රහස් උමගෙන් මතු වූ අපූරුවිහාරය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ ස්ථානය ගැන දන්නවද?

    මෙම ස්ථානය උමගක් යනුවෙන් මුල් කාලිනව හදුන්වනු ලැබුවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෑතකාලිනව සිදු කළ කැණීම්වලදී සොයාගනු ලැබු පුරාවිද්‍යා සාධක අනුව මෙම පරිශ්‍රය පැරණි විහාරාරාමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
    මෙම රූප පෙලෙහි දැක්වෙන කබොක් පාෂාණයෙන් නිර්මිත ගොඩනැගිල්ල තුළ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ගොඩනැගිල්ලේ වහලය ලෙස දක්නට ලැබෙන ඉහළ කොටස ද පිහිටි කබොක් පාෂාණයෙන් ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වහලයට ආධාරකයක් විදියට ගොඩනැගිල්ල මධ්‍යයේ කබොක් ගල කපා සෑදු කණුවක් දක්නට හැකි වීමත් ගොඩනැගිල්ලේ එක් විශේෂත්වයක්. ඊට යාබදව කබොකින් නිර්මාණය කළ අඩි 10ක් පමණ විශ්කම්භයෙන් යුතු කුඩා දා ගැබක් ද දක්නට හැකියි.
    විශේෂයෙන්ම කෝට්ටේ ප්‍රදේශය ජනාවාසකරණයට ලක් වීමත් සමග ශේෂව තිබු කෝට්ටේ රාජධානියට අයත් පෞරාණික ස්ථාන, ස්මාරක රැසක් විනාශ වූ බව නොරහසක්. ඒ නිසා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් කෝට්ටේ ඉතිහාසය ගොඩනැංවීම වර්තමානයේ අති දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. කෝට්ටේ සංචාරය කරන කෙනෙකුට දක්නට ලැබෙන පුරාවිද්‍යා ස්ථාන සීමිත ප්‍රමාණයක් විතරයි අද තියෙන්නේ. ඒවා අතරින් දැනට ශේෂව පවතින සුවිශේෂී ස්ථානයක් විදියට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පිහිටි මෙම ස්ථානය හදුන්වන්න පුලුවන්.

    Last edited:

    AnuradhaRa

    Well-known member
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අර රාවනා හොයාගෙන ගියේ බණ්ඩාරවෙල ගුල් අස්සෙ? ඒවගේද
    මේකත් බන් ඉස්සර හිතන් ඉඳල තියෙන්නේ ඔය වගේ ගුහා සංකීර්ණයක් කියල.
    කැනීම් කරලා මේ පන්සල හොයා ගන්න කම් හිතාගෙන ඉඳල තියෙන්නේ කිලිමිටර් ගණනාවකට විහිදෙන උමං සංකීර්ණයක් කියල.

    මේ තියෙන්නේ විස්තරක්.

    පෙර රජ දවස නිර්මාණය කරන ලද කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාල විදුහල් භූමියේ පිහිටි ඓතිහාසික උමං දොරටුවේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෝට්‌ටේ මහනගර සභාව ඒකාබද්ධව ඊයේ (10 දා) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්‌ටේ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ සංවිධානයෙන් එම උත්සව කටයුතු පවත්වන ලදී.

    ඓතිහාසික කෝට්‌ටේ රාජධානියේ පැවැති ශ්‍රී විභූතිය අනාගත පරපුරට දැකබලා ගත හැකි වන පිණිස නගරාධිපතිවරයාගේ සංකල්පයකට අනුව කෝට්‌ටේ ඓතිහාසික ස්‌ථාන සංරක්‍ෂණය කිරීමේ වැඩ පිළියෙළ යටතේ මෙම කැණීම් කටයුතු ඊයේ ආරම්භ කරන ලදී.

    මෙම අවස්‌ථාවට අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් සෙනරත් දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් අධ්‍යක්‍ෂක කර්නල් පරාක්‍රම රන්දෙණිය, කෝට්‌ටේ නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු රැසක්‌ සහභාගි වූහ.

    උමං මග සඳහා දෙපසින් උමං දොරටු දෙකක්‌ තිබූ බවට සලකුණු තිබෙන එම උමං මගේ එක්‌ ඇතුළු දොරටුවක්‌ ඉහළින් මකර තොරණක්‌ නෙළා තිබෙන අතර දැනට ක්‍ෂයවී ඇති මකර තොරණ අදත් පැහැදිලිව දැක ගත හැකි අතර අනෙක්‌ ඇතුළු දොරටුවේ සිංහ පාදයක ලකුණ දකින්නට තිබේ.

    කෝට්‌ටේ රජ දවස කොළඹ කොටුවේ පෘතුගීසීන්ගේ ග්‍රහනයේ සිටි මායා දුන්නේ කුමාරයා බේරාගැනීම සඳහා මෙම උමග කොළඹ පෘතුගීසි බල කොටුව දක්‌වා කැපූ බවට ඇතැම් ඉතිහාසගත සාහිත්‍ය වාර්තා දක්‌වන අතර උමං මග අභ්‍යන්තරයේ විවිධ දිසාවන්ට බෙදී යන උමං මාර්ගයන් ඇති බවක්‌ද ජනවහරේ සඳහන් වේ.

    ජනවහරට අනුව රජුගේ අන්තඃපුරය වත්මන් මිරිහාන ප්‍රදේශයේ පිහිටි බවත් එම ස්‌ථානය වෙත පෙර රජදරුවන් රහසිගතව ගමන් කළේ මෙම උමග තුළින් බවටත් මතයක්‌ පවතින අතර, එදා මිහිරි යහන ලෙස හැඳින්වූ එම ස්‌ථානය පැවති පෙදෙස අද "මිරිහාන" ලෙස පරිවර්තනය වූ බවද ජනවහරේ සඳහන්වේ.

    උමං මගේ කැණීම් කටයුතුවල ආරම්භක අවස්‌ථාවට සහභාගි වූ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා අනාගත පරපුර වෙනුවෙන් කෝට්‌ටේ නගරාධිපති ජනක රණවක මහතාගේ අදහසකට අනුව ආරම්භ කළ මෙම වැඩ පිළිවෙලට තම අමත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව උත්සව සභාව අමතමින් පවසා සිටියේය.

    පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්, කෝට්‌ටේ නගරාධිපති ජනක රණවන යන මහත්වරු ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

    මේකෙ භික්ෂූන් භාවනා කරා කියල සාක්ෂි තියෙනවද?
    සාක්ෂි නෑ.
    අනුමාන කරනවා ඇති.​
     
    • Love
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,390
    113
    මැදමහනුවර

    කියන්න කම්මැලි 🥱