩි ජනකායක් අද දිනයේ කොළඹට පැමිණෙමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

    copyright www.rivira.lk
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පසුගිය අගෝස්තු 05 දා වරායේ චීනුන්ට අයත් නව කොළඹ ජාත්‍යන්තර පර්යන්තය විවෘත කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසැවීමට හෝ ජාතික ගීය වාදනය කිරීමට චීනුන් විසින් ඉඩ දී නැත. උත්සවයට පෙර දා රාත්‍රියේ භූමිය පුරා සරසා තිබූ සියළු ශ්‍රී ලංකා ජාතික ධජ සහ ශ්‍රී ලංකා වරායේ ධජ සියල්ල ඉවත් කිරීමට චීන බලධාරීන් විසින් නියෝග කර තිබේ.

    උත්සවය දින වේදිකාවේ ජාතික ධජ 3 ක් පමණක් ප්‍රදර්ශනයට ඉඩ දී ඇති අතර ඒ ද වේදිකාවේ මැදට නොව පසෙකට වන්නටය.

    දේශප්‍රේමී යයි කියාගන්නා මැදමූලන මහින්ද රාජපක්ෂ පර්යන්තය විවෘත කිරීමට පැමිණියද ඔහුට එසැවීමට ජාතික කොඩියක් තිබුනේ නැත. ජාතික ගීයක් ගැයුනේ නැත. ඔහුට තිබුනේ චීනාගේ පටිය කැපීම පමණය.

    නව වරායවල් ඉදිකරනවා යැයි මැදමූලන මරා තම කතාවේදී ඛෙරිහන් දුන්නද එය චීනයට අයත් චීන්නුන්ගේ වරායක් බව ලංකාවේ ජාතික කොඩියවත් දැමීමට ඉඩ නොදීමෙන් තහවුරු වේ.

    මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය.

    මෙය වැස්සී ඛෙදා ගත් මෝඩ ගමයාගේ කතාව වැනිය. මෝඩ ගමයාට වැස්සිගේ ඉදිරි කොටස දී කපටි ගමයා වැස්සිගේ පසු කොටස ගත්තේය. මෝඩ ගමයාට වැස්සියට කැවීම පෙවීම බාර වූ අතර පසු කොටස හිමි කපටි ගමයා කිරි ටික දොවා ගත්තේය.

    මැදමූලන මෝඩ ගං කබරයාද වරාය පුළුල් කිරීම කියා හැදූ නව පර්යන්තයෙන් කරගෙන තිඛෙන්නේ ඉහත සන්තෑසියමය. දියකඩනය අපේය. පර්යන්තය චීනාගේ ය. පර්යන්තයේ සියයට 15න් ලැඛෙන මුදල දියකඩනය වෙනුවෙන් ගත් ණය ගෙවීමටවත් මදිය. නමුත් මෙහිදී පාඩුව වී ඇත්තේ ගං කබරයන්ට නොව රටට ය. මැදමූලන ගං කබරයන්ට ගණුදෙනුවෙන් ලැඛෙන කෝටි ගණනක කොමිස් කුට්ටිය නම් මේ වන විටත් ලැබී අහවර ය.

    කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.

    කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.

    නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි. ඉදිරියේදීද මේ තත්ත්වය වෙනස් වේ යැයි සිතිය නොහැක.

    නව චීන පර්යන්තය සමග තරඟ කිරීමට නම් දැනට කොළඹ වරාය සතු පර්යන්ත වැඩි දියුණු කළ යුතු වුවද එවැන්නක් සිදු නොකෙරේ.

    දැනටමත් වරාය සතුව ඇති විජයකුමරු පාලම, බණ්ඩාරනායක පාලම, නියමු පාලම ආදියේ වැඩ කෙරෙන්නේ නැත. ඒවාට නැව් ගෙන්වා ගැනීමේ සැලැස්මක් ද නැත. වාහන ගෙන්වූ නැව් ටිකද හම්බන්තොට වරායට යොමු කර තිබේ. මේ නිසා කොළඹ වරායේ ආදායම වැටී ඇත.

    මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.

    කොළඹ වරාය දියුණු කර ලාබදායී වරායක් කරනවා වෙනුවට 'පෝට් සිටි' වැනි මුහුද ගොඩ කර හදන ව්‍යාපෘති වැනි තව තවත් චීනාටම ණය වන රට විකුණන නමුත් කොමිස් වැඩි ව්‍යාපෘති වෙත පමණක් මැදමූලන ගංකබරයන් රෑන සහ වරාය සභාපති හොරාචාර්ය ප්‍රියත් යොමුවී සිටිති.

    අ~ඛෙර ගසා විවෘත කළ නව පර්යන්තයේ තම රටේ කොඩිය දමා ගැනීමටවත් නොහැකි නම් තව කවර කතාද?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    චීන ලණු කන්න ජනගහනයෙන් හතරෙන් එකක් නෙවි හතරෙන් තුනක්ම එයි. එහෙව් අස්චර්යමත් රටක් බොල මේක.


     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන හු^^ක්ද මංදා. වරායක් හැදුවනම් නැවක් ගේන්නේ නැතුව මිනිස්සුන්ට පෙන්නන්න මුන්ට පු^ අමාරුවද කියලා..පෙන්නුවත් කමක් නෑ සතියේ දවස්වල නැතුව වීකෙන්ඩ් එකක. කොටුව පැත්තට යන්න බෑ පට්ට ට්‍රැෆික්. නවලෝකේ ගාව ඉඳලා රීගල් එක ගාවට යන්න ඊයේ පැයයි විනාඩි 10ක් ගිය. :angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    මොන හු^^ක්ද මංදා. වරායක් හැදුවනම් නැවක් ගේන්නේ නැතුව මිනිස්සුන්ට පෙන්නන්න මුන්ට පු^ අමාරුවද කියලා..පෙන්නුවත් කමක් නෑ සතියේ දවස්වල නැතුව වීකෙන්ඩ් එකක. කොටුව පැත්තට යන්න බෑ පට්ට ට්‍රැෆික්. නවලෝකේ ගාව ඉඳලා රීගල් එක ගාවට යන්න ඊයේ පැයයි විනාඩි 10ක් ගිය. :angry:

    If people are not exited about this development, definitely they will not visit. Even government did not expect this much of people.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මොන හු^^ක්ද මංදා. වරායක් හැදුවනම් නැවක් ගේන්නේ නැතුව මිනිස්සුන්ට පෙන්නන්න මුන්ට පු^ අමාරුවද කියලා..පෙන්නුවත් කමක් නෑ සතියේ දවස්වල නැතුව වීකෙන්ඩ් එකක. කොටුව පැත්තට යන්න බෑ පට්ට ට්‍රැෆික්. නවලෝකේ ගාව ඉඳලා රීගල් එක ගාවට යන්න ඊයේ පැයයි විනාඩි 10ක් ගිය. :angry:

    රටේ වැඩ නැති හාල්පාරුවෝ කොච්චාරක් ඉන්නවද කියල බලාගන්න පුළුවන්,

    රට දියුණු වෙනකොට එක බලල සතුටුවෙයන්බන්.
    අපි ආශ්චාර්යමත් අනාගතයක් කර පියනගනවා.

    මහා එකා ඕව හදන්නේ ඕකට හම්බවෙන කොමිස් කුට්ටියට.
    අපේ මෝඩ හරක් අව්වේ වේලිලා ඕව ගිහින් බලන් සතුටු වෙනවා.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොන හු^^ක්ද මංදා. වරායක් හැදුවනම් නැවක් ගේන්නේ නැතුව මිනිස්සුන්ට පෙන්නන්න මුන්ට පු^ අමාරුවද කියලා..පෙන්නුවත් කමක් නෑ සතියේ දවස්වල නැතුව වීකෙන්ඩ් එකක. කොටුව පැත්තට යන්න බෑ පට්ට ට්‍රැෆික්. නවලෝකේ ගාව ඉඳලා රීගල් එක ගාවට යන්න ඊයේ පැයයි විනාඩි 10ක් ගිය. :angry:
    ridila:lol: nathnam chandhe ganne kohomadha oi:oo::lol::lol: miliyana 5n m4kwath sandaneta chande denawane:rofl::lol::lol: waraaya neme lokuma kakkussiyak haduwath padarsanaya karayi loke lokuma kakkussiya kiyalaa araliyagahamandirayath ehema thamyi:oo:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රටේ වැඩ නැති හාල්පාරුවෝ කොච්චාරක් ඉන්නවද කියල බලාගන්න පුළුවන්,

    රට දියුණු වෙනකොට එක බලල සතුටුවෙයන්බන්.
    අපි ආශ්චාර්යමත් අනාගතයක් කර පියනගනවා

    huththe ascharya:dull:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහා එකා ඕව හදන්නේ ඕකට හම්බවෙන කොමිස් කුට්ටියට.
    අපේ මෝඩ හරක් අව්වේ වේලිලා ඕව ගිහින් බලන් සතුටු වෙනවා .
     

    Similar threads