පාර්ලිමේන්තුවේදී අද හා හෙට දිනවල විවාදයට ගන්නා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාවක් පැවැත් වී ඇත.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ විසිදෙවෙනි සංශෝධනයට සහායදීම විහිළුවක් වන බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් රැසක් ඊට විරුද්ධව ඡුන්දය දෙන බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස එක්ව තීරණය ගැනීම සුදුසු බව ය.