දළදා මාළිගාවත් “කාල්ටන්” වෙයිද ?

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    දළදා මාළිගාවත් “කාල්ටන්” වෙයිද ?

    මෙහෙම ගියොත් දළදා මාළිගාවත් “කාල්ටන්” වෙයිද ?

    මේ වන විට ඔබ අතර බොහෝ දෙනෙක් දන්නා පරිදි බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා මැදුරේ අධීක්ෂණයෙන් කුණ්ඩසාලේ පිහිටා ඇති, ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය කිතුණු බල අධිකාරියක අත කොළුවක් වී තිබේ. මේ ආයතනයේ ආරම්භක අරමුණ වූයේ බෞද්ධ භික්ෂූන්ට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් බෞද්ධ දර්ශනය ඉගැන්වීමයි. එහෙත් දැනට සිදු වී ඇති දේ වන්නේ මෙම ආයතනය තුළට නෝවීජියානුවන්ගේ ආක‍්‍රමණයක පසු බිමේ කිතුණු ආගම රෝපණය වීමයි. මෙහි ක‍්‍රියාත්මක වන කාල්ටන් පෙර පාසලේ පසුබිම හැඩ තල අතර. ජනප‍්‍රිය හා සංකර කාටුන් චරිතත්, කිතුණු ආගමික පරිසරයකුත්, කාවද්දා තිබේ. තායිලන්තයේ චූලාලංකාර විශ්ව විද්‍යාලයේ ආධාරය හා දළදා මාළිගාවේ මග පෙන්වීම යටතේ බෞද්ධ අධ්‍යාපනය සදහා සාදා දුන් ගොඩනැගිල්ල සපුරා කිතුණු දේවස්ථානයක් බවට පත්වී ඇත. අවාසනාවක මහත නම් පෙර පාසල තුළ තිබු බුදු පිළිමයද ප‍්‍රසිද්ධියේ ඉවත් කොට ජේසුස් ක‍්‍රිස්තූන්ගෙ රූපයන් තබා ඇත. මේ රටේ අපට ඇති එකම උරුමය අපේ ජාතික පෞරුෂයත් බෞද්ධ ආගමේ නිර්මල පැවත්මත් පමණි. ඒ උරුමයන් රැකගන්නට පැරණි විරුවෝ සිය ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතද පිදූහ. එසේ වූ කලී සිදුවෙමින් පවතින දරුණු කිතුණු ආක‍්‍රමණයට ගැති වී‍ දේශපානකි ගතික වී නිහඩව සිටීම ඔබේ ආත්ම ගරුත්වයට එතරම් නොවේ. කරුණාකර මේ බෞද්ධ විරෝධි හා නිහීත ආක‍්‍රමණය නවතා මේ ආයතනය හුදු බෞද්ධ ආයතනයක් බවට පත් කර ගැනීමට පෙරමුණ ගන්නා මෙන් ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් ඉතා ඉක්මණින් දළදා මාළිගාවත් කාල්ටන් වේවි.
    දියවඩන නිළමේ තුමාගේ අනු දැනුම යටතේ සිදුවන මෙම සිදුවීම්ද, මෙහි අධ්‍යාපනය ලබන අහිංසක භික්ෂූන් හා දූ දරුවන්ගේ අනාගතය ගැන අප බොහෝ කල් බලා සිටි අතර ඒ පිළිබදව ජාතික හා ජාත්‍යන්තරව සියල්ල දැනුවත් කරමින් සිටින බවද අකමැත්තෙන් උවද ප‍්‍රකාශ කරමු.


    a-16-300x225.jpg


    a-4-300x225.jpg


    a-8-300x206.jpg


    a-101-300x205.jpg


    a-7-300x214.jpg


    a-2-300x225.jpg


    a-3-300x220.jpg