දසබලධාරී
මුල්ගායනය - ආර්.ඒ චන්ද්‍රසේන
මුල්ගායනය - ආර්.ඒ චන්ද්‍රසේන
හිත ටිකක් සංසුන් කරගන්න ඕනා උනාම මම කරන්නේ බුදුගුණ ගීත අහන එක. මා ආස බොදුගීත අතරින් ප්‍රමුඛම ගීතයක් තමයි දසබලදාරි කියන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මධුර ගීතයක්.
ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ (WD ආරියසිංහ මහතාගේ ගේ පුතා) අපුරුවට නැවත ප්‍රතිනිර්මානය කලා. එහිත් ගායනය රංගනය අසමසමයි.
දසබලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
වසනා සඳෙහී කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා
වසනා සඳෙහී කිඳුරඟ සමගා
කර ආලේ .. රාජා ඒ .. බරණැස හී කිඳුරී ටා
මැරුවෝ බෝසත් විද හී පහරා
බෝසතු ගේ ප්‍රාණය ඒ
සක් දෙවිඳානෝ දානය කෙරුවෝ
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
වසනා සඳෙහී කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා