දාගැබ් 61ක් සහිත - කදුරුගොඩ විහාරය 🙏☸️ (Kadurugoda Viharaya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දාගැබ් 61ක් සහිත - කදුරුගොඩ විහාරය 🙏☸️ (Kadurugoda Viharaya) - Your Choice Way
    අද අපේ කතාව යාපනයේ තියෙන බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් කිව්වොත් වඩාත් නිවැරදී... එය නමින් කදුරුගොඩ විහාරයයි..

    එහි ස්වභාවය අනුව ඔබට මේ විහාරයේ වටිනාකම නම් අදින් පස්සේ ඔයාලට අමතක වෙන එකක් නෑ...

    සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි අංකුරය වැඩමකරද්දී, මෙරටට වැඩම කළ බව කියන රහතන් වහන්සේලා හැට නමක් වැඩසිට අපවත්වූ බව කියන විහාරය මෙය බව විශ්වාස කරනවා..

    මෙම විහාර භූමියේ විශේෂත්වය වන්නේ ලංකාවේ වෙනත් කිසිම තැනක දක්නට නොමැති ආකාරයෙන් එකම ආකෘතියකට විවිධ ප්‍රමාණයේ කුඩා දාගැබ් රාශියක් එකලඟ ගොඩනගා තිබීමයි....

    මේ දාගැබ් මෙහිදී අපවත්වූ රහතන් වහන්සේලා හැට නමගේ ධාතු නිදන්කොට තැනු ඒවා බවට විශ්වාසයක් තිබෙනවා..

    කුඩා දාගැබ් 61 ක් පමණ දක්නට මේ භූමියේ පවතිනවා..මෙය ජාවා ආභාසය ඇතිව කළ නිර්මාණයක්දැයි සැකයක් ද පවතින බව සදහන් වේ.. ඒ වගේම වසර 2000කට පෙර තමා මේ ඉදිකිරීම් සිදුකරලා තියෙන්නේ...

    යාපනය දිස්ත්‍රික්කයේ හුණුගම තමා මේ විහාරය පිහිටලා තියෙන්නේ.මෙහි ඇති විශාල දාගැබ වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නට ඇති බව කියවෙනවා... විවිධ ප්‍රමාණයේ දාගැබ් ඉදිකිරීමට හේතුව වන්නේ රහතන් වහන්සේලාගේ ජෙෂ්ඨත්වය අනුව බවයි විශ්වාස කෙරෙන්නේ...

    මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 – 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් ලෙස මෙම කදුරුගොඩ විහාරය හදුනාගත් බවත් සදහන් වේ...

    විහාර හා පුදබිම් නාමාවලිය වන “නම් පොත” හෙවත් “විහාර අස්නෙ”හි විස්තරය අනුව මේ පාචීනාරාමය ලෙස සදහන්ව ඇත්තේ අද කදුරුගොඩ විහාරය බව හඳුනාගෙන තිබෙනවා...

    මෙම පරිශ්‍රයෙන් සොයාගත් ටැම් ලිපියකට අනුව 4 වැනි කාශ්‍යප රජු මෙම විහාරය වෙත කරන ලද ප්‍රදානයන් පිළිබඳව සඳහන් කොට තිබෙන බව කියවෙනවා...

    එමෙන්ම පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුන්ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බවට තොරතුරු හමුව තිබෙනවා..

    අපි යාපනේ ගියාම ගොඩක් වෙලාවට යන්නේ නාගදීපේ තමා ඒත් බලන්න අපිට මගහැරෙන තැන් කොච්චර තියෙනව ද....

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa
    1629589737282.png