දහවල් නින්ද භයානකයි

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
දහවල් නින්ද භයානකයි

දහවල් නින්ද භයානකයි


sleeping.jpg


එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් සිදු කල පරීක්ෂණයක ප්‍රථිපල වලට අනුව දිවා කාලයේ දී ලබන කෙටිනින්ද, මැදි වයසේ සහ වැඩිමහළු පුද්ගලයන් ගේ මරණය ඉක්මන් කිරීමට හේතු වන බව නිගමනය කර ඇත.වසංගත අධ්‍යයනය සඳහා වන ඇමරිකානු සඟරාවෙහි (American Journal of Epidemiology) මැයි මස කලාපයේ මෙම නව නිගමනය පල කර ඇත.

මෙම පරීක්ෂණය අනුව වයස අව්රුදු 40-79 අතර දිනකට පැයකට අඩු කාලයක් දවල් වරුවේ නිදාගන්නා පුද්ගලයන් වසර 13 ක කාල පරාසයක් තුල එසේ නොවන පුද්ගලයන් ට වඩා මරණයට පත්වීමට සියයට 14% ක වැඩි සම්භාවිතාවයක් පවතී.එසේම කෙටි දිවා නින්දේකාලය දිගු වන තරමට බලපෑම වැඩිවී ඇති බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව දිනකට පැය 1 කට වඩා දිගු කාලයක් දිවාකාලයේ නිදා ගන්නා පුද්ගලයන් එසේ දිවා කාලයේ නිදාගන්නා පුද්ගලයන්ට වඩා පරීක්ෂණ කාලය තුල මියයාමට 32% ක වැඩි අවස්ථාවක් ඇති බව පෙනී ගොස් ඇත.

මෙම පිරීක්ෂණයේ දී පුද්ගලයන් ගේ මරණයන්ට හේතු විය හැකි විවිධ තත්වයන් ද සලකා බලා ඇත. වයස, ස්ත්‍රී පුරුෂ භාවය,උස අනුව බර අනුපාතය,දුම්බීවේද යන බව, ව්‍යායාම ලැබූ ප්‍රමාණයන්,වෙනත් රෝගී තත්වයන්ද සලකා බලා ඇත.

විශේෂයෙන් කෙටි නින්ද ශ්වසන රෝග සමග ඇතිවූ මරණ සමග සම්බන්දතාවයක් දක්වා ඇත.එසේම පරීක්ෂණයට ලක් කල කණ්ඩායමේ වයස අඩු කොටස වන අවරුදු 40-65 අතර පිරිසෙහි කෙටි නින්ද සහ ඉක්මන් මරණය අතර සබඳතාවයක් හමුවී ඇත. ඒ අනුව එම වයස් කාණ්ඩය තුල පුද්ගලයින් අතරින් කෙටි නින්ද ලබන අය එසේ නොවන අය මෙන් දෙගුනයක සම්භාවිතාවයෙන් නිරීක්ෂන කාලය වන වසර 13 තුල මරණයට ලක්වී ඇත.

මෙම කෙටිනින්ද සහ මරණය ඉක්මන් වීම අතර සබඳතාවයට හේතුව තවමත් පැහැදිලි වී නැතැයි පරීක්ෂණ කණ්ඩායම පවසයි. ඇතැම් විට එබඳු දහවල් කෙටි නින්ද ලබන පුද්ගලයන් තමා හඳුනා නොගත් රෝග තත්ව වලින් පෙලීම නිසා එම කෙටි නින්ද වෙත යොමු වනවා වීමටද පුළුවන් බවයි ඔව්න්ගේ මතය.

මේ සම්බන්දව නිස්චිත හේතුවක් ඉදිරිපත් කිරීමට නම් තවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.

මෙම පරීක්ෂණය එංගලන්තය පුරා පුද්ගලයින් 16000 ක් ඔව්න්ගේ කෙටි නින්ද සම්බන්දව ඉදිරපත් කරන ලද ප්‍රශ්න වැලකට පිලිතුරු දීම මගින් සිදුවූ අතර 1998-2000 වසර තුල සිදුකල මෙම මූලික දත්ත එක් රැස් කිරීමෙන් අනතුරුව වසර 13 ක් පුරා ඔව්න්ගේ තත්වය නිරීක්ෂණය කරන ලදී.

කෙසේ වෙතත් ඇතැම් පරීක්ෂණ කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කර ඇති මතය වන්නේ මිනිත්තු 30 කට අඩු කෙටි නින්ද මනුෂ්‍යයන්ට උපකාරී බවයි. කෙසේ වෙතත් මෙම පරීක්ෂනයේ දී මිනිත්තු 30 කට අඩු නින්ද ගැන නිරීක්ෂණය කර නොමැත.

භාධාකාරී නින්ද (Sleep apena) නොහොත් නින්ද අතර හුස්ම කඩින් කඩ නැවතීමේ තත්වය ද මෙලෙස දිවා කාලියේ නිදිමත ඇතිවීමට හේතුවක් වන බව හඳුනාගෙන ඇත. ඒ සේම එබඳු තත්වයක් වසර ගණනාවක් තුලදී නිසැක ලෙසම ඉක්මන් මරණයට ඇති අවස්ථා වැඩි කරවයි.කෙසේ වෙතත් මෙම පරීක්ෂණය තුලින් සෘජුවම මෙම පුද්ගලයන්ට භාධාකාරී නින්දක් පැවතියේ දැයි කිව නොහැකි නමුත් පරීක්ෂණයට ලක්වූ පුද්ගලයන් අතරින් වැඩි “උසට බර අනුපාතයක්“ සහ අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ට මෙබඳු නින්දේ ගැටළු කාරී තත්වයන් ඇතැයි පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉදිරි පරීක්ෂණ වලදී, නින්දේ දී ඇතිවන හුස්ම ගැනිමේ අපහසුතා පිලිබඳ වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, දිනපතා දිවා කාලයේ ගන්නා කෙටි නින්දපුද්ගලයන්ගේ ශාරීරික ගැටළු සමග සම්බන්දතාවයක් ඇත්දැයි සෙවිය යුතු බව පරීක්ෂකයන් වැඩි දුරටත් පවසයි
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    hodai ban ikamn wena eka, 70-80 wenkan leda wewi jiwath wenawata wada. 65n marena eka dahen sampathai.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ ටිකේ ගෙදරට වෙලා නිකන් ඉන්න හින්ද
    මමත් නිදියනවා දවල්ට.
    අවුලක් නෑ මට තාම 21යි නෙ:P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අප්පටසිරි මටත් දවල්ට පොඩි නින්දක් දාන්නැතුව ඉන්නම බෑ ඕයි.