ඕවට හිනාවෙන්න එපා බං.. නුවන් අයියා කියනව වගේ ඕක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙත් වැරැද්ද.. දැන් තියෙන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.. ගොඩක් පාසල් වල ගුරුවරු ප්‍රජනන සෞඛ්‍ය පාඩම් කරන්නෙ නැහැ.. ඔය ගැන කතා කරන්නෙවත් නැහැ.. මොකද ලැජ්ජ බයට හැදිච්ච ගුරුවරුනේ.. ඉතිං ඕක උගන්වන්න ලැජ්ජයි.. එහෙමත් නැත්තං කියයි ළමයින්ට ඕවා උගන්වන්න හොඳ නැහැයි කියලා.. අනිත් එක අපේ රටේ ගෑණු ළමයින්ගෙ ලිංගික අධ්‍යාපන දැණුම අන්තිමයි.. උන්ලට කොටහලු වුණාට පස්සෙ ලැබෙන එකම අවවාදය කොල්ලන්ගෙන් පරිස්සම් වෙයන් කියල විතරයි.. ඉතිං එහෙවු එකේ ඔය වගේ දෙයක් වුණත් නොදන්නකම නිසා එයාලා බයවෙන එක ලොකු හරුපයක් නෙමෙයි..
හිනාවෙන්න ඕන තරම් දේවල් තියෙනව බං.. ඒත් මේ වගේ දේවල් වලට හිනාවෙන්නෙපා.. ඒ කෙල්ල මේ සම්බන්ධව නොදන්න නිසානේ අහල තියෙන්නෙ.. ඒ වෙලාවෙදි ඒ ගෑණු ළමයා අසරණයි.. ඒකයි එහෙම ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. ෆේස්බුක් එකේ පොන්නයොන්ට ඕවට හරි හිනා ඇති.. ගොන් හැත්ත..