මචන්... ඉඳල හිටලා නුවරට එන එකෙකුට වැව රව්මේ යන එක වින්දනයක් උනාට, අපි උදේ හවස ඔකේ යන නිසා දන්නේ වැව රව්මේ යන වින්දනේ.... ඇති වෙලා තියෙන්නේ..... උඹල දන්නවද, බුවෙලිකඩ ඉඳන් නුවරට එන්න උදේට විනාඩි 45ක් යනවා... සමහර විට ඊටත් වැඩ වැඩි වෙනවා... පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්..... අපි මේ දුක විඳින නිසයි මෙච්චර මේ පාර අරින්න උත්සහ කරන්නේ...
මල්වතු හාමුදුරුවෝ මේ පාර අරින්න කැමතියි... "බුදුහාමුදුරුවෝ වැඩහිටියත් දේශනා කරයි මේ පර ඇරලා මිනිසුන්න පහසුව සලසන්න කියලා...." මල්වතු හාමුදුරුවෝ කලින් කියල තිබ්බ . මොකද උන්නාන්සේත් මේ traffic එකේ ඇවිල්ල තමයි මාලිගාවට එන්න වෙලා තියෙන්නේ.
හැබැයි අස්ගිරි හමුදුරුවොන්ට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අස්ගිරියේ ඉඳන් මාලිගාවට එද්දී වැව පැත්තට එන්න අවශ්‍ය නැති නිසා. එකයි උන්නාන්සේ විරුද්ද....
අනික කොටි බෝම්බ ලොරිය අවේ ඔය වහල තියෙන පැත්තෙන් නෙවෙයි. ධර්මරාජ පරණ ප්ර්යිමරිය පැත්තෙන්.
මගේ අදහස ඔය පාර දෙපැත්තේ අඩි 10" විතර උසට වැටක් ගහන්න ඕනේ. (කලිනුත් එහෙම තිබ්බ. දැනටත් වැව පැත්තේ තයෙනවා... ඊට පස්සේ පර අරින්න ඕනේ. ඔය කොටසේ යන වාහන නවත්තන්න / හොර්න් ගහන්න තහනම් කරන්න ඕනේ.
මම පොඩි දවස්වල ගිය වාහන වලට වැඩ දැන් වාහන සද්දේ අඩුයි... ඉස්සර ඔය පාර විතරක් නෙවෙයි, මාලිගාව ඉස්සරහ පාරත් ඇරලා සාමාන්‍ය වාහන වලට යන්න දුන්න. ඒත් මාලිගාව ඇතුලට ඒවා ඇහුනේ නැහැ. මම හිතන්නේ නැහැ වාහන සද්දේ මාලිගාව වඳින අයට ඇහෙයි කියලා......
එත් එක්කම. අද මේ පාර අරින්න කියල ධර්මරාජ උඩ ඉස්කෝලේ ගාව බුවෙලිකඩ 12.00ට උද්ගෝෂණයක් තියෙනවා... පුළුවන් නම් එන්න....