දවසේ වෙඩිල්ල - Mega Thread

gepa

Well-known member
  • 2025-05-19 මීට සුලු මොහොතකට පෙර දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉලක්ක කර නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමින වෙඩි තැබීමක් සිදුකොට ඇති බවට පොලිස් ආරංචි මාර්ග සදහන්කොට ඇත. මෙම වෙඩිතැබීමෙන් තුවාල හෝ ජීවිත හානි පිලිබදව මේ වන තෙක් වාර්ථාවී නොමැත.
     
    • Wow
    Reactions: KDH and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක් - 25.05.2025




    පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

    පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

    සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇත.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.

    කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.

    Source : https://sinhala.adaderana.lk/news/210412
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    මේකට සම්බන්ධ නිසා අහන්නෙ (පොඩිකාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නක්) ,
    News වල, මොකක්හරි දෙයක් උනොත් ඒකෙ පරීක්ෂණ කරන්නෙ කවුද, දැනට තියන තොරතුරු මොනවද හැමදේම කියනවනෙ, ඒ තොරතුරු දැනගැනීම සම්බන්ධ හේතුවක් නිසාද එහෙම නැත්තන් අපරාධ කාරයො නොමග යවන්න? එහෙමත් නැත්තන් වෙනත් හේතුවකටද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේකට සම්බන්ධ නිසා අහන්නෙ (පොඩිකාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නක්) ,
    News වල, මොකක්හරි දෙයක් උනොත් ඒකෙ පරීක්ෂණ කරන්නෙ කවුද, දැනට තියන තොරතුරු මොනවද හැමදේම කියනවනෙ, ඒ තොරතුරු දැනගැනීම සම්බන්ධ හේතුවක් නිසාද එහෙම නැත්තන් අපරාධ කාරයො නොමග යවන්න? එහෙමත් නැත්තන් වෙනත් හේතුවකටද?
    ඕපදූප බන්, උන්ට හොයන්න පුලුවන් හැම එකම දානවා.
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    ඕපදූප බන්, උන්ට හොයන්න පුලුවන් හැම එකම දානවා.
    එතකොට පරීක්ෂණ වලට බාධාවක් නෙවෙයිද ඒක? අනිත් එක ඒ නිලධාරීන්ගෙ නම් උනත් expose කරන එක ප්‍රශ්නයක් නෙවෙයිද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    එතකොට පරීක්ෂණ වලට බාධාවක් නෙවෙයිද ඒක? අනිත් එක ඒ නිලධාරීන්ගෙ නම් උනත් expose කරන එක ප්‍රශ්නයක් නෙවෙයිද?
    ඕවා අමුතු හැංගිච්ච තොරතුරු නෙවීනෙ බන්, police statition එකේ ඉන්න එකාගෙ නමනෙ දාන්නෙ. ලොක්කෙක්ගෙ නම තමා ගොඩක් වෙලාවට වැටෙන්නෙ.

    වාර්තාකාරයට කියන ටික තමා ඌ දාන්නෙ. රහසිගත තොරතුරු ඌට යන්නෙ නෑනේ.
     
    • Love
    Reactions: KSPathirana

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Tg4O67G.jpeg


    පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේ අද (29) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

    ගරාජයක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකුගේ පිටුපසට වෙඩි වැදී ඇතැයි වාර්තා කෙරේ.

    ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 49ක් වාර්තා වී ඇති අතර, මෙම වෙඩිතැබීම 50 වන සිදුවීම ලෙස වාර්තා වේ.
     
    • Wow
    Reactions: Lionzzz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Sameera-Manahara.jpg

    (Lanka-e-News- 06.Aug.2017, 11.30PM)

    "Sameera Manahara the Private secretary to minister Mangala Samaraweera was arrested by an STF team of officers on the 6 th in the early hours of the morning. He was taken into custody along with a quantity of drugs including cocaine , hashish , Kush, ‘pill’ and banned cigarettes .

    While Manahara was transporting the contraband in a super luxury vehicle for a beach party in Mt. Lavinia he was apprehended after the police set an ambush following a tip off . Along with him four others were taken into custody. It is learnt among the four others were individuals who had been engaged in drug peddling together with Malaka Silva.

    3000 milligrams of cocaine , 4500 milligrams of the drug ‘Pill’, 9740 milligrams of hashish , 9420 milligrams of Kush , 18 bottles of foreign liquor bottles and 400 banned imported cigarettes which were in the vehicle were also taken into custody.

    The official identity card and a bank card of ASP Upul Seneviratne of the ministry’s security division had also been found in the possession of the suspects .

    At the time of the arrest, Minister Mangala Samaraweera was at Matara .

    When Sameera and his group were trying to ‘sell’ minister’s name following the arrest in order to escape from the clutches of the law , the minister from Matara on the other hand had given clear and categorical instructions to the police to enforce the law to the letter against those taken into custody in connection with drugs irrespective of rank or status, and not to show any special leniency. The minister’s exemplary instructions is most laudable. "

    Meyata ada wedi thiyala 😓

     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    සීදූවේ වෙඩිතැබීමක් - Ada Derana



    සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    රාජපක්ෂපුර 12 පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෙඩිතබා තිබුණි.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

    සිදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    බො‍රැල්ලේ වෙඩි තැබීමක් - 07-Aug-2025


    බො‍රැල්ල සහස්‍රපුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

    මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56යේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    https://sinhala.adaderana.lk/news/213147
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    දැන් "බයියොන්ගෙ පුක් පැලිල්ල" කියල මෙගා ත්‍රෙඩ් එකක් දාපිය.
    ඒකේ පොහොට්ටුවෙ පාතාලයොන්ගෙ අල්ලන ආයුධයි මත්ද්‍රව්‍ය තොගයි දාපන්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    නුගේගොඩ වෙඩි තැබීමක් - 22.12.2025

    නුගේගොඩ මංසන්ධියේ කොහුවල දෙසට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.​


    අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


    https://sinhala.adaderana.lk/news/218745