දළදා අෂ්ඨක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,180
    99,838
    113



    https://sugathiyatamaga.lk/?p=148

    මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම්
    තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්`
    සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්`

    සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම්
    පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්`
    සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්`

    ජල නන්දන බල රන්දන මුණි කව්මද වරණම්
    මිණි මන්දද තේවා මුර නිති පුද දෙන සරණම්`
    මර බන්දන නැසු පවරැති ගොයුමානං වරණම්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ ප්‍රණමාමිත සරණම්`

    සුව චන්දන තුවරල් ගඳ විලවුන් හැම පුදන්ම්
    වැසි කැන්දන සිරිසෙත දෙන උත්තම මුණි වරණම්`
    දිසි සඳකැන් සේ රශ්මිත සිරි සෝභිත කිරණම්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්`

    අංගීරස සිල් ගුණදර තපසින් පිරි අභිමන්
    ලුම්බිණි මහ සල් වන මැද මායා මව් කුසනම්`
    වැඩි සෝබන මහ බෝසත් රදනක සිරි පවසම්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි පූජිත කරණම්`

    ගිරි මේඛල වර ගජිඳුන් පිට වසවත් පැමිණෙන්
    වජිරාසන මහ බෝ මැඩ නිර්භය අප මුණිනම්`
    කම්පිත කර ධරනී මව පලවා හැම මරසෙන්
    ශ්‍රී සම්බුදු දළඳ සඳ අභිවන්දන කරනම්`

    සත් සාගර මහමෙර ගිරි දෙදරා පැන නැගෙනම්
    කුසිනාරා උපවත්තන සුන්දර සල් වන නම්`
    පරි නිබ්බන වැඩි ගෞතම සිදුහත් මහ මුණිනම්
    ශ්‍රී සම්බුදු දළඳා සඳ ප්‍රණමාමිත සරණම්`

    සිරි සිංහල ලංකාපුර මහ රජ වර අභිදං
    සිරි ගෞතම සාසන වර අති පූජිත නිමලං`
    පන් සහසක වස් තෙද බල පතුරා වැඩ හිඳනම්
    ශ්‍රී සම්බුදු දාඨා මුණි ප්‍රණමාමිත සරණම්.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,599
    1
    57,722
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරි කැන්දන
    Naughty Dog GIF
     
    • Haha
    Reactions: clumsyhulk