ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

Wal Bada

Well-known member
  • ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    (Voice in Colombo අඩවියේ වූ ලිපියක අනුවර්තනයකි. උක්ත ලිපියේ කතුවරයාට Wal Bada ස්තූතිය පළ කරයි)

    සරත් ෆොන්සේකා මහතා යුධ වීරයකු බව මවිසින් පසු ගිය බ්ලොග් සටහන් වලදී ඉදිරිපත් කරන ලදි. ඔහු බොහෝ කාලයක් යනතුරුත් එසේ සලකනු ඇතැයි මම සිතමි. ඔහුට දේශද්‍රෝහී ලේබලය ඇලවිය යුත්තේ ඔහු එබඳු ක්‍රියා වල නිරත වනවා නම් පමණක් බවද පැහැදිලි කර දෙන ලදී. මෙතෙක් කල් මා සිතා සිටියේ ඔහු එවැනි කිසිදු ක්‍රියාවක නිරත නොවනු ඇති බවයි. නමුත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහී පට්ටම ගසා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙනු දකින්නට ලැබීම දුකට කරුණකි. ඉරිදා ටයිම්ස් පුවත් පත සමග සාකච්ඡාවක යෙදෙන සරත් ෆොන්සේකා මහතා එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක පුලිදේවන් හා නඩේසන් මරා දැමීමට බ්‍රිගාඩියර් ශවීන්ද්‍ර සිල්වා මහතාට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව කියා සිටියි. (රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත). ඔහු කියන්නට උත්සාහ කරන්නේ මෙය ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් "වැරදි" තීරණයක් බවද? එනිසා රාජපක්ෂලාට ඡන්දය නොදිය යුතු බවක්ද?

    යුධ ජයග්‍රහණය බොහෝදෙනා ගේ සාමූහික ප්‍රයත්නයකි. එයට දේශපාලන නායකත්වයක්, හමුදා නායක්ත්වයක් හා සිවිල් සේවාවන් හි අනුග්‍රහයද නොමඳව ලැබිණි. එබැවින් යුද්ධයේදී සිදුවූ අකටයුතුකම් වෙතොත් ඒවාද එලෙසම බෙදී යායුතු වෙයි. ෆොන්සේකා මහතා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මැරීමට හදනවා වත් දැයි සැකයක් මතුවේ. රටේ නායකයා ලෙස යුද්ධයේ සිදුවූ යම් ප්‍රශ්නකාරී මෙහෙයුම් වෙතොත් එහි වගකීම තමා බාර ගනන්වා මිස ඒවා හමුදා ප්‍රධානීන් මත නොපටවන බව ජනපතිතුමා පවසා ඇත. එනිසා තමන් කොයි අතිනුත් ගොඩ යැයි ෆොන්සේකා මහතා සිතනවා විය හැකිය. එසේම බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා යනු උතුරු දිග මෙහෙයුමේ වඩාතම කැපී පෙණුනු සෙන්පතියා වන අතර ඒ හේතුව නිසාම ඔහු හා ෆොන්සේකා මහතා අතර විරසකයක් ඇති බව කණින් කොණින් කියැවේ. වෙඩිල්ල හරියට පත්තු වුවහොත් එක්කෝ මහින්ද රාජපක්ෂ මහතා ගස් ය. මහින්ද ලිස්සුවොත් බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා මහතා ගස් ය. කොතනින් හෝ ෆොන්සේකා මහතාට වනුයේ වාසියකි.

    පුලිදේවන් හා නඩේසන් යනු ආයුධ දරා සිටි ත්‍රස්තයන් දෙදෙනෙකි. ඔවුන් දැන සිටියේ උණ්ඩයෙන් කතා කිරීම පමණි. එනිසා ඔවුන්ට උණ්ඩයෙන්ම උත්තර බඳීමට සිදු විය. එහි කිසිම වරදක් නොමැත. නමුත් එය වැරදි ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමෙන් ෆොන්සේකා මහතා කිරීමට උත්සාහ කරන්නේ ලොව පුරා සිටින මානව හිමිකම් දඩබල්ලන් වෙත මස්කටු විසි කිරීමකි. උසි ගැන්වීමකි. එමගින් ඔහු කරනුයේ යුද්ධයේ සාමූහික වගකීම උල්ලංඝනය කරමින්, එහි අනිටු ප්‍රතිඵල (ලෙස ඔහු අර්ථ දක්වන) ගැන වගකීම කිහිප දෙනෙකුගේ ගිණුමට පමණක් බැර කිරීමයි. කෙටියෙන්ම කිවහොත් ෆොන්සේකා මහතා කරන්නේ බටහිර රටවල් හා සංවිධානයන් සතුටු කිරීමට සිය ඉහළ නිළධාරීන් හා තමන්ගේ වෘත්තීය සගයන් බිල්ලට දීමයි. ඔවුන්ට පිටු පෑමයි. මෙය ඔහු වැන්නෙකුට කොතරම් ලජ්ජා සහගතද? (අනෙක් අතට තමන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී උන් සමග අත් අල්ලාගෙන සිටින නිසා ෆොන්සේකා මහතාගෙ ලැජ්ජා අවයවය හැලී ගියාදැයි අපි නොදනිමු. මෙතෙක් කල සැකයේ වාසිය ඔහුට දී තිබූ මුත් දැන් නම් එය හැලී ඇති බව පැහැදිලිය)

    ෆොන්සේකා මහතාණෙනි ඇතිවී ඇති තත්වය කණගාටුදායකය. ඔබ වීරයෙක් වූයෙ හතළිස් වසරක අප්‍රමාණ මහන්සියෙනි. නමුත් ඔබ ඊටත් වඩා මහන්සියක් දරා ද්‍රෝහියකු වීමට උත්සාහ කරනු පෙනේ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා තීරණය කිරීම අතර ඇත්තේ , සුලු ඉඩ ප්‍රමාණයකි , හරියට ආදරය සහ වෛරය ඇතිවීම මෙනි , අවුරුදු 40 පුරා යුධ බිමේ සිටිමින් වීරයෙක් වූ , ඉදිරියටත් ඉතිහාස පොතේ වීරයෙක් වීමට සිටි ෆෝන්සේකා , එක් විනාඩි කීපයකින් ද්‍රෝහියෙක් වී අවසන්ය..
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ෆොන්සේකා මහතා තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීම ඉතාමත් සෝචනීය තත්වයකි
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    hondatama pahadili anger hatred ekath ekka political inexperience eka ekathu wumanahama mokada wenne kiyala,
    SF ta niyama jathika weerayek wage marenna thiyena chance eka nathi karagena yanawa.
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    ෆොන්සේකා මහතාණෙනි ඇතිවී ඇති තත්වය කණගාටුදායකය. ඔබ වීරයෙක් වූයෙ හතළිස් වසරක අප්‍රමාණ මහන්සියෙනි. නමුත් ඔබ ඊටත් වඩා මහන්සියක් දරා ද්‍රෝහියකු වීමට උත්සාහ කරනු පෙනේ.

    :yes::yes::baffled::oo::(:dull:
     
    ෆොන්සේකා මහතා තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීම ඉතාමත් සෝචනීය තත්වයකි
    :(:(:frown::frown::yes::yes::angry::angry:


    දේශප්‍රේමියකු වීමට ඔබ සියලු දෑ කැපකරන්නට ඇත... මහත් වූ කාලයක්ද , මහත් වූ ශ්‍රමයක්ද මේ අතර මුල්තැන ගනිතැය මට සිතේ....
    නමුදු එක අදූරදර්ශී තීරනයක් නිසා එක ශන්යකින් ඔබ දේශද්‍රොහී ලේබලය අලවාගන අවසන්ය....
    යම් වීරයකුගේ චරිතයේ මළගමක් ළඟ ළඟම පැමිනේ...
    කවුරු පැමිණියත් රටට යම වැඩක් කල චරිතයක් පස් යට වැලැලීයයි... මෙය වලකා ලිය නොහැක...
    :sorry::sorry:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    Sarath Fonseka kohomada katak erala kiyanne
    Gatabhaya thuma
    yatathwena LTTE karayanta wedi thiyanna kiwwa kiyala.
    mr_030909_05.jpg

    Menna mehemayi api
    yatathwena LTTE kaarayanta salakanne.
    Api eyaalata
    Sarath Fonsekatath wediya hondata salakanawa.
    Sarath Fonseka eka danne nedda?

    Loke wena monama ratakawath
    DESHADROHIE thrasthawaadinta me wage salakanawada.?


    Sarath Fonsekage deshadrohie prakaashaya boru bawata thawath saakki monawatada?.
    :lol:
    mr_030909_03.jpg

    mr_030909_04.jpg

    610x.jpg

    mr_030909_06.jpg

    d7c87d2662e95c8e99213ddef8e6bcd5.jpg

    president%20rajapaksa%20with%20pillaiyan.jpg

    pillaiyaan.jpg

    mahi-pillayan-150x150.jpg


     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    Sarath Fonseka is none but a muppet. He has no clue nor incentive to be in politics, specially challenge the President whome he tool orders from just a few months ago. Sarath Fonseka now runs a proxy created by some other scavengers in the Political field.

    Sarath Fonseka's advertising campaign has been strong enough to deceive many into something which may simply remain a fairy tale a mother dictates to her child, trying to put him into sleep.

    If Sarath Fonseka is elected as president, what the country and its people have been fighting for will be simply allowed to win.

    I wonder how Sri Lankans could be utterly foolish. Is it the water that they drink? Why dint they learn to think?

    I do not see any good in the people who follow Mahinda Rajapaksha too, they do it simply out of another emotional and unprecedented outburst of 'love for the country' . I doubt if any of them do follow him out of shear understanding.

    However, the country has only two choices, SF and the MR.
     
    • Like
    Reactions: sudunone

    Wal Bada

    Well-known member
  • වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.

    මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    සන්ඩේ ලීඩර් වෙන්න ඕන නේද?
    මං හිතන්නේ නම් ප්‍රකාශය විකෘති කිරීමක්
    මං හිතන්නේ සන්ඩේ ලීඩර් කියන්නේ අමන පත්තරය අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න ජෙනරාල්ව යොදාගන්නවා ..
    ලංකාවේ මාධ්‍ය යනු බත් පැකට් එකට කෑ ගැසීමයි:baffled:රජයේ මාධ්‍ය වුවද ස්වාධීන යැයි කියාගන්නා මාධ්‍ය වුවද
    වැඩේ කියන්නේ ජෙනරාල් මේ ප්‍රකාශය ගැන නිදහසට කරුණු දක්වලා තියෙන්නේ BBC එකට නෙවෙයි lankaenews එකට ඒක ඊට වඩා කොටින්ට පශ්චාත් භාගය පෙන්වූ සයිට් එකක්
    :baffled: