බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ”කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති”
ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
1. මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
4. භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. C¹ති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
7. ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
8. ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‚තා – මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ”සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක් කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.