දහම්-සිසිල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන - භාසති වා කරොති වා
    තතෝ නං දුක්ඛමන්වේති - චක්කංච වහතො පදං
    dhammapadaya1jpg.jpg

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ධර්මාවබෝධයට සුදුසු යොවුන් විය

    විශේෂයෙන් ම වර්තමානයේ ගත්තොත් බණ භාවනා සම්බන්ධයෙන් තරුණ පිරිස්වල නැඹුරුවක් දකින්නට තියෙනවා.


    ඇත්තෙන්ම තරුණ පිරිසට ඕනෑකම තියෙනවා තමන්ගේ යෞවනය තමන්ගේ තාරුණ්‍ය පාදක කර ගෙන යම් කිසි සුවිශේෂී අධ්‍යාත්මික අත්දැකීමක් ලබන්න. මෙන්න මේ උදෙසා අධ්‍යාත්මික නායකත්වයක් තරුණ පිරිසට අවශ්‍ය වෙලා තියෙනවා.විශේෂයෙන්ම අපි ගත්තොත් තරුණ වයස කියන්නෙ බොහෝ විට අධ්‍යාත්මික නායකත්වයක් ඔස්සේ ලෝකය දිහා බලන වයසක් නොවෙයි.



    විශේෂයෙන් ම තරුණ අවධිය කැප වෙලා තියෙන්නෙ ඉන්ද්‍රියන් පිනවීමටයි. ඒ නිසා සාමාන්‍යයෙන් වර්තමාන තරුණ පරපුර හිතන්නේ රූපවාහිනියකට, සංගීත සංදර්ශනයකට, සමාජ ශාලාවකට, සුපිරි වෙළඳ සැලකට මනුෂ්‍ය ජීවිතයක් සැපවත් කරන්න පුළුවන් කියලයි. නමුත් වර්තමානයේ අපට පේනවා තරුණ පිරිස ඒ මිත්‍යා මානසිකත්වයෙන් මිදිල අධ්‍යාත්මික නායකත්වයක් අපේක්ෂා කරන බව.



    ඒ නිසයි ඔවුන් දැන් දැන් වේගයෙන් ධර්මය කරා ඇදීමේ ප‍්‍රවනතාවයක් දකින්න තියෙන්නෙ.ඇත්තෙන් ම මේ තරුණ පිරිස තුළ තිබෙනවා ඉන්ද්‍රියයන් පිනවීම විනිවිද ජීවිතය දිහා බලන්න පුළුවන් මානසික කුසලතාවයක්. අන්න ඒ කාරණය සම්බන්ධයෙන් තරුණ පිරිස දැනුවත් වෙන්නට ඕනෑ.බුදුරජාණන් වහන්සේ තමයි ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස කි‍්‍රයාකළ යුතු ආකාරය පෙන්වල දුන්නෙ.



    ලෞකික ජීවිතයක් මුල් කරගෙන මනුෂ්‍යයා අධාර්මික වීම, විකෘතියට පත්වීම, නො මඟ යෑම නම් බුදුරජාණන් වහන්සේ ප‍්‍රතික්ෂේප කෙරුවා. උන්වහන්සේ නිරන්තරයෙන්ම ගිහි ශ‍්‍රාවකයන්ට පෙන්වල දුන්නේ තමාටත් අන් අයටත් කරදරයක් ඇති නොවන ආකාරයට ලෞකික ජීවිතය හසුරුවාගන්නා ආකාරයයි.



    ඇත්තෙන්ම ලෞකික ජීවිතයක් ගත කිරීම ධර්මයේ හැසිරීමට බාධාවක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ ගිහි ශ‍්‍රාවකයන්ට නිරන්තරයෙන් ම අනුශාසනා කළේ අනාගාමී තත්වය දක්වා ම ගිහි ජීවිතය තුළ ධර්ම මාර්ගය දියුණු කිරිමට මහන්සි ගන්න කියලයි. උන්වහන්සෙ වදාළා ගිහි ජීවිතය තුළ දී දෙමව්පියන්ට දරුවෙක් ලැබුණට පස්සෙ ඒ දරුව පුතෙක් නම් ඒ පුතාට කියන්න කිව්ව “මගෙ පුතා, ඔයා චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න ඕනෑ. හත්ථාලවකපුත්ත සිටුතුමා වගේ අනාගාමී ගිහි ශ‍්‍රාවකයෙක් වෙන්න මහන්සි ගන්න ඕන” කියල. දුවෙක් ලැබුණොත් ඒ දුවට කියන්න කිව්ව “මගෙ දුව, ඔයා බුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕනෑ. වේලුකන්ඨකී ගමේ හිටපු නන්ද මාතාව වගේ අනාගාමී ගිහි ශ‍්‍රාවිකාවක් වෙන්න ඕනෑ.” කියල. ඔන්න බුදුරජාණන් වහන්සේ ලෞකික ජීවිත ගතකරන ගිහි ශ‍්‍රාවකයන්ට දීපු අවවාද.



    ඒ නිසා ධර්මයේ හැසිරීමෙන් ලෞකික ජීවිතයට බාධාවක් වෙනව කියන්නෙ කොහොමද?බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගැනීමට වයස් භේදයක් තියෙනවා ද?ධර්මයට අනුකූලව තමන්ගේ චින්තනය මෙහෙයවන්න පුළුවන් ඕනෑ ම කෙනෙකුට ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. ඒකට වයස් භේදයක් නැහැ. බුදුරජාණන් වහන්සෙ ගෙ කාලෙ අවුරුදු හතේ කුඩා දරුවන් පවා රහතන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. හැබැයි “අපිට වැඩ තියෙනවා. දැන් ම බැහැ.” කියල වයසට යනකල් හිටියොත් නම් එයාට ධර්මය දකින්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන්න තියෙන ඉඩ කඩ වැඩියි.



    අපට පේනවා බොහෝ දෙනෙක් තරුණ වයසේදී ගෙවල් දොරවල් වෙනුවෙන් රැකීරක්ෂා වෙනුවෙන් අඹුදරුවන් වෙනුවෙන් මුළු ජීවිතය කාලයම වෙහෙස මහන්සි වෙලා අන්තිමට කායික වශයෙනුත් මානසික වශයෙනුත් දුර්වල වෙලා අසරණ වුණාට පස්සෙ තමයි ධර්මයේ හැසිරෙන්න හිතන්නෙ. නුමුත් ඒ වෙන කොට ඔවුන්ට ධර්මයේ හැසිරෙන්න තරම් මානසික ජවයකුත් නැහැ. කායික ජවයකුත් නැහැ. බොහෝ විට අපට නම් පෙනෙන්නේ වයසට යද්දී පරලොව පිළිබඳ බයකින් විහාරස්ථානවලට ඇදෙනව මිසක් ජීවිතය අවබෝධ කර ගැනීමේ අදහසින් ධර්මය කරා යන බව නම් නොවෙයි. ඒ නිසා වයසට ගිහින් ධර්මයේ හැසිරෙන්නට සිතීම ප‍්‍රතිඵල ලැබීමට බාධාවක් වෙලා

    තියෙනවා.නමුත් යොවුන් වයසේ දී ම තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි ධර්මය කරා පැමිණිලා ධර්මානුකූලව ජීවිතය ගොඩ නගා ගන්න දක්ෂ වුණොත් අර වැඩිහිටියන්ට වඩා වේගයෙන් ධර්මය කරා යන්න පුළුවන්කම තියෙනවා.



    නමුත් යොවුන් වයසේ දී ම තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි ධර්මය කරා පැමිණිලා ධර්මානුකූලව ජීවිතය ගොඩ නගා ගන්න දක්ෂ වුණොත් අර වැඩිහිටියන්ට වඩා වේගයෙන් ධර්මය කරා යන්න පුළුවන්කම තියෙනවා.ඇත්තෙන්ම මේ ලෝකයට සිල්වත් මව්පියන් ගුණවන්ත මව්පියන් අවශ්‍ය නම් බුද්ධිමත් ප‍්‍රඥාවන්ත මව්පියන් අවශ්‍ය නම් රටට වැඩදායක ළමා පරපුරක් අවශ්‍ය නම් තරුණ වයසේ දීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා එන්නට ම ඕන.

    උපුටා ගැනීමකි
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    ඔව්. වයසට ගියාම කල්පනා ශක්තිය දුර්වල වෙනවා. කායික දුර්වලතා, වේදනා නිසා භාවනා කරන්න බැහැ. එතකන් ජීවත්වෙන්න පුළුවන් වෙයිද කවුද දන්නේ